MSG (අජිනොමොටෝ) යකා හිතන තරම් කළු ද?

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    MSG (අජිනොමොටෝ) යකා හිතන තරම් කළු ද?

    fried-Rice_Web.jpg

    මෙම පැනයට ඇති කෙටිම පිළිතුර 'ඔව්' හා 'නැහැ' යන්න යි. සරලව කිවහොත් මෙහි අඩංගු සංඝටක දෙකෙන් සෝඩියම් අපි නිතිපතා ගන්නා ලුණු වලිනුත් ශරීරයට ලැබෙන අතර ග්ලූටමේට් හෙවත් ග්ලූටමික් අම්ලය (ආම්ලික මාධ්‍යයේ දී) ස්වභාවිකව මානව ශරීරයේ නිපදවෙනවා. මේ නිසා මේවා ගුණාත්මක වශයෙන් හානිදායක විය නොහැකියි. එසේ නම් ගැටළුව තිබිය යුත්තේ ප්‍රමාණාත්මකව යි.

    MSG අහිතකර ප්‍රතිඵල ගෙන එන බවට මුලින්ම ප්‍රසිද්ධියේ සඳහන් කළේ 1960 දශකයේ මේරිලන්ඩ්හි වෛද්‍යවරයෙකු වූ රොබට් ක්වොක් විසිනුයි. ඔහු විසින් MSG හෙවත් අජිනොමොටෝ මිනිසුන්ට අසාත්මිකතා රෝග ලක්ෂණ ගෙන දිය හැකි සංඝටකයක් බව ප්‍රකාශ කරන අතර, මේ ඔස්සේ යමින් විද්‍යාඥයෙකු වූ ජෝන් ඔන්ලි MSG හා සබැඳි පර්යේෂණ රාශියක් සිදුකරනවා. ඔහු විසින් ඒවා අධිමාත්‍රා වලින් විද්‍යාගාරයේ සිටි මීයන්ට එන්නත් කරන අතර ඔවුන් සියළු දෙනා පාහේ මිය යන්නේ ස්නායු පද්ධතියේ හා මොළයේ විවිධ සංකූලතා ඇති වීමෙනුයි! මේත් සමග අජිනොමොටෝ ශරීරයට ඉතා අහිතකර බවට රාවයක් බටහිර රටවල පැතිරීගිය අතර, ඒවායේ බලධාරීන් එහි ඇත්ත නැත්ත සොයා බලන්නට නොගියේ පෙරදිගින් පැමිණ බටහිර රටවල ආහාර හා සබැඳි කර්මාන්තයන්ට අභියෝග කරන යමක් මෙලෙස ප්‍රතික්ෂේප වීමට හිත යටින් වූ කැමැත්ත නිසා යි.

    ඔන්ලිගේ පර්යේෂණ වල ඒ තරම් ප්‍රසිද්ධියට පත් නොවූ කරුණු කිහිපයක් තිබුණා. ඒ, ඔහු මීයන්ට, අශ්වයින්ට සෑහෙන මට්ටමේ MSG අධි මාත්‍රා එන්නත් කර තිබුණත්, මිනිසුන් යොදාගෙන සිදු කළ පර්යේෂණ වලින් ඒවා මානව ශරීරයන්ට අහිතකර යැයි නිශ්චිතවම ඔප්පු නොවූ බව යි. ඉන්පසුත් මිනිසුන් සමග සාමාන්‍යයෙන් MSG ශරීරගත විය හැකි මාත්‍රා යොදාගෙන විවිධ විද්‍යාඥයින් පර්යේෂණ සිදුකළත්, ඒ කිසිවකින් MSG සාමාන්‍ය මට්ටමෙන් ශරීරගත වීම විශේෂ අහිතකර ප්‍රතිඵල ගෙන එන බවට තහවුරු වුණේ නැහැ. ජීව විද්‍යාත්මකව සැලකීමේ දී මීයන්ගේ මෙන්ම මිනිස් මොළයටත් ග්ලුටමේට් අධිමාත්‍රා බලපෑම් කළ හැකිය යන්න සත්‍යයක් මුත් සාමාන්‍ය ආහාරයකින් එවැනි අධිමාත්‍රාවක් ශරීරගත වීම කිසිසේත්ම ප්‍රායෝගික වන්නේ නැහැ.

    වැඩි විස්තර සදහා
    roar.media
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක අජිනොමොටෝ කොම්පැනියෙන් මුදල් ගෙවා කරන ලද වෙළඳ දැන්වීමක් වගේ මට නම් පෙනෙන්නේ.

    මොකද මේක ඇත්ත උනත් මෙතන කිව යුතුම එකක් කියල නැහැ, මොකද අපේ ඇබ්බැහිවීම් වලට සම්බන්ධ මොලේ කොටසක් අජිනොමොටෝ වල සංඝටකයක් මගින් උත්තේජනය කරනවා. (කුඩු තරම් ක්ෂණිකව නොවුනත් හරියට කුඩු ගැහුවා වගේ). දීර්ග කාලීනව සුළු වශයෙන් හරි භාවිතයේදී අපි ඒ රසට හුරු වෙනවා. එතකොට වෙනත් කුළු බඩු දාල රසට හදල තියෙන එකක් උනත් මේ රසට පුරුදු වෙච්ච කෙනාට රස නැහැ.

    අද ලංකාවේ ගොඩක් පොඩි දරුවන් ඉඳල වැඩිහිටියා දක්වා මේ ප්‍රශ්නෙට යට වෙලා ඉවරයි.

    මම මේ කියපු එක ගැන හරියටම විස්තර ඇති වෙබ් එකේ. අවශ්‍ය අය හොයා ගන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Mama nam wishwasa karanne ne, ehenam ithin api hemadaama bath kana ekath abbehiweemak wenna oni. Anith eka. mama inne lankawe newe, eeth indala hitala hari (dawas 2-3 kata serayak) lankawe widihata bath keewe neththam angata nikam mokakda wage. ithin eeka wela thiyenne MSG nisada?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මේක අජිනොමොටෝ කොම්පැනියෙන් මුදල් ගෙවා කරන ලද වෙළඳ දැන්වීමක් වගේ මට නම් පෙනෙන්නේ.

    මොකද මේක ඇත්ත උනත් මෙතන කිව යුතුම එකක් කියල නැහැ, මොකද අපේ ඇබ්බැහිවීම් වලට සම්බන්ධ මොලේ කොටසක් අජිනොමොටෝ වල සංඝටකයක් මගින් උත්තේජනය කරනවා. (කුඩු තරම් ක්ෂණිකව නොවුනත් හරියට කුඩු ගැහුවා වගේ). දීර්ග කාලීනව සුළු වශයෙන් හරි භාවිතයේදී අපි ඒ රසට හුරු වෙනවා. එතකොට වෙනත් කුළු බඩු දාල රසට හදල තියෙන එකක් උනත් මේ රසට පුරුදු වෙච්ච කෙනාට රස නැහැ.

    අද ලංකාවේ ගොඩක් පොඩි දරුවන් ඉඳල වැඩිහිටියා දක්වා මේ ප්‍රශ්නෙට යට වෙලා ඉවරයි.

    මම මේ කියපු එක ගැන හරියටම විස්තර ඇති වෙබ් එකේ. අවශ්‍ය අය හොයා ගන්න.

    උබ ඔය කියන විදියට එහෙනම් මුලින්ම තහනම් කරන්න ඕනේ "සිනි". සිනි වලට තරම් වෙන මොකටවත් ඇබ්බැහිවෙන්නේ නෑ. අජිනමොටෝ වලට ඇබ්බැහි වෙනවා කියන එක නම් පිළිගන්න බැ. මොකද ඕක වැඩි උනාම මෙලෝ රහක් නැ.

    අනික අදකාලේ ගොඩක් උන් සිගරට් බිබී කොකා කොලා හොද නෑ කියනවා :lol:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උබ ඔය කියන විදියට එහෙනම් මුලින්ම තහනම් කරන්න ඕනේ "සිනි". සිනි වලට තරම් වෙන මොකටවත් ඇබ්බැහිවෙන්නේ නෑ. අජිනමොටෝ වලට ඇබ්බැහි වෙනවා කියන එක නම් පිළිගන්න බැ. මොකද ඕක වැඩි උනාම මෙලෝ රහක් නැ.

    අනික අදකාලේ ගොඩක් උන් සිගරට් බිබී කොකා කොලා හොද නෑ කියනවා :lol:

    :yes::yes::yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක අජිනොමොටෝ කොම්පැනියෙන් මුදල් ගෙවා කරන ලද වෙළඳ දැන්වීමක් වගේ මට නම් පෙනෙන්නේ.

    :yes::yes:

    කෘත්‍රීම දේවල් කවද්ද බන් ඇගට හොඳක් වුනේ.

    වස වලින් නාවලා එළවළු පළතුරු හදන උනුත් ,තමන්ට කන්න ඕනේ එළවළු ටික වස විෂ නොගහ වෙනම හදා ගන්නේ නිකන්ද?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මේක අජිනොමොටෝ කොම්පැනියෙන් මුදල් ගෙවා කරන ලද වෙළඳ දැන්වීමක් වගේ මට නම් පෙනෙන්නේ.

    මොකද මේක ඇත්ත උනත් මෙතන කිව යුතුම එකක් කියල නැහැ, මොකද අපේ ඇබ්බැහිවීම් වලට සම්බන්ධ මොලේ කොටසක් අජිනොමොටෝ වල සංඝටකයක් මගින් උත්තේජනය කරනවා. (කුඩු තරම් ක්ෂණිකව නොවුනත් හරියට කුඩු ගැහුවා වගේ). දීර්ග කාලීනව සුළු වශයෙන් හරි භාවිතයේදී අපි ඒ රසට හුරු වෙනවා. එතකොට වෙනත් කුළු බඩු දාල රසට හදල තියෙන එකක් උනත් මේ රසට පුරුදු වෙච්ච කෙනාට රස නැහැ.

    අද ලංකාවේ ගොඩක් පොඩි දරුවන් ඉඳල වැඩිහිටියා දක්වා මේ ප්‍රශ්නෙට යට වෙලා ඉවරයි.

    මම මේ කියපු එක ගැන හරියටම විස්තර ඇති වෙබ් එකේ. අවශ්‍ය අය හොයා ගන්න.

    මම මේ දාලා තියන්නේ පොඩි කොටසක්. යට දල තියන ලින්ක් එකේ ඔක්කොම විස්තර ටියන්වා.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේක අජිනොමොටෝ කොම්පැනියෙන් මුදල් ගෙවා කරන ලද වෙළඳ දැන්වීමක් වගේ මට නම් පෙනෙන්නේ.

    මොකද මේක ඇත්ත උනත් මෙතන කිව යුතුම එකක් කියල නැහැ, මොකද අපේ ඇබ්බැහිවීම් වලට සම්බන්ධ මොලේ කොටසක් අජිනොමොටෝ වල සංඝටකයක් මගින් උත්තේජනය කරනවා. (කුඩු තරම් ක්ෂණිකව නොවුනත් හරියට කුඩු ගැහුවා වගේ). දීර්ග කාලීනව සුළු වශයෙන් හරි භාවිතයේදී අපි ඒ රසට හුරු වෙනවා. එතකොට වෙනත් කුළු බඩු දාල රසට හදල තියෙන එකක් උනත් මේ රසට පුරුදු වෙච්ච කෙනාට රස නැහැ.

    අද ලංකාවේ ගොඩක් පොඩි දරුවන් ඉඳල වැඩිහිටියා දක්වා මේ ප්‍රශ්නෙට යට වෙලා ඉවරයි.

    මම මේ කියපු එක ගැන හරියටම විස්තර ඇති වෙබ් එකේ. අවශ්‍ය අය හොයා ගන්න.

    Uba kiwwa eka hari ban...a unata technically kiyana taram nam yaka kalu na ithin ne....addictions nam cancer ekak wage spread wenawa ne ban....dan api igena ganna eka.....kasada badina eka ...society kiyana ewath minisun kaaalayak karagena giya addictions thamai ban ...:rolleyes::rolleyes: hoda naraka unath ehemai....onama addicition ekak minihata confortable kiyala hitana kan eka addicition ekak nemi...eeta passe kiyanawa adicition ekak kiyala...ehema nattam hoda naa kiyala :/
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    දැන් ඉන්න ගෑනුන්ට කුළු බඩු දාලා රසට කෑම ටිකක් උයාගන්න පුලුවන්ද බන්?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඉන්න ගෑනුන්ට කුළු බඩු දාලා රසට කෑම ටිකක් උයාගන්න පුලුවන්ද බන්?

    එහෙම කියලා වස කන්න එපා යකෝ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Correction

    Ajinomoto අජිනමොටෝ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් knorr වගේ
    msg කියන්නේ එකේ එක product එකක් විතරය්. අජිනමොටෝ ඇරෙන්න වෙන බ්‍රෑන්ඩ් තියනවා msg හදන විකුණන.
    අජිනමොටෝ කිව්වට එක හරියට marmite, keels කියනව සමහරැ sausages වලට වගේ

    msg වල කොලිටිය ගැන කියන්නම් නම් මම දන්නේ නෑ
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    එහෙම කියලා වස කන්න එපා යකෝ

    එහෙම නමෙයි. මමනන් සිරාවට ගෙදරින් කන්න එච්චර කැමැත්තක් නෑ. ඒ උනාට සමහර උන්ට කඩේ කෑම සෙට් වෙන්නෑ. උබ නිකමට බලපන් එහෙම කියන එකෙක්ගේ කෑම එකක්. උට ඇත්තටම කඩෙන් කන්න ඕනේ නැ බන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    අව්ල තින්නේ බං ඕකට වඩා අහිතකර වර්ණක, රසකාරක, විස සහිත තෙල් වගේ දේවල් කෑමට ගන්න එක ගැන කව්රුත් වැඩිය කතාවක් නෑ

    සමහර විට MSG වලට උනේ ගංජා වලට උන ඩේ වෙන්න පුළුවන්. සුළු ප්‍රමාණයක් අහිතකර නෑ විශාල වශයෙන් ගන්න හොඳ නෑ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    TFS rep added+++++
    MSG තහනම් කරල තියෙන්නෙ Punjab Food Authority විතරයි.
    "There is no convincing evidence that MSG is a significant factor in causing systemic reactions resulting in severe illness or mortality"
    "A popular belief is that MSG can cause headaches and other feelings of discomfort but double-blind tests have found no good evidence to support this."
    https://en.wikipedia.org/wiki/Monosodium_glutamate

    "MSG has been used as a food additive for decades. Over the years, the FDA has received many anecdotal reports of adverse reactions to foods containing MSG. These reactions — known as MSG symptom complex — include:

    Headache
    Flushing
    Sweating
    Facial pressure or tightness
    Numbness, tingling or burning in the face, neck and other areas
    Rapid, fluttering heartbeats (heart palpitations)
    Chest pain
    Nausea
    Weakness

    However, researchers have found no definitive evidence of a link between MSG and these symptoms. Researchers acknowledge, though, that a small percentage of people may have short-term reactions to MSG. "
    https://www.mayoclinic.org/healthy-lifestyle/nutrition-and-healthy-eating/expert-answers/monosodium-glutamate/faq-20058196

    යකා හිතන තරම් කළ නෑ තමයි ඒත් අඩු‍වෙන් පාවිච්චියට ගන්න එක තමයි වඩාත් හොඳ