Phone එක සුපිරිම එකක්. Display එක නියමයි. Display Power efficiency එක වැඩියි. අඩුවකට තියෙන්නේ card-slot නැති එකයි, Single sim 4G එකයි Mono -Speaker එකයි විතරයි.
ඕකෙ නියම price එක USD161 යි. ඔයාට ගිය මුළු වියදම ඊට වඩා රු. 9000ක් වගේ විතරයි වැඩි වෙලා තියෙන්නේ. අතරමැදියාගේ ගානයි shipping, handling වල ගානයි තමයි ඒක. Meizu වලට ඉල්ලුම වැඩි නිසා අතරමැදියාගේ ගාන ටිකක් වැඩියි.
දැන් Samsung කලු කඩ මුදලාලියගෙන් phones ගන්න ගියා නම් phone එකේ ගානෙන් 50% විතර ලාභය විදිහට ඌට ගෙවන්න ඕන. ඉතුරු වියදම් හදල බැලුවහම phone එකේ ගානෙන් 60-70% වැඩිපුර යනවා. (අලුත්ම Galaxy S_ එක Pre-order කලාම රු 132000 ක් යනවා.)
මේ විදිහට වැඩි වැඩියෙන් මිනිස්සු සාධාරණ මුදලට හොඳ බඩු ගන්නවනම් ඔය Samsung සහ Apple කලු කඩ මුදලාලිලා අතුගාල දාන්න පුළුවන්.