රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් සහ ඔහුගේ හිටපු කේජීබී සංවිධාන සගයන් නැගෙනහිර ජර්මනයේ පිහිටුවා තිබූ කේජීබී සංවිධාන මූලස්ථානයේ ප්‍රධානියාව සිටි දැනට 90 හැවිරිදි වියේ පසුවන ලසාර් මැට්වීව් හමුවන්නට ගියහ.පුටීන් සමග මෙම ගමනට එක්වූ අනෙක් දෙදෙනා වූයේ ඔහු සමග නැගෙනහිර ජර්මනියේ බුද්ධි අංශ සාමාජිකයින් ලෙස සේවය කල සර්ගෙයි චෙමෙසෝව් සහ නිකොලායි ටොකරෙව් යන අයයි.
පුටීන්ගේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා ලසාර් මැට්වීව් 2017 මැයි 8 දා 90 වන වියට පා තැබීය.ඔහු ජීවත් වන්නේ නැගෙනහිර මොස්කව් හි නගරයේය.
රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් සහ ලසාර් මැට්වීව්
පුටීන් ඇතුලු පිරිසගේ පැමිණීම ඔහුව විශ්මයට පත් කලේය.නිවසේ දොර විවර කරන විට ඔහු දකින්නේ කලක් තමන් යටතේ සේවය කල දැන් රුසියාව ජනාධිපතිවරයා වන විලැඩ්මීර් පුටීන්ය.
තම හිටපු ප්‍රධානියාට තෑග්ගක් ලෙස පුටීන් අත් ඔරලෝසුවක් රැගෙන ගොස් තිබිණි.ඔහු එය නිලධාරියෙක්ගේ ත්‍යාගයක් ලෙස හඳුන්වා දුන්නේය.ඊට අමතරව Pravda පුවත්පතේ 1927 වර්ෂයේ මුද්‍රණය කල පිටපතක්ද ගෙන ගොස් තිබිණි.එහි තිබූ විශේෂත්වය වූයේ උපන් වර්ෂය 1927 වීමයි.
සිව්දෙනා ඉන්පසු වාඩී වී ලසාර් මැට්වීව්ගේ උපන්දිනය සමරන්නට සූදානම් වූ අතර තම හිටපු ප්‍රධානියා රුසියාවේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් දායකත්වය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නටද පුටීන් අමතක නොකලේය.සමහර මූලාශ්‍රවලට අනුව 90 හැවිරිදි මැට්වීව් මහතා අවුරුදු 20කට වැඩි කාලයක් රුසියාවෙන් පිටත සේවය කර තිබේ.1980 දශකයේදී ඔහු විසින් නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරයේ කේජීබී මූලස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කල අතර ඔහු යටතේ පුටීන් , සර්ගෙයි චෙමෙසෝව් සහ නිකොලායි ටොකරෙව් සේවය කර තිබේ.
Pravda පුවත්පතේ 1927 වර්ෂයේ පිටපතක් මැට්වීව්ට පෙන්වන පුටීන් සහ සර්ගෙයි චෙමෙසෝව්(වම්පස)
ඔහුට පැවරී තිබුණේ කේජීබී සංවිධානය සහ නැගෙ.ජර්මනියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යෑමයි.
පුටීන් කේජීබී සංවිධානයට එක්වන්නේ 1975 වර්ෂයේ වන අතර ඔහු 1985-1990 කාලයේ ඩ්‍රෙස්ඩන් නගරයේ සේවය කරයි.ඔහු කේජීබී සංවිධානයෙන් ඉවත් වන්නේ සෝවියට් දේශය කඩා වැටීමත් සමගයි.ඒ වනවිට ඔහු ලුතිනන් කර්නල් තනතුර දක්වා පැමිණ තිබිණි.1990 දශකයේදී කෙටි කාලයක් රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානිය ලෙසද පුටීන් කටයුතු කලේය(1998-1999).
පුටීන්ගේ හිටපු කේජීබී සගයෙක් වන සර්ගෙයි චෙමෙසෝව් දැනට රොස්ටෙක් නම් රුසියානු සමාගමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි.එම සමාගම අධි තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ අපනයනය කිරීම සිදුකරයි.ට්‍රාන්ස්නෙෆ්ට් නම් රජයට අයත් තෙල් ප්‍රවාහන සමාගම භාරව තිබෙන්නේ නිකොලායි ටොකරෙව් හටය.
Source:rt.com
-HarshaLulzSec-







