Nano Technology (නිනිති තාක්ෂණය)

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Nano Technology (නිනිති තාක්ෂණය)

    නිනිති තාක්ෂණය (Nano Technology)

    නැනෝ යනු 10-9m පරාසයේ පවතින මිනුමකි. එම 10-9m පරාසයේ පවතින අංශූන් සමඟ සබැඳුණු කටයුතු සිදු කිරීම නානෝ තාක්ෂණ ‍ය ලෙස හැඳින්විය හැක.

    images


    නැනෝ අංශූන් සමඟ අප කටයුතු කිරීමේදී ඒවා සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලට යටත් නොවේ. එයට හේතුව සාමාන්‍යයෙන් අංශුන්ගේ ප්‍රමාණය කුඩා වෙත්ම සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලින් වෙනස් වී හැසිරීමට පටන්ගැනීමයි. මෙහිදී නැනෝ තාක්ෂණය 10-9m පරාසයට පැමිණෙන විට ඒවායේ හැසිරීමේ සිදුවන ප්‍රධාන වෙනස්කම් ලෙස ක්වොන්ටම් ආචරණය(Quantum effect) මතුවීම දක්නට පුළුවන. මෙම හැසිරීම් පිළිබඳව අධ්‍යයනයට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නියමයන් යොදා ගත යුතුයි. එම නිසා නැනෝ තාක්ෂණය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව හා බැඳුණු අංගයක් ලෙස හැඳින්වීමට හැකි වේ. නැනෝ පරිමාණයට පිවිසෙන විට එහි ප්‍රතික්‍රියාකාරීත්වයද ඉතා ඉහළ මට්ටමක් ගනී.
    නැනෝ තාක්ෂණය පිළිබඳ මුලින්ම අදහසක් ඉදිරිපත් කරන ලද්දේ 1959 දෙසැම්බර් 29 දින ඇමෙරිකානු භෞතික විද්‍යා සංගමය මඟින් පැවැත් වූ රැස්වීමකදී දේශනයක් ඉදිරිපත් කළ රිචඩ් ෆයිමාන්(Richard Feynman) නැමැති භෞතික විද්‍යාඥයා විසිනි. නොබෙල් ත්‍යාගලාභියෙකු වන මොහුගේ මාතෘකාව වී තිබුණේ “අප දන්නා විද්‍යාත්මක සී‍මාවෙන් ඔබ්බට තවත් බොහෝ දේ ඇති බව යන්න වේ. මෙහිදී ඔහු ලෝකයට නැනෝ තාක්ෂනය පිළිබඳ යම් ඉඟියක් ලබා දුන්නේය.

    FEATURE-FEYNMAN-350_tcm18-141253.jpg

    Richard Feynman


    වර්තමානයේ නැනෝ අංශු ‍වෙළඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත. නැනෝ තාක්ෂණයේ සොයාගැනීම් රාශියක් ඇති අතර ඒ අතුරින් වැදගත් සොයාගැනීම් දෙක ලෙස Quantum Dots සහ Nano tubes හඳුන්වාදිය හැක.
    Quantum Dots යනු දැනට ලෝකයේ භාවිතා වන තාක්ෂණයකි. මෙහිදී අප දන්නා විභව ළිඳ(Potential Well) තුලට නැනෝ පරිමාණික අංශුන් ඇතුළු කර මෙය නිර්මාණය කර ගනී. මෙය සාමාන්‍ය ක්වොන්ටම් ළිඳකට වඩා සිය දහස් ගුණයකින් ප්‍රබල වේ. මේවා භාවිතා කර දුබල සංඥා වර්ධනය කර අති ප්‍රබල සංවේදක(Sensor) නිර්මාණය කළ හැකියි.

    Advantagesoverorganicdye-based%20fluorophores.jpg


    Quantum Dots

    තවද Nano tube යනු ඉතා ඉහළ මට්ටමේ සොයාගැනීමකි. කාබන් පරමාණුවක ඝනකම තිබෙන ස්ථරයක් නැනෝ මීටර කිහිපයක් විෂ්කම්භය තිබෙන සිලින්ඩරයක් ලෙස සාදාගත් විට නානෝ නලයක් ලැබේ. මෙහි දිග අවශ්‍ය පමණට සකස් කර ගත හැකියි. මෙම සිලින්ඩරයේ භෞතික මිනුම වෙනස් කරන විට භෞතික ගුණද වෙනස් වේ. උදාහරණයක් ලෙස පෘෂ්ඨයේ අණු සැකැස්ම වෙනස් කළ විට එය සන්නායක ගුණ දක්වයි. තවත් වෙනස්කම් සිදු කළ විට අර්ධ සන්නායක, පරිවාරක ගුණ පෙන්වයි. එසේම මෙම සිලින්ඩරය තුල ද්‍රව්‍ය රඳවා ගත හැකියි. එමෙන්ම මෙම සිලින්ඩරය, විද්‍යුත් ක්ෂේත්‍ර සහ චුම්භක ක්ෂේත්‍ර යොදාගෙන චලනයන්ට භාජනය කළ හැකියි.

    nanotube.article.jpg


    carbon-nanotubes-640x353.jpg

    Nano tubes


    artworks-000001581540-s26k1v-original.jpg


    nano-10_reasons_of_using_nanotechnology_for_foods.jpg

    Nano motor

    වර්තමානය වන විට නැනෝ තාක්ෂණය ලොව සෑම ක්ෂේත්‍රයකම අණසක පතුරුවාගෙන සිටී. ඒවායින් කිහිපයක් නම් අභ්‍යාවකාශ ක්ෂේත්‍රය, රොබෝ තාක්ෂනය, ප්‍රවාහන ක්ෂේත්‍රය, රෙදිපිළි කර්මාන්තය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ න්‍යෂ්ටික විද්‍යාව වේ.


    3132245_orig.jpg



    1.නැනෝ තාක්ෂනය භාවිතා කර අධි බලැති අභ්‍යාවකාශ නිරීක්ෂන දුදක්නද අභ්‍යාවකාශ සංවේදකද නිර්මාණය කර තිබේ.


    2.එලෙසම වෛද්‍ය විද්‍යාවේදී අති ප්‍රබල IR සංවේදක යන්ත්‍ර මඟින් සාමානය සංවේදක වලින් නිරීක්ෂනය කළ නොහැකි සෛල හා පිළිකා සෛල අතර ඇති කුඩා උෂ්ණත්ව වෙනස පැහැදිලිව දැක ගත හැකියි.
    තවද අප දන්නා ආකාරයට ප්‍රබල ඖෂධ ශරීරයට අහිතකර වේ. මෙයට පිළියමක් ලෙස තුල පෙර කී ඖෂධය තැන්පත් කර විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර මඟින් රුධිර නාල දිගේ අවශ්‍ය තැනට යොමුකර ඖෂධය මුදා හැරීම සිදු කරනු ලැබේ. මෙය ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස ලෝක වෛද්‍ය විද්‍යාව පිළිගෙන ඇත.


    3.තවද නැනෝ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති රෙදිපිළි දුව්‍යද ඇත. මෙහි අංශු 10-9m ප්‍රමාණය බැවින් ජල අංශු වලට රෙදි අංශු තුලින් ගමන් කිරීමට නොහැකි වේ. මෙවිටශරීරය තෙමීමක් සිදු නොවේ. තවද දූවිලි අංශු පවා ගමන් කර නොහැකි වේ. මේ හේතුවෙන් රෙදි පිරිසිදු කිරීමක් අවශ්‍ය නොවේ.
    4. කෘෂි බෝග වගාවේදී. (Agriculture)

    බෝග වගාවේදී අවශ්‍ය වන කෘෂි රසායනික වර්ග, පොහොර වර්ග, එන්නත් වර්ග වඩා කාර්යක්ෂම ලෙස ශාකය වෙත ලබා දීම සඳහා නැනෝ ප්‍රාවරයන් (Nanocapsules) යොදා ගත හැකිය.

    ශාක වර්ධක හෝමෝන පාලනයක් සහිතව ලබා දීමටත් ජාන තාක්ෂණයේදී DNA අනු යොමු රීමටත් නැනෝඅංශු (Nano particle) යොදාගනී.

    5. ක්‍රියාවලියේදී. (Processing)

    නැනෝ ප්‍රාවර මගින් ජීවී ප්‍රයෝජ්‍යතාව (Bio availability) වැඩිකර ගැනීමත්, ශාක ස්ටෙරොයිඩ (steroids) මගින් මස් වල ඇති ස්ටෙරොයිඩ ආදේශ කිරීමත් සිදුකරනු ලබයි.

    නැනෝ අංශු හානිකර ක්ෂුද්‍ර ජීවින් හා රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමටත්, අහාර වල උකු ගතිය වැඩි කිරීමටත් ජෙලිමය ව්‍යුහ නිර්මාණය කරගැනීමටත් භාවිතාකළ හැකිය.

    6.අතිරේකයන්. (Supplements)

    නැනෝ මට්ටමේ අහාර නිපදවීම මගින් ශරීරයට අවශෝෂණය කළහැකි වැඩි කිරීමටත්, අපේක්ෂිත අවයවය කරා කාර්යක්ෂමව පරිවහනය කිරීමටත් යොදාගත හැක.

    7. ඇසුරුම් කරණය. (Packaging)

    ජීර්ණය කල හැකි ඇසුරුම් නිෂ්පාදනයටත්, උෂ්ණත්වයට, තෙතමනයට, ක්ෂුද්‍ර ජීවීන්ට සංවේදී ඇසුරුම් නිෂ්පාදනයටත් යොදාගත හැක.


    මෙවැනි ඉතා විශාල ප්‍රමාණයක් පුරා වර්තමානයේ නැනෝ තාක්ෂනය ගමන් කර ඇත. ඉහත කී කරුණු වලට අමතරව තව බොහෝ කරුණු නැනෝ තාක්ෂණය හා සම්බන්ධ වේ. එම නිසා නැනෝ තාක්ෂණය ඉතා විශාල පරාසයක් පුරා පැතිර යන්නක් වේ.


    උපුටා ගැනීමකි:
    කතෘ Supun Prabhath :
     
    Last edited: