MR.Ranasingha Premadasa

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    පොඩි මිනිහා වෙතට එ.ජා.ප. ය රැගෙන ගියේ ඔහුය


    z_p7-RP.jpg pramadasa.jpg

    අප දන්නා තරමට එ.ජා.ප. ය ඈත අතීතයෙත් හඳුනාගෙන තිබුණේ දුප්පතුන්ට තැනක්‌ නැති ධනපතියන්ගේ පක්‍ෂයක්‌ ලෙසටය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සේම වාමාංශික පක්‍ෂයත් එ.ජා.ප. ය පොදු එකඟතාවයෙන් අදත් කළේ එ.ජා.ප. ය ධනපතීන්ගේ පක්‍ෂයක්‌ ලෙස ලේබල් අලවමිනි. මෙම ලේබලය ගලවා එ.ජා.ප. ය පොදු මහජනතාවගේ පක්‍ෂයක්‌ බවට පත් කළේ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ය. එ.ජා.ප. ය පොඩි මිනිහාගේ පක්‍ෂය බවට පත් කරන්න එතුමා විපක්‍ෂයේ සිටියදී කටින් ලොකු මෙහෙයක්‌ කළේය. එතුමා යන යන තැන කතා කළේ පොඩි මිනිහගේ ප්‍රශ්නය.

    1977 දී එ.ජා.ප. ය බලයට පත්වූ විගස එතුමා හැම වැඩපිළිවෙළක්‌ම සකස්‌ කළේ පොඩි මිනිහා ගැන හිතමින්ය. දසලක්‍ෂයේ ව්‍යාපෘතිය, තට්‌ටු නිවාස, සෙවණ සරණ, කැපකරු මාපිය ක්‍රමය යනාදී සෑම ව්‍යාපෘතියක්‌ම එතුමා හඳුන්වා දුන්නේ පොඩි මිනිහා ගැන හිතලාය. ගම්උදාවෙන් ගම සංවර්ධනය කරමින් පාරවල් හදමින් එතුමා ගමේ පොඩි මිනිහා නඟාසිටුවන්නට ක්‍රියා කළේය. 1977 බලයට පත් එ.ජා.ප. ය 1988 තෙක්‌ අවුරුදු 11 ක්‌ රට ආණ්‌ඩු කර අප්‍රසාදයට පත්ව සිටියේය. විවෘත ආර්ථිකයෙන්, අසමතුලිතභාවයක්‌ නිසා පොඩි මිනිහා දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියේය.

    ප්‍රේමදාස මැතිඳුන්ගේ පොඩි මිනිහා නංවන ව්‍යාපෘති හේතුකොට ගෙන පොඩි මිනිහා දිනාගත නොහැකිව මැතිවරණය පරාජය වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ වාමාංශික පක්‍ෂ විවෘත ආර්ථිකභාවයෙන් අසමතුලිතභාවය නිසා දුෂ්කරතාවකට පත් පොඩි මිනිසා රවටා යළි දිනාගෙන බලයට එන්නට පෙරුම් පුරමින් සිටියේය. එම මොහොතේ එ.ජා.ප. ය තීරණය කළේ 1988 ජනාධිපතිවරණය දිනන්න නම් පොඩි මිනිහාගේ ඡන්දය අවශ්‍ය බවය. එයින් පොඩි මිනිහාගේ සේවකයා ලෙස ප්‍රකටව සිටි රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් අපේක්‍ෂකයකු ලෙස නම් කරන්න එ.ජා.ප. ය තීරණය කළේය. ප්‍රේමදාස මැතිඳුන් කීවාසේ දෙකොන පත්තුවෙන විලක්‌කුවක්‌ වැනි වූ එම ඡන්දය ජය ගැනීමේ අභියෝගය එතුමා භාර ගත්තේය. එතුමා විවෘත ආර්ථිකයේ අසමතුලිතභාවයෙන් අසරණ වූ පොඩි මිනිසා නංවන ජන සවිය නමැති වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කළේය. ජනාධිපති වූ විගස එතුමා එය ක්‍රියාත්මක කළේය

    පොඩි මිනිසා නංවන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්න මුදල් සෙවීමේ දුෂ්කරභාවය එතුමා දැන සිටියේය. ගම් උදාවට මුදල් දෙන්න බැරි යෑයි එ.ජා.ප. ආණ්‌ඩුව කියද්දී එතුමා ලොතරැයි මගින් සල්ලි හොයන්න පටන් ගත්තේය. ජනසවියට ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවත් සල්ලි දෙන්නේ නැතැයි හිටපු මුදල් ඇමැති රොනී ද මෙල් මැතිඳුන් කියද්දී එතුමා එම අභියෝගය භාර ගත්තේය. කෙසේ හෝ ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු පහදා දී ජනසවියට මුදල් ලබාගත්තේය. එසේම ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය මගින් කර්මාන්ත ගමට ගෙන ගොස්‌ ගමේ පොඩි මිනිසා සවිබල ගැන්වූයේය. පාසල් ළමුන්ට දිවා ආහාරය දී පොඩි මිනිසාගේ ළමුන් පෝෂණය කළේය. ගම් සංවර්ධනය කරන මහා ව්‍යාපෘති දහස්‌ ගණනක්‌ ආරම්භ කළේය. එහෙත් විපක්‍ෂය එතුමාගේ වැඩපිළිවෙළ විවේචනය කළේය. එම වැඩපිළිවෙළ හේතුකොට ගෙන තමන්ට තවදුරටත් පොඩි මිනිහා රවටා බලයට ඒමට නොහැකි බව අවබෝධ කරගෙනය.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    ජනසවිය බොරුවක්‌ යෑයි කී විපක්‍ෂය ඔවුන් බලයට පත්වූ විට ජනසවිය සමෘද්ධි ව්‍යාපාරය නමින් පටන්ගෙන එය දේශපාලනීකරණයට ලක්‌ කළේය. සුද්දන්ට ජංගි මහන්න යොදවන්න ගමේ තරුණ තරුණියන් ඇඟලුම් කර්මාන්ත ගමට ගෙනයනවා යෑයි අපහාස කළ විපක්‍ෂය බලයට පත්වී ඇඟලුම් කර්මාන්ත පටන් ගත්තේය. එහෙත් අද වන විට ඇඟලුම් කර්මාන්ත වැහෙමින් පවතී. නිවාස දසලක්‍ෂයකට අපහාස කළ විපක්‍ෂය බලයට පත්වී නිවාස වැඩපිළිවෙළවල් ආරම්භ කළේය. විපක්‍ෂය බලයට පත්වී ජනතාව අතරට යන්න අලුත් සංකල්ප තිබුණේ නැත. ඔවුන්ට ප්‍රේමදාස මැතිඳුන්ගේ සංකල්පය වෙන නම් යොදා ක්‍රියාත්මක කිරීම හැර විකල්ප සංකල්ප නොවීය. ප්‍රේමදාස සංකල්පය තුළ පොඩි මිනිහා කොතරම් ප්‍රේමදාස මැතිඳුන්ට ආකර්ෂණය වී ඇත්දැයි යන වග දැන ඔවුන් එම ආකර්ෂණය තමන් වෙත දිනාගන්න එම සංකල්පම ක්‍රියාත්මක කරනු ලැබීය.

    පොඩි මිනිහා නංවන සංකල්ප හේතුකොට ප්‍රේමදාස මැතිඳුන් බලයෙන් පහ කිරීම දුෂ්කර බව දැන විපක්‍ෂය එ.ජා.ප. යෙන් කොටසක්‌ සමග එක්‌වී ප්‍රේමදාස මැතිඳුන්ට එරෙහිව දෝෂාභියෝගයක්‌ ගෙන ආවේ ප්‍රේමදාස මැතිඳුන්ගේ ප්‍රතිරූපය විනාශකොට එතුමා දේශපාලන වශයෙන් අතුගා දමන්නටය. එම දෝෂාභියෝගයෙන් මල්වට්‌ටි රැගෙන එතුමා පන්සල් යැම ද අපහාසයට ලක්‌කොට තිබිණි. එතුමා මොළය අවුල් කරගත් සිහි මඳ ගතියෙන් පෙළෙන්නකු කර පෙන්වන්න එම දෝෂාභිගෝගය සකස්‌ කොට තිබිණි. එය රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයක්‌ නොව පොඩි මිනිහාගේ යුගය නිර්මාණය කළ පොඩි මිනිහාගේ නායකයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයකි.

    එහෙත් ප්‍රේමදාස මැතිඳුන් පොඩි මිනිසාට එරෙහිව කුමන්ත්‍රණය පරාජයකොට දෝෂාභියෝගය ජය ගත්තේය. දේශපාලන වශයෙන් එතුමා ඝාතනය කරන්න බැරිවූ විට එල්.ටී.ටී.ඊ. ය ශාරීරික වශයෙන් එතුමා ඝාතනය කරන්නට තීරණය කළේය.

    එල්.ටී.ටී.ඊ.යට අවි ආයුධ දී එල්.ටී.ටී.ඊ. ය ශක්‌තිමත් කළා යෑයි ප්‍රේමදාස මැතිඳුන්ට විපක්‍ෂය චෝදනා කළේය. එහෙත් එතුමා එල්.ටී.ටී.ඊ. යට ආයුධ දුන්නේ ලංකාවේ බින්න බැහැගෙන ලංකාව සිය ප්‍රාන්තයක්‌ කරගන්න ගිය ඉන්දියන් හමුදාව නිර්මාණය කළ දමිළ ජාතික හමුදාවට ගහන්නටය. එකල විපක්‍ෂය කීවේ ඉන්දීය කුලී හමුදාව පලවා හැර මව්බිම ආරක්‍ෂා කරගන්න කියාය. ප්‍රේමදාස මැතිඳුන් 1988 ජනාධිපතිවරණයේදී ඉන්දු-ලංකා ගිවිසුම මිත්‍ර ගිවිසුමක්‌ කරන බවටත්, ඉන්දීය හමුදා පලවාහරින බවටත් ජනතාවට පොරොන්දුවක්‌ දුන්නේය. එතුමා එම පොරොන්දුව අකුරටම කළේ දැඩි දුෂ්කරතා මධ්‍යයේය. ඉන්දියන් හමුදාව පිටත්වීමට පෙර උතුර නැගෙනහිර තමන් විසින් අණදෙන රූකඩ දමිළ හමුදාවක්‌ සාදා ආයුධ සහ පුහුණුව ලබාදී ගියෝය. විදේශ රටක අණ පිළිපදින නිල නොවන හමුදාවක්‌ උතුර නැගෙනහිර ක්‍රියාත්මකවීම ගැන ප්‍රේමදාස මැතිඳුන් බිය විය. එකල විපක්‍ෂය රටේ ජනතාවගේ මනස තුළ පොදු සතුරා කොට තිබුණේ ප්‍රභාකරන් නොව ඉන්දියන් හමුදාවය. ඉන්දියන් හමුදාව යවන තෙක්‌ රට අඩපණ කරන්න ඡේ.වී.පී. භීෂණය වපුරවමින් සිටියේය. ප්‍රේමදාස මැතිඳුන් එල්.ටී.ටී.ඊ. ය සමග සාකච්ඡා කළේ ඉන්දියන් හමුදා සේවය අවශ්‍ය නොවන බව පෙන්වා ඉන්දියන් හමුදා යවන්නටය. ප්‍රේමදාස මැතිඳුන් එල්.ටී.ටී.ඊ.යට අවි දුන්නේ ඉන්දියන් හමුදාව නවීන ආයුධවලින් සන්නද්ධ කළ දමිළ හමුදාව රටේ ස්‌වාධිපත්‍යයට විශාල තර්ජනයක්‌ වෙයි කියා බයට එල්.ටී.ටී.ඊ. යට පාවිච්චි කොට ඔවුන් විනාශ කරන්නටය. එතැනදී ප්‍රේමදාස මැතිඳුන් රටට කෙටිකාලීන වාසිය හිතුවා මිස දිගුකාලීන අවාසිය බැලුවේ නැත. එහෙත් එතුමා යවන්න බැහැ කිව්ව ඉන්දියන් හමුදාව යෑව්වේය. එය ඉවසාගන්න බැරිව විපක්‍ෂය එල්.ටී.ටී.ඊ.යට ආයුධ දුන්නාය කියා ප්‍රේමදාස මැතිඳුන්ට චෝදනා කළේය. එහෙත් එතුමා එල්.ටී.ටී.ඊ. ය පාවිච්චි කොට දමිළ ජාතික හමුදාව විනාශකොට පසුව එල්.ටී.ටී.ඊ. යට එරෙහිව යුද්ධය ආරම්භ කළේය. නැගෙනහිර පළාත එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් මුදාගෙන ජනාධිපති ජංගම සේවයක්‌ ද පවත්වා නැගෙනහිර පළාත් පාලන ඡන්ද තියා නැගෙනහිරින් උතුරට ගොස්‌ උතුරත් මුදා ගන්න සැලසුම්කොට තිබිණි.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    එල්.ටී.ටී.ඊ. ය ප්‍රේමදාස මැතිඳුන් ඝාතනය කරන්න තීරණය කළේ එතුමා සිය හමුදාව උතුරට එවන බව දැනගෙනය. ඒ වගේම ප්‍රේමදාස මැතිඳුන් සාම සාකච්ඡා කාලයේදී එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක මහත්තයාව වශී කරගෙන ප්‍රභාකරන්ට එරෙහිව පාවිච්චි කරනවා යෑයි ප්‍රභාකරන්ට දැනගන්නට ලැබිණි. ප්‍රභාකරන්ගේ ළඟම සගයා වන එල්.ටී.ටී.ඊ.යේත් ප්‍රබලතම නායක කිට්‌ටු රැගත් ආයුධ නැව යාපනයට එද්දී කිට්‌ටු එහි සිටින බවට ප්‍රේමදාස මැතිඳුන්ට ඔත්තුව දුන්නේ මහත්තයා යෑයි ප්‍රභාකරන් සැක කළේය. ප්‍රේමදාස මැතිඳුන් එම නැව ගිනිබත්කොට කිට්‌ටු මරා දැම්මේය. ප්‍රභාකරන් මහත්තයාව අත්අඩංගුවට ගෙන ප්‍රේමදාස මැතිඳුන් ඝාතනය කළේය. ප්‍රේමදාස මැතිඳුන් එල්.ටී.ටී.ඊ. ය ශක්‌තිමත් කළා නම් ප්‍රභාකරන් එතුමාව ඝාතනය කරන්නේ නැත. එල්.ටී.ටී.ඊ.ය පළමුව දෙකඩ කළේ ප්‍රේමදාස මැතිඳුන්ය.

    මෙම ඇත්ත වහගෙන විපක්‍ෂය කළේ ප්‍රේමදාස මැතිඳුන් කොටින්ට අවි දුන්නාය කියා එතුමාගේ ප්‍රතිරූපය විනාශ කිරීමය. ප්‍රේමදාස මැතිඳුන් ඝාතනය වූ විට එ.ජා.ප. යේ කොළඹ 7 කුරුඳුවත්තේ බල කල්ලිය සතුටු වූහ. ප්‍රේමදාස මැතිඳුන් කරුඳුවත්තෙන් කෙසෙල්වත්තට පක්‍ෂය ගෙන ගිය නිසා පක්‍ෂයේ පොඩි මිනිහාගේ පක්‍ෂයක්‌ බවට පත්වී දිනන්න බැරිවුන්ද දිනන බව ඔවුන්ට අමතක විය. ප්‍රේමදාස මැතිඳුන්ගේ සංකල්ප වැඩපිළිවෙළට පයින් ගසා ප්‍රේමදාස පවුලටත් පයින් ගසා එ.ජා.ප. ය යළි කුරුඳුවත්තේ පක්‍ෂයක්‌ බවට පත්කර ගත්තේය. ප්‍රේමදාස නාමය එ.ජා.ප. ආණ්‌ඩුව අකාමකා දැම්මේය. ප්‍රතිඵලය 1993 පළාත් සභා ඡන්දයෙන් එ.ජා.ප. ය 1977 ට පසු ප්‍රථමවරට පරාජයකට මුහුණදීමය. 1994 දකුණු පළාත් සභා ඡන්දයේදීත් එ.ජා.ප. ය අන්ත පරාජයට පත්විය. පරාජයට හේතුව ප්‍රේමදාස ප්‍රතිපත්ති අමතක කිරීම යෑයි පක්‍ෂයෙන් පොඩි මිනිස්‌සු මැසිවිලි නඟද්දී පක්‍ෂය ඔවුන්ගේ කට වැහුවේය. ප්‍රේමදාස මැතිඳුන් හිටියා නම් අදටත් මෙරට එ.ජා.ප. ආණ්‌ඩුවක්‌ යෑයි පොඩි මිනිස්‌සු අදටත් කියති. එ.ජා.ප. ය යළි කුරුඳුවත්තෙන් කෙසෙල්වත්තට ගෙන යන තෙක්‌ පක්‍ෂයට දිනන්න බැරි යෑයි පොඩි මිනිසුන්ගේ මතයක්‌ තිබේ. රණසිsංහ ප්‍රේමදාසගේ පුත්රුවන සජිත් ප්‍රේමදාස මැතිඳුන් වටා පොඩි මිනිසුන් එක්‌රොක්‌ වී සිටින්නේ පක්‍ෂය යළි පොඩි මිනිහාගේ පක්‍ෂය බවට පත්කොට 1977 පටන්ගත් ජයග්‍රාහී ගමන යන්නටය. එ.ජා.ප. ය පොඩි මිනිහාට තැනක්‌ නොදෙන්නේ නම් එ.ජා.ප. යට මෙම රටේ තැනක්‌ නැත. පොඩි මිනිහාට රටේ තැනක්‌ එන්නත්, එ.ජා.ප. ය පොඩි මිනිහාට පක්‍ෂයෙන් තැන ලබාදී රටේ තැන හදාගත යුතු වන්නේය.


    Code:
    http://www.divaina.com/2011/05/01/politics09.html
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    ඇත්තටම රටට වැඩක් කරපු මිනිහෙක්

    :yes:aniva

    ජනපති ප්‍රේමදාස ලයිට්‌ හොරුන්ටත්
    වටිනාකමක්‌ දුන් හැටි....


    දුරදක්‌නා නුවනින් යුත්, රට ගොඩනැඟිය හැකි අභීත දේශාපලනඥයන් රටකට බිහිවන්නේ කලාතුරකිනි. ඒ ගැන හොඳින් අවබෝධ කරගත් මිනීමරු පිරබහාරන් 1993 වසරේ මැයි පළමුවැනිදා අභීත ජන නායකයකුගේ හඬ සදහටම නිහඬ කළේය. ඒ ජනහද දිනූ ජන නායක රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාය.

    ප්‍රේමදාස මහතාගේ "ප්‍රයෝගික" දේශපාලන ජීවිතයේ රසමුසු තැන් බොහෝය. එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්ව සිටි සුනිල් ජයවිර මහතා එවැනි සිද්ධි කිහිපයක්‌ අපට මෙසේ කීවාය...

    ප්‍රේමදාස මහතා කොළඹ නගරය සුන්දරව තබාගැනීමට විවිධ අලංකරණයන් කළ නායකයෙක්‌. එතුමාගේ කාලේ තමයි කොළඹ අවට මාර්ගවලට ලයිට්‌ කණු සවි කළේ. ඒකට මහ විශාල මුදලක්‌ කොළඹ නගර සභාව වැය කළා. මේ ලයිට්‌ කණුවලට මිනිස්‌සුන්ට නඟින්න බැහැ. ඒ තරම් විශාලයි. ඒ නිසා එවකට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්‌ ලෙස කටයුතු කළ මාරසිංහ මහතා කණුවල ලයිට්‌ සවිකරන්න ප්‍රසිද්ධ කොම්පැමිනියකට භාර දුන්නා. ඔවුන් දොඹකර යොදාගෙන තමයි කණුවල ලයිට්‌ සවි කරලා තියෙන්නෙ. එහෙම අමාරුවෙන් ලයිට්‌ සවි කරලා සතියක්‌ යන්න කලින් කවුරුන් හෝ ලයිට්‌ ගලවනවා.

    මේ වැඩේ නාගරික කොමසාරිස්‌තුමාට වගේම මුළු කොළඹ නගර සභාවටම මහත් ගැටලුවක්‌ විය. දිනක්‌ නාගරික කොමසාරිස්‌ මාරසිංහ මහතා ප්‍රේමදාස මහතා හමුවෙලා මේ ගැන කතා කළා.

    ප්‍රේමදාස මහතා ගැටලුව ගැන හොඳින් අවබෝධ කරගෙන මොහොතක්‌ කල්පනා කරලා මෙහෙම කීවාලු.

    "ඔබතුමාට පුළුවන් මෙන්න මෙහෙම දෙයක්‌ කරන්න. "කණුවල නැඟලා ලයිට්‌ සවි කරන්න පුළුවන් අය බඳවාගනු ලැබේ. ඔබ එයට දක්‍ෂ පුද්ගලයෙක්‌ නම්, වහාම නාගරික කොමසාරිස්‌ මහතා හමුවන්න." කියලා දැන්වීම් ටිකක්‌ ගහලා ඔය ලයිට්‌ ගලවන කණු ළඟ අලවන්න."

    ප්‍රේමදාස මහතාගේ උපදෙස්‌ අකුරටම ක්‍රියාත්මක කළ මාරසිංහ මහතා එදිනම කොළඹ මහ නගර සභාව ඇතුළත සියලුම ලයිට්‌ කණු අසල මෙම දැන්වීම් ඇලවීමට නගර සභා නිලධාරීන්ට නියෝග කළා.

    දින දෙක තුනක්‌ යනකොට කාන්තාවක්‌ පැමිණ නාගරික කොමසාරිස්‌තුමාට මෙහෙම කීවාලු.

    අපේ ගෙවල් ගාව තියෙන ලයිට්‌ කණුව ළඟ නිතරම මිනිහෙක්‌ එහෙට මෙහෙට යනවා. මම ඇහුවා ඇයි කියලා.

    "මේ කණුවල ලයිට්‌ සවි කරන්න මිනිස්‌සු ගන්නවා කියන්නේ."

    මේක කොමසාරිස්‌තුමා හොරු අල්ලන්න කරපු වැඩක්‌ ද දන්නෙ නැහැ කියලා ඔබතුමා හමුවන්න එන්න බයේ ඉන්නේ.

    නැවත ඒ පුද්ගලයා එතැනට අවොත් ඒ වේලාවේම අපිව දැනුවත් කරන්නැයි එම කාන්තාවට නගරික කොමසාරිස්‌තුමා උපදෙස්‌ දුන්නා.

    ඊට පසුවදාම ඒ කාන්තාව නාගරික කොමසාරිස්‌තුමාට ඔහු නැවත ඇවිත් ඉන්න බව දන්වා තිබුණා.

    නාගරික කොමසාරිස්‌තුමා ඇතුළුව නිලධාරීන් කිහිපදෙනකු වාහනයකින් ක්‍ෂණයකින් එම ස්‌ථානයට යන විටත් ඒ පුද්ගලයා එතැන. නාගරික කොමසාරිස්‌තුමා ඒ පුද්ගලයාවත් අරගෙන ප්‍රේමදාස මහතා ළඟට ගියා.

    ප්‍රේමදාස මහතා ඒ පුද්ගලයා සමග සුහදව කතා කරමින් ඔහුට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා ඇසුවා.

    "මට පුළුවන් සර් මේ ලයිට්‌ කණුවලට විනාඩි තුනකින් නඟින්න. මම නැඟලත් තියෙනවා."

    දැන් ලයිට්‌ ගල වන හොරු අතටම අසු වී ඇති බව නාගරික කොමසාරි මහතා ප්‍රේමදාස මහතාට කීවා. නමුත් ඔහුට දඬුවම් කරන්න ප්‍රේමදාස මහතා කටයුතු කළේ නෑ.

    "මාරසිංහ අපි මෙච්චර කල් බොරුවටනේ මේ කොම්පැමිණිවලට සල්ලි දීලා තියෙන්නෙ. මේ වගේ මිනිස්‌සු කීපදෙනකු සොයාගෙන නගර සභාවේ රැකියාවක්‌ දුන්න නම්, රැකියා ප්‍රශ්නයත් විසඳෙනවා. කොම්පැණිකාරයන්ට දෙන මුදලුත් ඉතිරිවෙනවා නේද?."

    ඒ පුද්ගලයාට කොළඹ නගර සභාවේ රැකියාවක්‌ ලබාදෙන ලෙස නාගරික කොමසාරිස්‌ මාරසිංහ මහතාව ප්‍රේමදාස මහතා දැනුවත් කර තිබිණි.

    එදා ප්‍රේමදාස මහතා ගැටලු නිරාකරණය කර තිබුණේ එලෙසිණි.

    ඒ කාලේ නිදහස්‌ දින නිල උත්සවය නිදහස්‌ චතුරස්‍රයේ පවත්වලා සවස්‌ කාලයේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ සන්දර්ශනයක්‌ පවත්වනවා. ඒක ප්‍රේමදාස මහතා පුරුද්දක්‌ කරගෙන තිබුණා. මට තමයි මේ සන්දර්ශනයට පාසල් ළමයින් පුහුණු කරන්න භාරව තිබුණේ. එක උත්සවයකදී, උත්සවයට පෙර පුහුණුවක්‌ බලන්න ප්‍රේමදාස මහතාට අවශ්‍ය වුණා.

    උත්සවයට කලින් දවසේ ප්‍රේමදාස මහතා සමග කැබිනට්‌ මණ්‌ඩලයේ තවත් ඇමැතිවරු කිsහිප දෙනකු ඛෙත්තාරාමය ක්‍රීඩාංගණයට ආවා.

    "කොහොමද සුනිල් මේක කරන්නෙ." කියලා ප්‍රේමදාස මහත්තයා ඇසුවා.

    සර් අපි මුලින්ම අවශ්‍ය ගීත ටික ඇතුළත් කරලා ටේප් එකක්‌ හදා ගන්නවා. ඊට පස්‌සෙ කැසට්‌ රේඩියෝවකට මේ ටේප් එක දාලා ප්ලේ කරන ගීතවලට තමයි මේ ළමයි නැටුම් ඉදිරිපත් කරන්නෙ.

    "මේ කැසට්‌ රේඩියෝව එක පාරටම නතර වුණොත් මොක ද වෙන්නෙ" එහෙම වුණොත් මේ නටන ළමයි එක එක ඉරිව්වලට ඉදි නේද? මේකට විකල්පයක්‌ ඕනා නේද සුනිල්" කියල අහපු ප්‍රේමදාස මහත්තයා මෙහෙම අපූරු කතාවක්‌ කිව්වා.

    "මේකට ටේප් දෙකක්‌ සූදානම් කරලා කැසට්‌ රේඩියෝ දෙකකට දන්න. එකක සද්දෙ අඩු කරලා තියන්න. එතකොට අනිත් රේඩියෝවෙන් කුමක්‌ හෝ දෝෂයක්‌ ආවොත් ස්‌ටෑන්ඩ් බයි රේඩියෝවේ සද්දෙ වැඩි කරන්න. අපි මොන දේ කළත් ඒකට විකල්පයක්‌ තියෙන්න ඕනා. නමුත් තමන්ගේ ජීවිතයට විතරක්‌ විකල්පයක්‌ තියාගන්න එපා..."

    අදත් මෙරට පක්‍ෂ විපක්‍ෂ බොහෝ දෙනා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සිටියා නම් අපේ රට මොනතරම් දියුණු ද...? කියන තත්ත්වයට පත්ව සිටියි. අප රටට හා ජාතියට ඕනෑම දෙයක්‌ වටින්නේ එය නැති වුණාට පසුව බව රණසිංහ ප්‍රේමදාස චරිතයෙන් පෙන්වාදී ඇත.
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩුපාඩු තිබුනත් රටට වැඩක් කරපු නායකයෙක්.
    එත් වැසිකිලියක් විවෘත කරලා මහා ලොකු දැන්වීම් පුවරුනම් දැම්මේ නැහැ.
    ඒකාලේ Digital Printing තිබුණඒ නැති නිසාද දන්නේ නම් නැහැ.
     
    • Like
    Reactions: sadun52

    sunflowers

    Member
    Apr 26, 2011
    131
    7
    0
    රටට වැඩක් කරපු නායකයෙක්
    ජනපති ඔබට නිවන් සුව අත්වෙවා