ඒ වැඩේ නම් හරි ගියෙ නැහැ.මගේ මල්ලිව තමා වැඩේට යැව්වේ.තැන නම් හොයාගන්න අමාරු වෙලා.අවුරුදු 30ක් විතර පරන ලිපිනයක් හොයාගන්න එක අමාරුයි තමා.අනික ඒ හරිය දැන් ජනාකීර්න වෙලා ගොඩක්.කොහොම හරි මලයට හරියටම ගෙදරට යන පාර කියලා තිබුනේ වයසක අන්කල් කෙනෙක්.මාකස් ප්රනාන්දු මහත්මයාගේ නම කියලා ඇහුවට පස්සේ තමා හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නේ.ඒ මහත්තයයි නෝනයි දෙන්නම දැනට අවුරුදු ගානකට කලින් මිය ගිහිල්ලා.ඒ ගේත් විකුනලා මිලට ගත්ත අය තව කට්ටියකට කුලියට දීලා.ඒ නිසා ඒයාලගේ නැදැයන් ගැනවත් තොරතුරක් ඒ ගෙදර ඉන්න අය දන්නේ නැතිලු.
පුතෙක් ඉන්නවලු.එයා ඉන්නෙ (පදින්චිය හෝ රැකියාව)පිටරටලු.දුවක් ඉන්නවලු.මේ ලගදි මලගෙදරකට ඇවිත් ගියාලු.ඒත් ඉන්න තැන හොයාගන්න බැරි වෙලා. මගෙත් ගම නුවර නිසා මම ආයෙ නුවර ගිය ගමන් ට්රයි කරලා මොනවා හරි හෝඩුවාවක් හොයාගන්නම්.ඒ මහත්මයාගේ දරුවෙක් කොහොම හරි හොයා ගත්තොත් ඔය පොතේ පිටපතක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ.