සිංහල ජාතිය ලැජ්ජා නැති ජාතියක් බවට පත්වෙලා තියෙනව. අම්මලා දුවලාට ඇඳුම් අන්දගෙන පාරේ යන හැටි දැක්කාම අපිට සතුටු වෙන්න බෑ. අපි ඉස්ලාම් අයට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. හැබැයි තමන්ගේ දුවලාට ඇඳුම් අන්දගෙන යන හැටි දැක්කාම අපි ඒ මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න නෙවෙයි තියෙන්නේ මල් තියලා වඳින්න. කොච්චර හොඳට දුවලා හදාගෙන තියෙන්නේ කියලා. අද ඒ දුවලා කිසි කෙනෙක් දූෂණය වෙනවාද? නෑ නේද? එයාලා කිසිම අපයෝජනයකට ලක් වෙනවාද? නෑ ඇයි ඒ? කිසිම කාම සංඥාවක් ඇති වෙන්නේ නෑ.
ඇඳගෙන ඉන්න ඇඳුමේ හැටියට. අපේ ළමයින්ට මවුපියෝ චූටි කාලේ ඉඳලා අන්දන ඇඳුම් මොනවාද? අපේ චූටි ගැහැනු දරුවෝ දූෂණය වෙන්නේ තාත්තාගේ අතින් බාප්පාගේ අතින්. මාමාගේ අතින්. ඒ ඇයි අන්දන ඇඳුමේ ඉඳලා උපදවන්නේ කාමය.
දැන් අලුතින් පටන් ගෙන තියෙනවා දණහිසට උඩින් ගවුම් ඇඳිල්ල. අලුත් අවුරුද්දෙන් පස්සේ ඇවිත් තියෙන්නේ ඒ අලුත් පැෂන් එක. අපිට පාරතොටේ යන කොට පේනවා මේ අයට විළි ලැජ්ජාව නෑ කියන එක. අම්මලාත් යනවා දෝණිඇන්දලාත් ඉස්සර කරගෙන හරි ආඩම්බරේට. මම නම් ඕකට යෝජනා කරන්නේ තමන්ගේ දරුවන් සල්ලාලයන්ගේ ගොදුරු බවට පත් කරන්න එපා කියලා. දුවකුට අඳින ඇඳුමෙන් තියෙන්න ඕන ලස්සන විතරක් නෙවෙයි. ආරක්ෂාවත් තියෙන්න ඕන.
මම මවුපියන්ට යෝජනා කරනවා දුවලාට රැකවරණය තියෙන සංවරය තියෙන, ආරක්ෂාව තියෙන ඇඳුම් අන්දවන්න කියලා.
පුජ්‍ය මාවරලේ භද්දිය හිමියන්


මොනා වැහෙන්නද ? ඔහොම වැහුන කියල ඇති වැඩක් තියෙනවද ?

