ප්‍රචණ්ඩකාරී වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියට බාලවයස්කරුවන් 4ක් පොලිස් භාරයට - Photos
ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇතුලත් වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීම සිද්ධියට අදාළව බාලවයස්කරුවන් 4 දෙනෙක් පොලිස් භාරයට ගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අදාළ වීඩියෝ අන්තර්ජාලයට මුදාහළ පුද්ගලයින් මෙන්ම ඒවා අන්තර්ජාල ඔස්සේ බෙදාහැරීමට දායක වූ පුද්ගලයින් සම්බන්ධයෙන්ද මෙහිදී විමර්ශනයට ලක් කෙරෙන බවයි.
සමාජ ජාල මාධ්‍යවල මේ දිනවල සැරිසරන පාසල් වයසේ කුඩා දරුවන් කිහිප දෙනෙකු විසින් ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝපට සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද විමර්ශනයක් සිදු කරනවා.
එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියේ මෙම වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සැරි සැරීම අවහිර කරන ලෙස, විදුලි සංදේශ නියාමන කොමිසමට දැනටමත් දැනුම් දී ඇති බවයි.
මෙම බාලවයස්කරුවන් සිව්දෙනා සෙල්ලක්කාර මලියා, නදීර මැක්ස්, නිකවැරටියේ සහන් වැනි නම්වලින් එම වීඩියෝවල පෙනී සිටියා.
මනෝ විද්‍යාඥයන් පවසන්නේ මෙම දරුවන්ට මෙම ළමා ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අනුබල දුන් මාපියන් ඇතුළු වැඩිහිටියන්ටද දඬුවම් කළ යුතු බවයි.
දෙමාපියන් නොදැනුවත්ව මෙම ක්‍රියා සිදු කරන්නේ නම් මෙම දරුවන් ගැන මාපියන් නිසි පරිදි සොයාබලා නොමැති බවද මනෝ විද්‍යාඥයන් කියා සිටිනවා.