දැන් සමහරුන්ට මතක් වෙලා තියෙනවා ජෙනරාල් ෆොන්සේකා හිරේ දාන කොට නොතිබුණු කරුණාවක් !






ජාතිවාදියා;17711000 said:ජනතාව ජය ගෙන තිබේ. ජයග්‍රාහකයා පරාජිතයා පීඩාවට ලක් නොකළ යුතු නමුත් අහිංසකයන් ඝාතනය කළ මිනීමරුවන්ට සහ ජාතික ධනය මංකොල්ලා කෑ චෞරයන්ට සමාවක් දිය යුතු නැත.
Ado me Mahindaya horakam kala madiwata rata watema patawu gahala. Balapanko moo piyanani kiya kiya Thatta paraduna dukata adana hati.View attachment 57236
නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.
තෙරුවන් සරණයි !