ගිටාරය - මූලික දැණුම

nerodroid

Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ගිටාර් එකක් තිබ්බට කොතනින්ද පටන් ගන්නෙ , මොනවද පුරුදු වෙන්න ඔනෙ කියල හිතාගන්න බැරුවද ඉන්නෙ. එහෙමත් නැත්තන් ගිටාර් එකක් අරන් ඉගෙන ගන්න ආසාවෙන්ද ඉන්නෙ . එහෙනන් මේ ලිපිය ඔයාටයි.

    අරමුණ : ගිටාර් ඉගෙනීම ගැන මූලික දැනුමක්/ආරම්භයක් දීම.

    ඉතින් බලමු කොහොමද අපි කොහොමද ගිටාර් වාදනය ඉගෙනීමට අවතීර්ණ වෙන්නෙ කියලා.
    මූලිකව අපිට ගිටාර් වාදනය ඉගෙනීම කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

    (1). ගිටාර් ශිල්පීය ක්‍රම ( Guitar techinques) ඉගෙනීම
    (2). සංගීත සිද්දාන්ත (music theory)

    (1).ගිටාර් ශිල්පීය ක්‍රම ( Guitar techinques) ඉගෙනීම
    මේ කොටසෙදි අපි සලකන්නෙ ගිටාර් එකෙන් අපිට ශබ්දයක් එලියට ගන්න පුලුවන් විවිධ ආකාර ගැන. අපිට කෝඩ් strum කරන්න පුලුවන්. ස්වර තනි තනිව වාදනය කරන්න පුලුවන්(note picking).. guitar body එකට , තත් වලට තට්ටු කරල ශබ්ද ගන්න පුලුවන් ..

    ඉතින් ඔයා තෝරගන්න/ආසා කරන ගිටාර් වාදන ශයිලිය(styles) අනුව ඔයට අවශ්‍ය වෙන ශිල්පීය ක්‍රම (techniques) ටික ඔයාට හොයාගන්න පුලුවන්.

    වාදන ශයිලීන්ට පොදුවේ ලැයිස්තුවක් ගත්තොත්

    1.කෝඩ් ස්ට්‍රමින් (chord strumming)
    2.ස්වර වාදන (alternate picking , up/down picking ,sweep picking )
    3.fingerstyle
    4.vibrato
    5.slides
    6.bending
    7.slaps
    8.tapping

    සහ තවත් ගොඩක් ක්‍රමවේද තියෙනවා...
    ඉතින් මෙතනින් ඔයා ඉගෙන ගන්න බලාපොරොත්තු,ඔයාට අවශ්‍ය වෙන techinques ටික හොයල list එකක් හදාගන්න. ඊට පස්සෙ ඒවා එකෙන් එක නිවැරදිව ප්‍රගුණ කරොත් ඔයාට ඉක්මනටම හොද වාදකයෙක් වෙන්න පුලුවන්.

    (2).සංගීත සිද්දාන්ත (music theory)

    ඊලගට අපි සලකන කොටස තමා සංගීත සිද්දාන්ත. අපි කලින් කතා කරපු techniques ගිටාර් එකට පමණක් අදාල උනාට music theory කියන දේ ඕනෑම වාදන භාණ්ඩයකට පොදු වෙනවා... අපි කලින් theory ඉගෙන ගෙන තියනවනන් අපිට පුලුවන් වෙනවා ලෙසියෙන් ඒවා ගිටාර් එකට සම්බන්දව භාවිත කරන්න. ඒ වගේම මේ දෙක වෙන් කරගැනීමෙන් ඒවා ඉගෙනීමත් පහසු වෙනවා.

    මූලිකවා සිද්දාන්ත කොටස් කීපයකට බෙදන්න පුලුවන්

    1.රිද්මය (Rhythm)

    Rhythm is the pattern of sound, silence, and emphasis in a song.
    රිදම් එක කියන්නෙ සිංදුවක කාලයත් එක්ක ශබ්ද ,නිශ්ශබ්දතා , ශබ්දයේ අඩු වැඩි වීම් සහ ඒවා ගීතයේ නැවත නැවත repeat වීම විදියට අර්ථ දක්වන්න පුලුවන්.

    මේ යටතේ දැනගත යුතු ප්‍රදාන අංග
    Beat , meter ,tempo , time signature , strong /weak beats

    2.තනුව (Melody)

    Melody is a succession of notes or voices arranged into a musical phrase
    මෙලොඩි කියන්නෙ යම් සංගීත වාදන කොටසක(phrase) ,එකකට පස්සෙ එකක් විදියට ස්වර පිහිටන ආකාරයයි.
    මෙහිදී අපි ස්වරයේ තාරතාව(pitch) සහ එය වාදනය විය යුතු කාලය (duration) ගැන සලකනවා.

    3.ප්‍රසංවාද (Harmony)

    Harmony is when multiple notes or voices play simultaneously to produce a new sound.
    Harmony කියන්නෙ එකවර ස්වර කීපයක් වාදනය කරමින් අලුත් ශබ්දයක් නිර්මාණය කිරීමක් කියල අර්ථ දක්වලා තියනවා... අපේ මෙලොඩි එක උඩින් ගැලපෙන ස්වර ස්තරයක්(layer) එකක් එකතු කරල මෙලොඩි එකට අලුත් ලස්සනක් , color එකක් එකතු කරන්න පුලුවන් harmonies වලින්.

    මේ යටතේ ඉගෙන ගන්න අවශ්‍ය මූලික කොටස්
    Notes , Scales , Chords , chord progressions , consonant harmony , dissonant harmony

    මේ දෙකට අමතරට ඉගෙන ගන්න ඕනෙ දේවල්

    1.ගිටාරයේ කොටස් සහ අංග
    2.විවිද ගිටාර් වර්ග(acoustic , classical , electric)
    3.සංගීත ස්වර ප්‍රස්තාර කියවීම ,ලිවීම
    4.Guitar tabs කියවීම ලිවීම
    5.ගිටාර් ටියුනිනස් ,(standard , dropped etc)
    6.ගිටාරයේ ස්වර පිහිටන ආකාරය
    7.ගිටාරයේ ඉතිහාසය
    8.ලෝකයේ සහ ලංකාවේ ඉන්න/හිටපු ශ්‍රේෂ්ඨ වාදකයෝ , බෑන්ඩ්ස්

    තව google search , youtube search කරල තනියම මේ දේවල් හොයන් යන්න ,තේරුම් ගන්න මහන්සි වෙන්න. ඒත් එක්කම කියන්න ඕනෙ තව දෙයක් ඉංග්‍රීසි දැණුම. මියුසික් සම්බන්ද වචන ,terms හරියට ඉගෙන ගන්න. english or Italian වචනත් තියෙනවා ගොඩක්.

    මේ බොහොම සරල කරපු ගිටාර් මූලාරම්භ පාඩමක් විතරයි. මේක පදනමක් විදියට අරගෙන ඉගෙනීම පටන් ගන්න... ගැඹුරට සංගීතය හදාරන්න ඕනෙ කෙනෙක් නම් හොද ගුරුවරයෙක් ලගට යන එක ගොඩක් වටිනවා. තනියම ඉගෙන ගන්න හිතන් කෙනෙක් නන් කොලයක් පෑනක් අරගෙන වැදගත් දේවල් ටික ලොකුවට ලියාගෙන ඒවා එකෙන් එක හොයල බලල ඉගෙන ගන්න පුලුවන්. නොතේරෙන දේවල් අහල ඉගෙන ගන්න පුලුවන්...

    මේ ලිපියේ නිවැරදි කිරීම් , තව එකතු වෙන්න ඕනෙ දේවල් තියනවනන් comment එකක් දාන්න.. මෙතනට එනකන් ඉවසගෙන කියෙව්වනන් සුභ පැතුම්. ඔයාට මේකට ඕනෙ කරන කැපවීම/උනන්දුව තියෙනවා.
    ඔබට ජය !!
     

    Attachments

    • FB_IMG_1631549208220.jpg
      FB_IMG_1631549208220.jpg
      40.5 KB · Views: 79

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    hari mama dan guitar ekak ganna oney.. denna balanna upades
    1. Oyage target eka mokakda ? Oya band ekaka play karannada plan karanne. Hobby ekak widiyatada ?
    2. Oya asa genre eka mokakda ? Lankawe beat band da Classical/fingerstyle wge deyakda , lead play krnnada
    3.budget eka kohomada


    Oya hobby ekak widiyata kranwann oyata budget guitar ekakata/used branded guitar ekakata yanna puluwan. 15kata aduwen hnda ekk hoygnna plwn.
    Pro level yanna hari studio recording walatann pddk hoyala galapena branded ekak ganna puluwan.

    Classical/ fingerstyle nn classical guitar ekak ganna . Neththam box(acoustic) ekak.. rock wge play krnna nn electric + amp ekak ganna wenwa.

    Machn mama left handed.
    Mama kohomada purudu wenna ona ?
    Kohomada patan ganna ona ?
    Mage aiyath left handed...eya normal right handed widiyata purudu une... mula indnma purudu weddi ath deke wenasak ne bn... api toraganna peththa anuwa ath deka huru wenwa adala technique walata. Mama nn kiynne right hand guitar walata huru wenna kiyala ( denata poddak wath left handed purudu wela neththan). Oyata guitar ekak hoyagannath lesiy. Lesson balala igena gannath lesiy(lesson godak tiyenne right handed widiyatane)...tabs/notation kiyawala terun gannath lesi wenwa...
    ------ Post added on Sep 14, 2021 at 2:05 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,622
    14,807
    113


    Mage aiyath left handed...eya normal right handed widiyata purudu une... mula indnma purudu weddi ath deke wenasak ne bn... api toraganna peththa anuwa ath deka huru wenwa adala technique walata. Mama nn kiynne right hand guitar walata huru wenna kiyala ( denata poddak wath left handed purudu wela neththan). Oyata guitar ekak hoyagannath lesiy. Lesson balala igena gannath lesiy(lesson godak tiyenne right handed widiyatane)...tabs/notation kiyawala terun gannath lesi wenwa...
    ------ Post added on Sep 14, 2021 at 2:05 PM
    Ehemada ? Mama ape un set wunama gahala balanawa guitar. Right handed nam set wennema naha bn.
    Mama denata flute play karanawa. Eka nam paththa maru wuna kiyala no issue.
    Guitar nam right handed ewa awul macho. Mama check karala baluwa.
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අවුරුදු ගානක ඉඳල ගෙදර තියෙනවා guitar එකක් තාමත් බැරි උනා පුරුදු වෙන්න
    code ගහන්නවත් කියල බැලුවේ
    හරියට අල්ලගන්න බෑ නේ සමහර කම්බි කොච්චර try කලත් වදින විදිහට අල්ලන්න බෑ
    පන්තියකට වත් යන්න හිටියේ දැන් එකත් බෑ
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මම ගිටාර් එකක් ගත්තා ඒකේ e1st ස්ට්‍රින්ග් එක කැඩුනා,මම දැන් e1st ස්ට්‍රින්ග් එකක් දානවනම් ස්ට්‍රින්ග් සෙට් එකක්ම අලුතින් දාන්න ඕනිද ? නැත්නම් e1st එක විතරද ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    කීබෝඩ් එකේ බේසික් ටික තියෙනවා චාලි පුතාගේ කෝස් එකේ. හැබැයි ඒ ලෙසන් එක කරන්නේ ඌ නෙමෙයි. මන්ත්ලි එකේ වෙනම ලෙක්චරර් කෙනෙක්.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,979
    13,877
    113
    126
    Hogwarts
    Machn mama left handed.
    Mama kohomada purudu wenna ona ?
    Kohomada patan ganna ona ?
    mat LH but normal guitar ekak gahanne

    මම ගිටාර් එකක් ගත්තා ඒකේ e1st ස්ට්‍රින්ග් එක කැඩුනා,මම දැන් e1st ස්ට්‍රින්ග් එකක් දානවනම් ස්ට්‍රින්ග් සෙට් එකක්ම අලුතින් දාන්න ඕනිද ? නැත්නම් e1st එක විතරද ?
    e1 danna puluwan
    ------ Post added on Sep 14, 2021 at 3:34 PM