ආයේ කවමදාකවත් උදේ පාන්දර නැගිටලා නිදි විකාරෙං තාත්තට බොන්න කිරි එක හදාගෙන, තාත්තා කන්න ආසම ආසා සයිවර් හොද්ද එක්ක රතු ඉඳිආප්ප අරගෙන උදේ 6 වෙනකොට කලුබෝවිල ඉස්පිරිතාලෙට මට යන්න මට පුළුවන් කමක් නෑ. ආයේ කවම කවදාකවත් කෝට්ටේ හන්දියේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් බිත්තර රෝල්ස් අරගෙන දවල් දහයට විතර කන්න තව මොනවා හරි අරගෙන, කියවන්න ලංකාදීප පත්තරෙත් අරගෙන තාත්තාව බලන්න මහරගම යන්න වෙන්නේ නෑ. මම බලන්න එන්න කලින් මූනකට සෝදලා අලුත් ශර්ට් එකක් ඇඳලා ඇඳේ විට්ටමට හේත්තුවෙලා වාට්ටුවේ දොර දිහා බලන් ඉන්න කෙනෙක් නෑ. හවස ඔෆිස් එකෙන් කලින් පැනලා රෑට කන්න ආප්පත් අරගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා බලලා එන්න කෙනෙක් මට අදින් පස්සේ නෑ. නිවාඩු දවස් වලට ලඟ ඉඳන් බලා ගන්න, දවසට තුන් පාරක් ඉස්පිරිතාලේ ගිහිල්ලා බලලා එන්න තාත්තා කෙනෙක් අදින් පස්සේ මට නෑ. වාට්ටුවෙන් එලෝනකන් ලඟට වෙලා කතා කර කර ඉන්න තාත්තා කෙනෙක් මට අදින් පස්සේ නෑ. දොස්තරලගේ පස්සෙන් දුවලා තාත්තගේ විස්ථර අහන්න ආයේ කවමදාකවත් මට පුළුවන් කමක් නෑ.
Dad... I Miss You!

