MULTI බැරල්_රොකට් no more

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    MULTI බැරල්_රොකට් no more

    6-1.jpg

    කොස්‌ගම සාලාව අවි ගබඩාව විනාශවීමට මුල්වූ හේතුව මෙතෙක්‌ හෙළිවී නැත. අකුණු ගැසීමේ සිට විදුලි කාන්දුවක්‌ දක්‌වා සිදුවී ඇති බවට තොරතුරු ප්‍රචාරය වී ඇත.

    එක්‌ මේජර් ජනරාල්වරයෙක්‌ පැවසුවේ අවි ගබඩා පිපිරීම සාමාන්‍ය සිදුවීමක්‌ බවයි. ඔහු යුද්ධ සමයේ සේවයට බැඳී හමුදා මූලස්‌ථානයේ සේවය කළ අයෙකි.

    එහෙත් කොස්‌ගම සාලාව ප්‍රදේශයේ පිපිරී ගියේ සාමාන්‍ය අවි ගබඩාවක්‌ නොවේ.

    මෙම පිපිරීම සිදුවන අවස්‌ථාවේ ගිනි නිවීමේ අභ්‍යාසයක්‌ පැවැති බව ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. කොතරම් ආශ්චර්යමත් ප්‍රකාශයක්‌ද? අවි ගබඩාවක්‌ සමීපයේ ගිනි නිවීමේ අභ්‍යාස පවත්වන රටවල් ලොව තිබෙන්නේ කොහේද?

    කොස්‌ගම සාලාව අවි ගබඩාවේ පසුබිම හා මතුවී ඇති ප්‍රශ්න මෙසේයි.

    1. වන්නි මෙහෙයුම සමයේ අතිශයින්ම රහසිගත අවි ගබඩාව වූයේ මෙයයි.

    2. මෙම අවි ගබඩාව සතුරන් අතට පත්වීමේ අවදානමක්‌ ඇතිවූවොත් එය විනාශ කිරීමේ චාජරයක්‌ද තිබුණි.

    3. එය තිබුණේ කවුරුන් ළඟද?

    4. කොස්‌ගම සාලාව කඳවුරේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර යන්ත්‍ර සඳහා ග්‍රාඩ් හෙවත් හේල් නමින් හඳුන්වන බලවත් රොකට්‌ තැන්පත් කර තිබුණි. මේවායේ තිබුණේ අධිබල පුපුරණ ද්‍රව්‍යයයි.

    5. වන්නි මෙහෙයුමේදී ප්‍රභාකරන්ටවත් විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව එම මෙහෙයුම අවසන්වී වසර 7 කට පසු හදිසියේ ගිනිගෙන පිපිරී ගියේ කෙසේද?

    6. අවි ගබඩාව පිපිරීම විමර්ශනය කිරීමට බුද්ධි අංශ යෙදවීමෙන් වැළකී ඇත්තේ මන්ද?

    7. රජය අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක්‌ද?

    කොස්‌ගම සිද්ධිය සුළුපටු සිදුවීමක්‌ නොවේ.

    මෙහි තැන්පත් කර තිබූ උණ්‌ඩවලින් ඉතා බලගතු උණ්‌ඩ වන්නේ මි.මී.122 ග්‍රාඩ් රොකට්‌ හෙවත් ඩෙඩ්ලි තන්ඩර් නමින් හඳුන්වන රොකට්‌ විශේෂයයි. මේ රොකට්‌ විශේෂය ගැන සාමාන්‍ය ජනතාව දන්නේ නැත.

    මේ රොකට්‌ උණ්‌ඩ දැන් චෙක්‌ සහ ස්‌ලෝවැකියා රාජ්‍යවලින් අපේ හමුදාවට ලබාගැනීමට නොහැකිය. ඊට හේතුව වී ඇත්තේ යුරෝපා සංගමය ඒ සඳහා ඉඩ නොදීමයි.

    ඉහළ පෙලේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ග්‍රාඩ් රොකට්‌ 20000 ක පමණ තොගයක්‌ සාලාව අවි ගබඩාවේ තිබී ඇත.

    එහෙත් සාලාව විනාශවීමෙන් අපට එම වටිනා රොකට්‌ විශේෂය අහිමිවී ඇත. මේ සත්‍ය තොරතුරු වසන් කිරීම සඳහා ඇතැම් හමුදා නිලධාරීන් ජනතාව වෙත සාවද්‍ය ප්‍රකාශ කරන බව අනාවරණය වේ. ඇතමුන් වන්නි මෙහෙයුමට කිසිසේත් දායකවූවන් නොවේ.

    මේ පසුබිම මැද සාලාව අවි ගබඩාව විසින්ම ගින්නක්‌ ඇතිකර පිපිරීම් සිදුකළ බව කිව හැකිද?

    ප්‍රභාකරන් වඩාත් බියට පත්වූයේ ග්‍රාඩ් රොකට්‌ හා මල්ටිබැරල් රොකට්‌ යන්ත්‍ර නිසාය.

    2000 වසරේදී ප්‍රභාකරන් යාපනය දොරටුව අසලට පැමිණ 40000 ක හමුදා භටයන්ට සුදු කොඩි ඔසවා යටත්වන ලෙස නියෝග කරද්දී අපට පිහිටවූයේ චෙක්‌ මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ය.

    මේ ග්‍රාඩ් රොකට්‌ කොළඹ වරායේ සිට හමුදා කන්ටේනර්වලින් සාලාව අවි ගබඩාවට ගෙන එන අවස්‌ථාවේත් ඒවා විනාශ කරලීමේ හැකියාවක්‌ ප්‍රභාකරන්ට නොතිබුණි.

    එසේ නම් වන්නි මෙහෙයුම සමයේ විනාශ කිරීමට නොහැකිවූ සාලාව අවි ගබඩාව වසර 7 කට පසු මුළුමනින්ම විනාශ වූයේ කෙසේද?

    එහෙත් මෙතරම් බරපතළ විනාශයක්‌ සිදුවී තිබියදී කිසිවෙක්‌ ඉල්ලා අස්‌වූයේ නැත.

    කොස්‌ගම සාලාව අවි ගබඩාවේ ගිනිකෙළි සංදර්ශනයක්‌ පවත්වා නැත. එහි තිබූ ග්‍රාඩ් රොකට්‌ තොගය විනාශ කිරීම යනු හමුදාවේ අධි ප්‍රහාරක බලය වැනසීමයි.

    වන්නි මෙහෙයුම ජයගනු ලැබුවේත් මල්ටිබැරල් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ නිසාය.

    එසේම ග්‍රාඩ් වැනි රොකට්‌ ඇති ස්‌ථානයක ගිනි අභ්‍යාස පවත්වන්නේද?

    සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනය චෙච්නියාවේ ග්‍රොස්‌නි නුවරට රුසියානු හමුදාව රොකට්‌ ප්‍රහාරයක්‌ එල්ල කිරීමෙන් පසු දකින්නට ලැබුණු දර්ශනයට සමානය.




    මෙම සිදුවීමේ වගකීම දැරිය යුත්තේ යුද හමුදා බලධාරීන්ය.

    මෙයට වසර ගණනකට පෙර එක්‌ හමුදාපතිවරයෙක්‌ යම් සිදුවීමක්‌ නිසා වගකීම බාරගෙන සිය ඉල්ලා අස්‌වීම ඉදිරිපත් කළේය. එහෙත් මෙතෙක්‌ මෙම සිදුවීමේ වගකීම බාරගැනීමට කිසිම හමුදා නිලධාරියකු ඉදිරිපත්වී නැත.

    කීර්ති වර්ණකුලසූරිය
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    රටවල් 7කට හොරෙන් දියත් වූ
    මල්ටි බැරල් මෙහෙයුම



    tos.gif


    කොටින් දනගැස්‌සූ යුද කතාවේ හෙළි නොවූ කොටසක්‌​

    ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය මුළුමනින්ම වෙනස්‌ කළේ 2000 වසරේදී ශ්‍රී ලංකා රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට්‌ විදින යන්ත්‍ර සහ පොළව දෙදරන ග්‍රාඩ් රොකට්‌ය.

    බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ඇමරිකාව, කැනඩාව සහ ඉන්දියාව පවා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන්වන බව දැන සිටියේ නැත. 40000 ක ශ්‍රී ලංකා හමුදාවට සුදු කොඩි ඔසවා යටත් වන ලෙස ප්‍රභාකරන් නියෝග කරද්දී මෙරට ආරක්‍ෂක බලධාරීන් දැඩි අසරණ තත්ත්වයට පත්වූහ. මේ අවස්‌ථාවේ හමුදාව බේරා ගැනීමට නම් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගෙන ආ යුතු යෑයි එදා අපි නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි අනුරුද්ධ රත්වත්තේ වෙත කියා සිටියෙමු. ඒ වන විට ශ්‍රී ලංකා හමුදාව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියේය. යාපනයේ හමුදාව ඉවත් කර ගත යුතු බවට ඇතැම් හමුදා ප්‍රධානීන් රජයට යෝජනා පවා ඉදිරිපත් කර තිබුණේය. 2000 වසරේ ජංගම දුරකථන නොතිබූ නිසා ප්‍රභාකරන් විසින් යාපනය අල්ලා ගැනීමේ පුවත ලැබෙනතුරු විදේශ වාර්තාකරුවෝ කොළඹ තරු හෝටල්වලට පුන පුනා බලා සිටියහ.

    එහෙත් අතිශයින්ම රහසිගත මෙහෙයුමක්‌ දියත් වී තිබුණි. මේ මෙහෙයුම මගින් බලගතු ආයුධයක්‌ මෙරටට ගෙන ඒමට ක්‍රියාත්මක විය. එකී මෙහෙයුමට පෙර ජෙනරාල් රත්වත්තේ එවකට පාකිස්‌තාන් ජනාධිපතිව සිටි පේවේස්‌ මුශාරප් අමතා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කළේය. ශ්‍රී ලංකාව මුහුණපා සිටි අසීරු තත්ත්වය තේරුම් ගත් මුශාරප් එදා පාකිස්‌තාන් හමුදාව භාවිත කළ පැරණි රොකට්‌ යන්ත්‍ර්‍රයක්‌ මෙරටට සැපයීය. යාපනය ටයර් හංදියේ ස්‌ථාන ගත කළ මෙම පැරණි රොකට්‌ යන්ත්‍ර ක්‍රියාත්මක වීම ෙ€දජනක සිද්ධියක්‌ විය. ඉදිරියට යා යුතු රොකට්‌ වෙනුවට පිටුපසින් රොකට්‌ ක්‍රියාත්මක වීමෙන් සෙබළු කීපදෙනෙක්‌ ජීවිතක්‍ෂයට පත්වූහ.

    මේ සමයේ චෙක්‌ රාජ්‍යයේ මයිකල් ස්‌මර්ස්‌ නමැති නිලධාරියෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණ පලාලි වෙත ගොස්‌ උතුරේ තත්ත්වය විමර්ශනය කළේය. ශ්‍රී ලංකා හමුදාව දැඩි අනතුරුදායක තත්ත්වයකට මුහුණපා ඇති බව ඔහුට අවබෝධ විය.

    විගස චෙක්‌ රාජ්‍යයේ ප්‍රාග් නුවරට ගිය ඔහු අධි බලැති මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ මෙරටට එවීමට ක්‍රියා කළේය. මේ යන්ත්‍රය එවනු ලැබුවේ රුසියානු ඉලුෂින් නමැති දැවැන්ත කුලී ගුවන් යානාවකය. එහෙත් එම ගුවන් යානාව දින හතරක්‌ තිස්‌සේ අතුරුදන් වී තිබුණි.

    පසුව වාර්තා වූයේ යානාව අසර්බන්ජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩ බස්‌සා ඇති බවයි. ශ්‍රී ලංකා රජය හා චෙක්‌ රාජ්‍යය මැදිහත්වීමෙන් පසු යානාව නිදහස්‌ කෙරුණි. මෙම යානාව කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය එළියට ගනු ලැබීය. එහිදී හෙළි වූයේ එම යන්ත්‍රයේ වයර් කපා ඇති බවයි. මෙය විදේශ චරපුරුෂ සේවාවක ක්‍රියාදාමයක්‌ බවට පසුව වාර්තා විය.

    එහෙත් චෙක්‌ ඉංජිනේරුවන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරුවන් එක්‌ව පැය 24 ක්‌ තුළ යන්ත්‍රය ප්‍රකෘති තත්ත්වයට පත් කෙරුණි.

    මේ අන්දමට බොයින් භාණ්‌ඩ ප්‍රවාහන යානාවක දමා මෙරටට එවූ තවත් මල්ටි බැරල් යන්ත්‍රයක්‌ එක්‌සත් එමීර් රාජ්‍යයේ පුජාරා ගුවන්තොටුපළට ගොඩ බස්‌සා තිබුණි.

    එම අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රජය මැදිහත්වී යානාව බේරා ගනු ලැබීය. මේ නිසා මයිකල් ස්‌මර්ස්‌ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර එවීමට තවත් උපක්‍රමයක්‌ භාවිත කළේය. මේ සමයේ ඉන්දියාවද චෙක්‌ රාජ්‍යයේ ටී 72 යුද ටැංකි ඇනවුම් කර තිබිණි.

    ඒ අනුව ඒෂියා විෂන් නමැති නැවෙන් ඉන්දියාවට ටී 72 යුද ටැංකි ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබිණි.

    මෙම යුද්ධ ටැංකි නැවට ගොඩ බෑමට පෙර නැවේ යට තට්‌ටුවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කීපයක්‌ ඇතුළත් කර තිබිණි.

    ඒෂියා විෂන් නැවට මුහුදේදී ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවූයේ නැත. කොළඹ වරායට පැමිණි ඒෂියා විෂන් නැව දැවැන්ත මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ගොඩබෑමත් සමඟම වරාය සේවකයෝ විස්‌මයට පත්වූහ.

    එහෙත් බියකරු මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර මෙරටට ගෙනැවිත් ඇති බවට පොට්‌ටු අම්මාන්ගේ ටොසී චරපුරුෂ සේවාවට වාර්තා වූයේ නැත.

    ටොසී බුද්ධි සේවාව ලත් මුල්ම පරාජය එය බව ප්‍රභාකරන් පසුව පැවසීය.

    සුදු කොඩි ඔසවා යටත් වීමේ කාල සීමාව දික්‌ කරන්නේ නැතැයි ප්‍රභාකරන් දැනුම් දෙන අවස්‌ථාවේ යෝධ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයක්‌ සහ ග්‍රාඩ් රොකට්‌ හතළිහක්‌ යාපනයේ සූදානම්වී තිබුණි.

    මොහොතකින් එම යන්ත්‍රයෙන් ප්‍රභාකරන්ගේ කොටි හමුදාව සිටි ප්‍රදේශයට එකවර රොකට්‌ ප්‍රහාර 40 ක්‌ එල්ල විය. සිදුවූයේ කුමක්‌දැයි තේරුම් ගැනීමට ප්‍රභාකරන්ට හා කොටි හමුදා නායකයන්ට නොහැකි විය.

    නොකඩවා එල්ල වූ ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර හමුවේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තයෝ වන්නියට පැන ගියහ.

    මේ නිසා යාපනය ඇද වැටෙනු ඇති බවට පුවත අපේක්‍ෂාවෙන් සිටි විදෙස්‌ වාර්තාකරුවෝ දුක්‌මුසු ලෙසින් මෙරටින් පිටව ගියහ.

    වන්නියට පැනගිය ප්‍රභාකරන් ඒ වන විටත් ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ ලබාගෙන ඇති බව දැන සිටියේ නැත.

    ප්‍රභාකරන්ගේ ප්‍රකාශයක්‌ විකාශනය කළ ලන්ඩන් කොටි කාර්යාලය පැවසුවේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට බලගතු ආයුධ සපයා ඇති බවයි.

    යාපන අර්ධද්වීපයේ සිටි 40,000 ක හමුදාව බේරා ගැනීම සඳහා මයික්‌ ස්‌මර්ස්‌ නමැති චෙක්‌ නිලධාරියා දියත් කළ රහසිගත මෙහෙයුම එදා හෙළි වූයේ නම් ප්‍රභාකරන් අනිවාර්යයෙන්ම යාපනයට කඩිනමින් ප්‍රහාර එල්ල කරනු නියතය.

    මයික්‌ ස්‌මර්ස්‌ ශ්‍රී ලංකා හමුදාවට මල්ටි බැරල් රොකට්‌ සපයන බව ඉන්දීය - රෝ බුද්ධි සේවාවට වාර්තා වූයේ නම් එම ක්‍රියාදාමය නතර කිරීමට ඉන්දීය රජයද ක්‍රියා කරනු ඇත.

    එහෙත් ස්‌මර්ස්‌ගේa මෙහෙයුම මෙරට ආරක්‍ෂක විශ්ලේෂකයකු යෑයි හඳුන්වා ගන්නා තැනැත්තකුට පවා හෙළි වූයේ නැත.

    ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර කඩිනමින් ලබාදීමේදී අපි ප්‍රශ්න රැසකට මුහුණ පෑවා. අපිට වරායක්‌ නෑ. පෝලන්තයේ වරායේ සිට මල්ටි බැරල් එවීමට ක්‍රියා කළහොත් රහස එළිවෙනවා. ඒ නිසා ප්‍රාග් අගනුවර සිට චෙක්‌ රාජ්‍යයේ ප්‍රාදේශීය ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළට මල්ටි බැරල් හා ග්‍රාඩ් රොකට්‌ දුම්රියෙන් ප්‍රවාහනය කළා.

    එම දුම්රියේ අධි බල පුපුරන ද්‍රව්‍ය ලේබල් ඇලවීමට ක්‍රියා කළා යෑයි ස්‌මර්ස්‌ හෙළි කළේය.

    ඒ වන විට අපි රුසියානු ඉලුෂින් යානාවක්‌ කුලියට ගෙන තිබුණා. මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය හා ග්‍රාඩ් රොකට්‌ රැගත් ඉලුෂින් යානාව පැරණි සෝවියට්‌ ප්‍රාන්තයක්‌ වූ අසර්බයිජානයේ බාකු ගුවන්තොටුපළට ගොඩබස්‌සා එහි රඳවා තිබුණේ අසර්බයිජාන් ගුවන් හමුදාවයි.

    ශ්‍රී ලංකාවේ හමුදාව බේරා ගැනීම සඳහා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර අත්‍යවශ්‍ය වූ අවස්‌ථාවේ එවකට රුසියානු ජනාධිපතිව සිටි ප්‍රයිස්‌ අසර්බයිජාන් බලධාරීන් අමතා යානාව මුදා හැරීමට සහය විය.

    මයිකල් ස්‌මර්ස්‌ ඇතුළු කණ්‌ඩායම දෙවැනි වරටත් ඔස්‌ට්‍රාවා ගුවන්තොටුපළේ සිට එවූ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රය ද රැගත් බොයින් යානාවද අතුරුදන් වී තිබුණි.

    මේ බොයින් යානාව එක්‌සත් එමීර් රාජ්‍යය අහසේ එන අවස්‌ථාවේ මිරා- ප්‍රහාරක යානා දෙකක්‌ විසින් වට කිරීම නිසා පුජාරා ගුවන් තොටුපළට ගොඩ බස්‌සා ඇත. එහෙත් එම යානාව ද මුදා හැරීමට එවකට සිටි ශ්‍රී ලංකා රජයට හැකි විය.

    චෙක්‌ රාජ්‍යය මෙරටට මල්ටි බැරල් සැපයූවේ අතිශයින්ම දුෂ්කර වූ තත්ත්වයක්‌ මතය. මේ බලගතු අවි ශ්‍රී ලංකාවට සැපයීම ව්‍යර්ථ කිරීමට චෙක්‌ ආරක්‍ෂක ඇමැති ඩේවිඩ් නියෝග කළත් චෙක්‌ පාර්ලිමේන්තුව ඊට ඉඩ දුන්නේය.

    ඒ වන විට ශ්‍රී ලංකා හමුදාවට තිබුණේ මි. මී. 122 මි. මී. 152 වැනි කාලතුවක්‌කු බතරොයි පමණකි.

    මල්ටි බැරල් රොකට්‌ මෙරටට ගත යුතු යෑයි හමුදා බලධාරීන් වෙත යෝජනා වූ අවස්‌ථාවේ එක්‌ බ්‍රිගේඩියර්වරයෙක්‌ ඊට මුළුමනින්ම එරෙහි විය. මල්ටි බැරල් වලින් හමුදාවට වැඩක්‌ නැහැ යෑයි හෙතෙම කියා සිටියේය.

    attachment.php

    එසේ වුවත් චෙක්‌ රාජ්‍යය සැපයූ මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍රය මගින් ග්‍රාඩ් රොකට්‌ ප්‍රහාර එල්ල වෙද්දී සෙබළු ප්‍රීති ඝෝෂා කළහ. මෙම ග්‍රාඩ් රොකට්‌ වුවත් කිලෝ මීටර් 21 දුරට යෑවීමට හැකිය. තත්පර 35 ක්‌ වැනි කාලසීමාවකදී ග්‍රාඩ් රොකට්‌ 40 ක්‌ යෑවීමෙන් සතුරු ආගමනය මුළුමනින්ම නතර කළ හැකිය.

    2009 මැයි 19 දා කොටි යුද්ධය අවසන් වනතුරුම ප්‍රභාකරන්ට එකම මල්ටි බැරල් යන්ත්‍රයක්‌වත් පැහැර ගැනීමට හැකි වූයේ නැත. කොටි හමුදාව මුහුණපෑ බලවත්ම ප්‍රහාරක අවිය මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍රයයි.

    මේ බලගතු ප්‍රහාරක අවි ඉන්දියාවට පවා නොමැත. ශ්‍රී ලංකාවේ හමුදාව මෙන්ම ඉතියෝපියානු හමුදාවක්‌ එරිත්‍රියානු බෙදුම්වාදීන් හමුවේ පරාජය වන තත්ත්වයට පත්වුණා. එහෙත් අපි මල්ටි බැරල් ප්‍රහාර යන්ත්‍ර ඉතියෝපියාවට ලබාදීමෙන් දින 7 කදී යුද්ධය නිමාවුණා යෑයි මයික්‌ ස්‌මර්ස්‌ කියා සිටියේය.

    මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ හමුදාවට මල්ටි බැරල් ගෙන්වා වසර 16 ක්‌ ගතවේ. එදා මල්ටි බැරල් මගින් යාපනය බේරා නොගත්තේ නම් වන්නි මෙහෙයුම දියත් කිරීම දුෂ්කර වනු නියතය.

    මේ අතර ශ්‍රී ලංකා හමුදාව කොටි සංවිධානයට එරෙහිව මල්ටි බැරල් යන්ත්‍ර මගින් ප්‍රහාර එල්ල කර ඇති බවත් සිවිල් වැසියන් ද ඊට ගොදුරු වී ඇති බවට චෝදනා එල්ලවිය. මේ සාවද්‍ය ප්‍රකාශ නිසා චෙක්‌ රාජ්‍යයද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය පාවිච්චි කරනු ලැබීය.

    එහෙත් ශ්‍රී ලංකාවට මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට්‌ සැපයුවේ චෙක්‌ රාජ්‍ය බව චෙක්‌ බලධාරීන්ට අමතක විය.

    එසේම ශ්‍රී ලංකා හමුදා බලධාරීන්ද පසුව චෙක්‌ මන්ටි බැරල් යන්ත්‍ර සඳහා ග්‍රාඩ් රොකට්‌ මිලයට ගත්තේ චෙක්‌ රාජ්‍යයට එරෙහි ස්‌ලොවැකියාවෙනි.

    මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාරක යන්ත්‍ර මෙරටට ගෙන්වා වසර 14 ක්‌ සපිරෙන අවස්‌ථාවේ කලකට පෙර තවත් සිද්ධියක්‌ වාර්තා විය. ඒ එක්‌තරා හමුදා නිලධාරියකු එම යන්ත්‍රවලට අවශ්‍ය හයිඩ්‍රෝලික්‌ තෙල් වෙනුවට පොල්තෙල් භාවිත කරන ලෙස උපදෙස්‌ දීමය.

    කොටි යුද්ධය දිගින් දිගටම පවත්වාගෙන යැමේ ආශාවෙන් පෙළුණු ඇතැම් හමුදා බලධාරීහු මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මෙරටට ගෙන ඒම ගැන සතුටු වූයේ නැත. ඔවුන් කිසිවෙක්‌ 40000 ක හමුදාව බේරා ගැනීමට මල්ටි බැරල් රොකට්‌ හා ග්‍රාඩ් රොකට්‌ ගෙන ආ යුතු බව ඉහළ පෙළේ ආරක්‍ෂක බලධාරීන්ට නිර්දේශ කළේ නැත. එහෙත් අපි අපේ යුතුකම ඉටු කළෙමු.




    attachment.php


    attachment.php


    attachment.php
     
    Last edited:
    • Like
    Reactions: Ashman

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    මටනම් පේන්නේ ඔය බ්ලාස්ට් එක හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්.නැත්නම් කොහොමද හමුදාව නිවාඩු ගිය ඉරිදා දවසකම ඕක වෙන්නේ.කලින්උ නා කියලා මේ ආණ්ඩුවට අත පිහදාගන්න බැහැ.කලින් උන පිපිරීම් වලින් මේ තරම් විනාසයක් වුනේ නැහැ.මේකේ පාඩුව ඩොලර් මිලියන ගානක්.පුපුරවපු එකා ටාර්ගට් කරලා තියෙන්නේ ඔය ග්‍රාඩ් රොකට් ටික.මම නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක ඉබේ උන දෙයක් කියලා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    මටනම් පේන්නේ ඔය බ්ලාස්ට් එක හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්.නැත්නම් කොහොමද හමුදාව නිවාඩු ගිය ඉරිදා දවසකම ඕක වෙන්නේ.කලින්උ නා කියලා මේ ආණ්ඩුවට අත පිහදාගන්න බැහැ.කලින් උන පිපිරීම් වලින් මේ තරම් විනාසයක් වුනේ නැහැ.මේකේ පාඩුව ඩොලර් මිලියන ගානක්.පුපුරවපු එකා ටාර්ගට් කරලා තියෙන්නේ ඔය ග්‍රාඩ් රොකට් ටික.මම නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක ඉබේ උන දෙයක් කියලා..

    :yes:


    සාලාව අවි ගබඩාව විනාශවීමත් සමග යුද හමුදාවේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සඳහා චෙක්‌ රාජ්‍ය සහ ස්‌ලෝවැකියා යන රටවලින් ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙයට හේතුවී ඇත්තේ යුරෝපා සංගමය තම සාමාජික රටවලට ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ සැපයීම තහනම් කිරීමයි.වන්නි මෙහෙයුමේදී සිවිල් ජනතාව වෙත මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාර එල්ල කළ බවට ඊළාම් ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය වෙත සාවද්‍ය පැමිණිල්ලක්‌ යොමු කර තිබුණි.

    ශ්‍රී ලංකා හමුදාවේ දැඩි ප්‍රහාරක බලයක්‌ තිබුණේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මත බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.

    සාලාව අවි ගබඩාව ගිනි ගන්නා අවස්‌ථාවේ එහි ග්‍රාඩ් රොකට්‌ 20000 ක්‌ පමණ තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මටනම් පේන්නේ ඔය බ්ලාස්ට් එක හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්.නැත්නම් කොහොමද හමුදාව නිවාඩු ගිය ඉරිදා දවසකම ඕක වෙන්නේ.කලින්උ නා කියලා මේ ආණ්ඩුවට අත පිහදාගන්න බැහැ.කලින් උන පිපිරීම් වලින් මේ තරම් විනාසයක් වුනේ නැහැ.මේකේ පාඩුව ඩොලර් මිලියන ගානක්.පුපුරවපු එකා ටාර්ගට් කරලා තියෙන්නේ ඔය ග්‍රාඩ් රොකට් ටික.මම නම් කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක ඉබේ උන දෙයක් කියලා..
    ;)
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    :yes:


    සාලාව අවි ගබඩාව විනාශවීමත් සමග යුද හමුදාවේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සඳහා චෙක්‌ රාජ්‍ය සහ ස්‌ලෝවැකියා යන රටවලින් ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙයට හේතුවී ඇත්තේ යුරෝපා සංගමය තම සාමාජික රටවලට ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ සැපයීම තහනම් කිරීමයි.වන්නි මෙහෙයුමේදී සිවිල් ජනතාව වෙත මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාර එල්ල කළ බවට ඊළාම් ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය වෙත සාවද්‍ය පැමිණිල්ලක්‌ යොමු කර තිබුණි.

    ශ්‍රී ලංකා හමුදාවේ දැඩි ප්‍රහාරක බලයක්‌ තිබුණේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මත බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.

    සාලාව අවි ගබඩාව ගිනි ගන්නා අවස්‌ථාවේ එහි ග්‍රාඩ් රොකට්‌ 20000 ක්‌ පමණ තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.

    Grad 20000 ක් නම් කොහෙත්ම තියෙන්න විදියක් නෑ බන්. ලන්කාවෙම ඒ තරම් ස්ටොක් එකක් නෑතුව ඇති. 20000 ක් තිබ්බ මම් ඔය හතර මායිමක ගමක් ඉතුරු වෙන්නෙ නෑ. මොක උනත් ඕක ප්ලෑන් එකකට කරපු වැඩක්. ඉබේ පිපිරුනා වෙන්න බෑ
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Grad 20000 ක් නම් කොහෙත්ම තියෙන්න විදියක් නෑ බන්. ලන්කාවෙම ඒ තරම් ස්ටොක් එකක් නෑතුව ඇති. 20000 ක් තිබ්බ මම් ඔය හතර මායිමක ගමක් ඉතුරු වෙන්නෙ නෑ. මොක උනත් ඕක ප්ලෑන් එකකට කරපු වැඩක්. ඉබේ පිපිරුනා වෙන්න බෑ
    ඇතුලේ අය නම් කියන්නෙ ඔතන වෙපන් ස්ටොක් එකක් තිබ්බෙම නැති තරම් කියලා
    ක්ලිප් ගොඩකුයි පැරා ගොඩකුයි පොඩි පොඩි පුපුරන ද්‍රව්‍ය ටිකක් තිබිලා තියෙන්නෙ
    පුපුරන්න මාස 3 - 4 කට කලින්ලු ලොකු ලොකු ඒවා අයින් කලේ වෙන තැනකට;)

    අනික ග්‍රාඩ් එකක් ඒෂියන් රටකට එන්න $2500ක් වගේ ලු
    ඒ කියන්නෙ 20,000ක් තිබ්බා නම් $2500*20000*130(dollar rate)
    Rs.
    6,50,00,00,000 :baffled::baffled:
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :yes:


    සාලාව අවි ගබඩාව විනාශවීමත් සමග යුද හමුදාවේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර සඳහා චෙක්‌ රාජ්‍ය සහ ස්‌ලෝවැකියා යන රටවලින් ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙයට හේතුවී ඇත්තේ යුරෝපා සංගමය තම සාමාජික රටවලට ශ්‍රී ලංකාවට ග්‍රාඩ් රොකට්‌ සැපයීම තහනම් කිරීමයි.වන්නි මෙහෙයුමේදී සිවිල් ජනතාව වෙත මල්ටි බැරල් රොකට්‌ ප්‍රහාර එල්ල කළ බවට ඊළාම් ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ යුරෝපා සංගමය වෙත සාවද්‍ය පැමිණිල්ලක්‌ යොමු කර තිබුණි.

    ශ්‍රී ලංකා හමුදාවේ දැඩි ප්‍රහාරක බලයක්‌ තිබුණේ මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර මත බව ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසීය.

    සාලාව අවි ගබඩාව ගිනි ගන්නා අවස්‌ථාවේ එහි ග්‍රාඩ් රොකට්‌ 20000 ක්‌ පමණ තිබූ බව එම ආරංචි මාර්ග කීවේය.

    Grad 20000??? Are we talking same Island that situated in Asia which has minimum wage less than Vietnam or Indonesia? ??
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම


    ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර ඊයේ සවස කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප ඉතාමත් වගකිමෙන් යුතුව ඔබට වාර්තාකර සිටිමු.

    ඉරිදා සවස 5.45ට සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා හැරිම යහපාලන ආණ්ඩුවේ උවමනාව මත සිදුව ඇති අතර ඉතාමත් සැලසුම්ගතව හා සුක්ෂම අයුරින් සිදුකලද එජාපයේ කොලු ගැටුම හා අප ආරක්ෂක තොරතුරු වාර්තාකරුගේ දක්ෂතාව මත පැය 48 යන්නට මත්තේන් සියල්ලම අනාවරණය කර ගැනිමට අපට හැකි වි තිබේ.

    අදාළ මෙහෙයුම පසුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම 2010 සිටම හමුදාව පාවාදෙමින් සිය වරප්‍රසාද රැක ගැනිමට හිගමනේ යෙදෙන වෙල්විදානලාගේ සරත් ෆොන්සේකා මෙන්ම රනිල්ගේ කොලු සුරතලා වන සාගල රත්නායක මෙන්ම එජාපයට හිතවාදි අප කලින් අනාවරණය කල නාදුනන මේජර්වරයාද සිටි.

    සාලාව යුධ හමුදා අවි ගබඩාව තුල යුධ හමුදාවට අයත් නවිනතම ආයුධ ඇතුලු ආයුධ අමරිකානු ඩොලර් බිලියන 4.5ක් ඉක්මවා ගබඩා කර තිබු අතර එම සම්පූර්ණ අවි තොගය අපට අහිමි විමත් සමග යුධ හමුදාවේ අවි බලය සියයට 60%කින් පමණ අඩුවි ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

    සාලාව යුධ හමුදා අවි ගබඩාව එකවරම පිපුරුමට ලක්වුයේ කෙසේද?
    විද්‍යාත්මක පදනමක් මත සියලුම අවි ගබඩා කර තිබු සාලාව යුධ හමුදා අවි ගබඩාව මතුපිටින් සිදුකෙරෙන ගිනී තැබිමකින් හෝ අඩුම තරමේ බෝම්බ ප්‍රහාරයක් මගින් හෝ විනාශ කල නොහැකි බව ආරක්ෂක ප්‍රධානින් අද දිනය පුරාද විටින් විට මාධ්‍ය හරහා තහවුරු කර සිටියා.ඒ වැනි යම් ප්‍රහාරයකින් ගින්නක් ඇති වුයේනම් එය නිවාදැමිම සදහා අවශ්‍ය තරමටත් වඩා ස්වංක්‍රිය ආරක්ෂක පද්ධතියක් එය සතු වුවද අවසානයේ එම පද්ධතිය ක්‍රියාත්මක වුයේද නැති බව නොරහසකි.
    ඒසේනම් අනිවාර්යයෙන්ම කඳවුරු තුල තිබු ආයුධ සතුරා අතට පත්විම වැළැක්වීම සදහා වු ආයුධ විනාශ කිරිමේ පද්ධතිය ක්‍රියාත්මක විය යුතුය.ඒවැනි තත්ත්වයකදි පමණක් හදිසි ගිනී මැඩපැවැත්වීමේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක නොවන බවද ආරක්ෂක අංශ හරහා තහවුරු කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

    සැකය තහවුරු වන අකාරය….
    1.පිපුරුම 5.45ට සිදුවන අතර පලමුව පුපුරා යන්නේ එම ගබඩාවේ උණ්ඩ රැස්කර තිබු ගබඩාවය ඒ සමගම පනාගොඩ කඳවුරේ සිටි හමුදා භටයන් සහ පොලිසිය යොදවා ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරිමට කටයුතු කිරිම.පයිප බාස් කෙනෙකු ආරක්ෂක ලේකම්වරයෙකු වු රටක ඒ තරම් වේගයෙන් මිනිසුන් ඉවත් කිරිමේ මෙහෙයුමක් හෝ එවන් අදහසක් ඔහුන්ට පහල නොවන බව තහවුරුය.
    2.එපමණක් නොව ඉරිදා දිනයක් මේ සදහා යොදවා ගත්තේ කදවුරේ සෙබලුන් වැඩි පිරිසක් එදින නිවාඩු දිනයක් ලෙස සලකා කඳවුරෙන් ඉවතට පැමිණ සිටිම සහ ඉතිරි වි සිටි අනිකුත් හමුදා සාමාජිකයන් අත්‍යවශ්‍ය කරුණක් බව සදහන් කරමින් පනාගොඩ හමුදා කඳවුරට කැදවා තිබිම.
    3.වික්‍රමසිංහගේ Facebook මෙහෙයුම
    "කොස්ගම සාලාව යුධෝපකරණ ගබඩාවේ අද ඇති වූ ගිනි ගැනීමේ තත්වය නිසා එම කඳවුර තුළ ගබඩා කොට ඇති යුද උපකරණ ගිනි ගනිමින් තිබේ .අප ප්‍රථමයෙන් එම කදවුරෙන් කිලෝමීටර තුනක දුරක පදිංචි ජනතාවට එම ප්‍රදේශ වලින් ඉවත් වෙන ලෙස දන්වා ඇති අතර මහජනතාවගේ ආරක්ෂාව සදහා මෙම දුර ප්‍රමාණය තවදුරටත් වැඩිවිය හැකිය .දැනටමත් මෙම සිදුවීමෙන් ඇතිවිය හැකි හානිය අවම කිරීම සදහා අදාල පියවරයන් රැසක් ගනිමින් තිබේ. මෙම සිදුවීම හැකි ඉක්මනින්, අවම හානියකින් කළමනාකරණය කිරීමට එම ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය අදාල අංශ වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි."- RW

    අනික් අතට දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ හා සාගල රත්නායක කියා සිටියේ කුමක්ද?
    අපි පුලුවන් තරම් ඉක්මනට එම ප්‍රදේශයේ ජනතාව් ඉවත් කලා.ඒ නිසා ජිවිත හානී සිද්ධ වුනේ නෑ…යන බණේ පමණකි.
    ජනපති සිරිසේන සහා අගමැති රනිල් කොස්ගම සාලාව හමුදා කදවුරේ ගින්න ගැන පෙර සිට දැනසිටියේද?
    පිපුරුමෙන් පසුව මෛත්‍රී අතුරුදහන්
    වෙනදාට හැම රෙද්ද අස්සේම රිංගා තමන්ගේ නැති පෞරුෂවය සාදා ගැනිමට ප්‍රකන ජනපති සිරිසේන අද දකින්නවත් නැත.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිද්ධිය සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නට ඔහුගේ දිව නොනැමෙන්නේ තමන් කල පාපි ක්‍රියාව ඉතාමත් නුදුරු දිනකදිම පඩිසන් දෙන බව දන්නා නිසා ජනතාව ඉදිරියේ හිටං කතාවක් කරන්නට ඔහුට බැරි නිසාවේනි.

    එයට තුඩු දෙන කරුනු වනුයේ
    01. යුධ හමුදා බුද්ධි අංශය පරික්ෂණ වලින් එකහෙළාම ඉවත් කිරිම.
    02. කදවුරේ ආරක්ෂක ක්‍රමවේද සහ ආරක්ෂක භටයන් ස්ථාපනය කිරිම දින 10කට කලින් වෙනස් කිරිම.
    03. මෙය නිකම්ම පුපුරා යැමක් විය නොහැක (කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ) කිසිවිටකත් සිදුවිය නොහැකි බව අවි සම්බන්ධ විශේෂඥයන් තහවුරු කිරිම.
    04. සතුරා අතට පත්විම වැලැක්විම සදහා අවි ගබඩාව පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක වුයේ නම් එය සිදුකළේ කවුරුන් විසින්ද, ඊයේ දිනය තුල කදවුරට ඇතුල් වු අදාළ චාජරය සම්බන්ධයෙන් හොදින්ම දන්නා පුද්ගලයා කවුද?
    05. ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?
    6. මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබී හසුවූ අවි ආයුධ සෝමාලියානු කොල්ලකරුවන්ට සහ වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වලට විකුණූ බවට යහපාලනය එල්ල කර තිබු අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුනු අතර එම ආයුධ සම්බන්ධයෙන් මෙම සතියේදී අධිකරණ නියෝගයකට අනුව විගණකාධිපති වාර්තාවක් කැඳවා තිබූනි.
    ඉහත කරුණු එකිනෙකට ගැලපීමේදී තහවුරු වන්නේ මෙය යම් සැලසුමක ප්‍රථිපලයක් බවය. ඒ අන් කවරක්වත් නොව යුධ හමුදාව සම්පූර්ණයෙන්ම මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමය.


    මන්ද ජාත්‍යන්තරය හරහා රට බෙදිමේ මෙහෙයුමක යේදි සිටින යහපාලකයන්ට යම් දිනයක මේ රටේ ප්‍රගතිශීලි ජනතාව පොලිස් බල්ලන් දමා මර්දණය කරන විට රට වෙනුවෙන් යුධ හමුදාව නැගි සිටිම පාලනය කිරිමට යහපාලකයන් දැන් සිටම කටයුතු කර අවසන්‍ ය.
    එහෙන් කොටින්ගේ හංගපු අවි ආයුධ නවීන මරාගෙන මැරෙන බෝම්බ කට්ටල හමුවෙද්දී මෙහෙන් හමුදාව සතු අවි ආයුධ විනාශ වෙනවා හරිම සාමාන්‍ය සිදුවීමක් නේද? ඔය විනාශ වෙච්චි අවි ආයුධ වෙනුවට ආදේශක ලැබේවි කියලා හිතනවද?ලොවෙත් නෑ…යුද්දෙ නැති එකේ ආවුද මොකටද?මහින්ද කලාවගේ මුදල් නාස්තියක් අපි කරන්නේ නෑ කියලා මුන් නොකිව්වොත් ඕං බලහල්ලාකෝ තව ටික දවසකින්...

    රටේ නායකත්වය දුර්වල කිරීම පළමු පියවර,හමුදාවෙ ජේෂ්ඨයින් ඉවත් කිරීම දෙවැනි පියවර, බුද්ධි අංශය විසුරුවාහැරීම තුන්වැනි පියවර, ආයුධ ශක්තිය දුර්වල කිරීම සිව්වැනි පියවර… පියවරෙන් පියවර මේ යන්නේ කොයිබටද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද? ඒත් ඉතින් චේතිය ආරක්ෂක ලේකම් කියන පයිප්ප බාස් කියාවි ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ කියලා ඔච්චරයි වෙන්නේ… මිනිස්සු හිනාවෙලා නිකන් ඉඳීවි … කුණාටුවක පෙරනිමිති පහල වෙද්දී සූදානම් නොවෙන මිනිස්සු කුණාටුවට අහුවෙලා විනාශ වෙන එක නවත්තන්න බෑ… එහෙම කියලා නිකන් ඉන්නත් බෑ දැන්වත් එකාමෙන් එක් වී බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙමු..

    .
    SOURCE - http://www.lankanewsweb.today/archives/11152
     
    Last edited: