MSG (අජිනොමොටෝ) යකා හිතන තරම් කළු ද?
වැඩි විස්තර සදහා
roar.media
මෙම පැනයට ඇති කෙටිම පිළිතුර 'ඔව්' හා 'නැහැ' යන්න යි. සරලව කිවහොත් මෙහි අඩංගු සංඝටක දෙකෙන් සෝඩියම් අපි නිතිපතා ගන්නා ලුණු වලිනුත් ශරීරයට ලැබෙන අතර ග්ලූටමේට් හෙවත් ග්ලූටමික් අම්ලය (ආම්ලික මාධ්‍යයේ දී) ස්වභාවිකව මානව ශරීරයේ නිපදවෙනවා. මේ නිසා මේවා ගුණාත්මක වශයෙන් හානිදායක විය නොහැකියි. එසේ නම් ගැටළුව තිබිය යුත්තේ ප්‍රමාණාත්මකව යි.
MSG අහිතකර ප්‍රතිඵල ගෙන එන බවට මුලින්ම ප්‍රසිද්ධියේ සඳහන් කළේ 1960 දශකයේ මේරිලන්ඩ්හි වෛද්‍යවරයෙකු වූ රොබට් ක්වොක් විසිනුයි. ඔහු විසින් MSG හෙවත් අජිනොමොටෝ මිනිසුන්ට අසාත්මිකතා රෝග ලක්ෂණ ගෙන දිය හැකි සංඝටකයක් බව ප්‍රකාශ කරන අතර, මේ ඔස්සේ යමින් විද්‍යාඥයෙකු වූ ජෝන් ඔන්ලි MSG හා සබැඳි පර්යේෂණ රාශියක් සිදුකරනවා. ඔහු විසින් ඒවා අධිමාත්‍රා වලින් විද්‍යාගාරයේ සිටි මීයන්ට එන්නත් කරන අතර ඔවුන් සියළු දෙනා පාහේ මිය යන්නේ ස්නායු පද්ධතියේ හා මොළයේ විවිධ සංකූලතා ඇති වීමෙනුයි! මේත් සමග අජිනොමොටෝ ශරීරයට ඉතා අහිතකර බවට රාවයක් බටහිර රටවල පැතිරීගිය අතර, ඒවායේ බලධාරීන් එහි ඇත්ත නැත්ත සොයා බලන්නට නොගියේ පෙරදිගින් පැමිණ බටහිර රටවල ආහාර හා සබැඳි කර්මාන්තයන්ට අභියෝග කරන යමක් මෙලෙස ප්‍රතික්ෂේප වීමට හිත යටින් වූ කැමැත්ත නිසා යි.
ඔන්ලිගේ පර්යේෂණ වල ඒ තරම් ප්‍රසිද්ධියට පත් නොවූ කරුණු කිහිපයක් තිබුණා. ඒ, ඔහු මීයන්ට, අශ්වයින්ට සෑහෙන මට්ටමේ MSG අධි මාත්‍රා එන්නත් කර තිබුණත්, මිනිසුන් යොදාගෙන සිදු කළ පර්යේෂණ වලින් ඒවා මානව ශරීරයන්ට අහිතකර යැයි නිශ්චිතවම ඔප්පු නොවූ බව යි. ඉන්පසුත් මිනිසුන් සමග සාමාන්‍යයෙන් MSG ශරීරගත විය හැකි මාත්‍රා යොදාගෙන විවිධ විද්‍යාඥයින් පර්යේෂණ සිදුකළත්, ඒ කිසිවකින් MSG සාමාන්‍ය මට්ටමෙන් ශරීරගත වීම විශේෂ අහිතකර ප්‍රතිඵල ගෙන එන බවට තහවුරු වුණේ නැහැ. ජීව විද්‍යාත්මකව සැලකීමේ දී මීයන්ගේ මෙන්ම මිනිස් මොළයටත් ග්ලුටමේට් අධිමාත්‍රා බලපෑම් කළ හැකිය යන්න සත්‍යයක් මුත් සාමාන්‍ය ආහාරයකින් එවැනි අධිමාත්‍රාවක් ශරීරගත වීම කිසිසේත්ම ප්‍රායෝගික වන්නේ නැහැ.