“පින්වත් මහණෙනි, මේ මක්ඛලී ගෝසාල(mohommed) කියන හිස් පුරුෂයා තරම් බොහෝ දෙනා ගේ අහිත පිණිස, බොහෝ දෙනා ගේ දුක පිණිස, බොහෝ දෙනා ගේ ත්, දෙව් මිනිසුන් ගේ ත් අනර්ථය පිණිස, අහිත පිණිස, දුක පිණිස ම පැමිණි වෙනත් එක ම පුද්ගලයෙක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගෙයි. ගඟක මෝය කටක කෙමනක් අටවලා තියෙනවා. එය බොහෝ මත්ස්‍යයින් ගේ අහිත පිණිස ත්, දුක පිණිස ත්, අනර්ථය පිණිස ත්, විනාශය පිණිස ත් හේතු වෙනවා. අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, ඔය මක්ඛලී කියන හිස් පුරුෂයා බොහෝ සත්වයන් ගේ අහිත පිණිස ත්, දුක පිණිස ත්, අනර්ථය පිණිස ත්, විනාශය පිණිස ත් මේ ලෝකෙ ඉපදිච්ච මිනිස් කෙමනක් කියල යි හිතෙන්නේ.”