MR රාජකීය වාහන පිස්සෙක්
වසර හතරක් තුළ ජනපතිගේ වාහන සංචිතය රුපියල් කෝටි 3 සිට කෝටි 241ට නගී
දේශීය 2010 අගෝස්තු 31 වෙනි අඟහරුවාදා, 11:39
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා 2005 වර්ෂයේ තේරීපත්වන වට ජනපතිවරයා වෙනුවෙන් තිබූ වාහනවල වටිනාකම රු.30,910,000කි. එය 2009 වන විට (රු.දෙසිය හතළිස් එක්කෝටි තුන් ලක්ෂ හතළිස්හයදහස) රු. 2,410,346,000 දක්වා වැඩි වී ඇත. මේ අනුව පසුගිය සිව් වසර තුළ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් 2,379,436,000/- (දෙසිය තිස්හත් කෝටි අනූ හතර ලක්ෂ තිස් හය දහසක) වාහන සංචිතයක් පවත්වාගෙන ගොස් ඇත. ජනාධිපතිවරයාගේ වාහන සංචිතය වෙනුවෙන් වියදම් දරා ඇති අයුරු පහත පළවේ.
2005 (වසර අවසන් වන විට) රු. 30,910,000/-
2006 දී මිලට ගැනුම් රු.1290,899,000/-
2007 දී මිලට ගැනුම් රු.11,095,000/-
2008 දී මිලට ගැනුම් රු.903,943,000/-
2009 දී මිලට ගැනුම් රු.173,499,000/-
මෙම තොරතුරු හෙළිවන්නේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ 2009 වාර්ෂික වාර්තාවෙනි.
එම වාර්තාවට අනුව 2009 වසර තුළ දී අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවලට මිල දී ගෙන තිබෙන වාහනවල මුළු වටිනාකම රු. 4,967,532,000/- (හාරසිය අනූහය කෝටි හැත්තෑපන්ලක්ෂ තිස් දෙදහස) කි.
පසුගිය 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තුවට රු. කෝටි හයක වාහන මිල දී ගැනීම සඳහා තවත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි. එයින් වාහන 12ක් මිලට ගැනීමට අපේක්ෂා කෙරේ. අය-වැය ප්‍රතිපාදන ඉක්මවා යමින් වැඩි මුදලක් වෙන්කර මෙම වාහන මිලට ගැනීම සිදු කෙරේ.
ජනාධිපතිවරයාගේ වාහන සංචිතයේ වටිනාකම රු. කෝටි 51කින් නවත්වාගත හැකි වූයේ නම් ඉතිරිවන රු. කෝටි 190 යොදවා ඉපලෝගම රණවිරු ගම්මානය වැනි රණවිරු ගම්මාන රැසක නිවාස නිමකළ හැකිව තිබිණි.