මම මේ ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. මේක හදල තියෙන්නේ 2006 වර්ෂයේ රොන්ඩා බ්‍රයන් විසින්. මේක 2006 වසරේ ඉහලම ආදායම් ලබපු චිත්‍රපටයක්, ඒ වගේම
පලවෙනි online streaming (සම්පූර්ණයෙන් බාගත වීමට පෙර නැරඹිය හැකි) චිත්‍රපටයද වෙනවා. මේ ඩීවීඩී එකේ පිටපත් මිලියන ගානක් විකිණිලා තියෙනවා .මේ ඇසුරුන් රචනා කරන ලද පොතේ ද පිටපත් මිලියන ගානක් විකිණිලා තියෙනවා එම පොතේම පරිවර්තනයක්ම නොවුනත් පරිවර්තනයක් හා සමාන ලෙස වෛද්‍ය ප්‍රියංග ද සොයිසා විසින් ලියන ලද සිංහල පොතකුත් තිබෙනවා “ආකර්ශනතාවය” කියල.
බුදු දහමට අනුව සියලුම දේට මුල්වන්නේ සිත වනවා. මේ සිතේ තියෙන ශක්තිය අප හඳුනාගෙන නොමැති බවත්, එය හඳුනාගෙන මිනිස් ජීවිතය සාර්ථක කරගන්න අපිට අවශ්‍ය සියලු දේ ලබාගන්න සිත මෙහෙයවන හැටියක් මේ චිත්‍රපටය පුරාවට විහිදෙනවා. ධනය, සම්බන්ධතා, සතුට, නීරෝගිකම ආදී බොහෝ දේවල් අප වෙන ලගාකරගන්නා ආකාරය ගැන මෙයින් කියලා දෙනවා. විශ්වයේ පවතින ලොකුම නීතිය ආකර්ශනතාව බවත්, එම නීතිය නිවැරදි ලෙස හඳුනාගෙන ආකර්ශනතාව මිනිස් ජීවිතයට ප්‍රයෝජනවත් වන ලෙස යොදා ගන්නා ආකාරය මෙහි ඉන්න උපදේශයන් වන දාර්ශනිකයින්, කෝටිපති ව්‍යාපාරිකයින් හා අරුම පුදුම මිනිසුන් විසින් පැහැදිලි ලෙසම විග්‍රහ කරනවා.
ඉස්කෝලේ යන සහ උසස් අධ්‍යාපනය හදාරන නංගිලා මල්ලිලාට මේකෙන් විශාල දැනුමක් සහ අවබෝධයක් ලබාගෙන තමන්ගේ අරමුණට ලගා වෙන්න, අධ්‍යාපන කටයුතු ඉතා පහසු දෙයක් කරගෙන, ජීවිතයේ දැන් සිටිනවාට වඩා එක් තලයක් හෝ ඉහල යන්න ලොකු පිටුවහලක් වෙයි කියල හිතනවා.
ඒ වගේම ජීවිතයේ අරමුණක් නැතිව ඉන්න සහෝදර සහෝදරියන්ට අලුත් ජීවිතයක් ලබාගන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනවා. ඒ දැනුම අවබෝධය මෙයින් ලබාගෙන මෙය ඔබේ ජීවිතයට ලං කරගන්න. අපිට ලෝකේ ඕනෙම රටකට අභියෝග කරන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නවා. ඒත් ඒ ශක්තිය ඔවුන් තුල හංගාගෙන ඉන්නවා. දැන් ඔබේ හැකියාව හඳුනාගෙන ඉදිරියට යන්න. එවිට අපේ රට සිංගප්පුරුවටත් වඩා දියුණු එකක් වේවි.
Source: Baiscope LK "The Secret (2006)" | ජය මාවත් සොයා .. [සිංහල උපසිරැසි සමඟ]