ඊයේ කැම්පස් එකේ තිබුණ function එකක dance එකක් බලනකොට මට හිතුණ මුං කොහොමද හරියටම අත මෙහෙක් කරන්නයි ඔහොක් කරන්නයි පැටලෙන්නෙ නැතුව මතක තියං ඉන්නෙ කියල.
උත්තරේ muscle memory.
muscle memory කියන්නෙ කිසියම් ශාරීරික හැකියාවක් (motor skills) මොළය වැඩි වෙහෙසීමකින් තොරව මතක තියාගන්න ස්නායු ක්‍රියාවලියක් (neurological process). සරලව කිව්වොත් අර මම කියපු dance එකේ steps එකක් ගානෙ දැං අත මෙහෙම දාන්න, දැං අත මෙහෙක් කරන්න කියලා මොළේ කියන්නෑ, සහ හිතෙන්නෑ, ඒක Auto ම වෙනවා.
musical instrument එකක් play කිරීම වගේ අලුත් skill එකක් පුරුදු වෙනකොට මොළයේ කොටස් වල, විශේෂයෙන් cerebellum (මස්තිෂ්කය) සහ basal ganglia වල නියුරෝන නැවත නැවත ක්‍රියාත්මක වෙලා මධ්‍ය ස්නායු පද්ධතිය (central nervous system) හා muscles අතර අලුත් ස්නායු මාර්ගයක් (neural pathway) නිර්මාණය කරනවා. මේ නිසා muscle memory එක හැදෙනවා. practice නොකර ඉද්දි muscle memory එක දුර්වල වෙනවා. හැබැයි ආපහු practice පටන් ගත්ත ගමන් muscle memory එක කලින් තිබුණ තත්ත්වයටම එනවා.
බයික් එකක් පදින එක, type කරනවා වගේ සරල එදිනෙදා කරන දේවල් වල ඉඳන් musical instruments play කරනවා වගේ සංකීරණ දේවල් වලට, sports වලට යනකම් muscle memory එක අපිට ඔිනෙ වෙනවා.
Hiran Kavishka