NASA's Dawn Spacecraft to Reach Asteroid This Weekend

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    නාසා ඩොව්න් අභ්‍යයවකාශ යානය මෙ සතියේ වෙස්ටා ග්‍රහකය වෙත ලගා වෙයි.


    image-A091_4E22A4FB.jpg


    වෙස්ටා යනු අඟහරු සහ බ්‍රහස්පති අතර ඇති ග්‍රහක වළල්ලේ ඇති ස්කන්ධයෙන් දෙවන ස්ථානය ගන්නා ග්‍රහකය යි.



    වසර හතරක කාලයක් සැතපුම් බිලියන 1.6, කිලෝමීටර බිලියන 2.5 ක දුරක් ගෙවා මෙම ඩොව්න් යානය මේ සෙනසුරාදා පෙ:ව 01ට එයට ලන්වීමට නියමිතයි.

    මෙම වෙස්ටා ග්‍රහකය ප්‍රමාණයෙන් කිලිමීටර 500 ක් තරම් විශාලයි.මෙම ගමනෙ අරමුණ නම් මුල් කාලයෙ විශ්වයේ පැවැත්ම ගැන අධ්‍යයනය කීරීමයි.විද්‍යයාඥයින්ගෙ මතයට අනුව මෙම ග්‍රහකය ගිනිකදු පිපිරීමකින් ඇතිවු ලාවා වලින් සැදුනු එකක් බවයි.ඊට අමතරව මෙම ග්‍රහක වලල්ලේ ඇති විශාලම ග්‍රහකය වන කෙසර් හි ජලය ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා.

    සති හතක් පමණ කාලයක් පුරා ඩොව්න් යානය වෙස්ටා ග්‍රහකය නිරීක්ෂණය කල අයුරු ඔබට මෙම වීඩියෝවෙන් දැක ගත හැකිය.



    වෙස්ටා වෙත ප්‍රථම වරට ලගාවෙන ඩොව්න් යානය හබල් දුරදක්නයෙන් ගත් වෙස්ටා හි චායාරූපයට වඩා හොද චායාරූපයක් ලබා ගැනීමට නියමිතය.

    image-BF5C_4E22A9A3.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඩොව්න් ගමනේ ආරම්භයත්

    ඩොව්න් ගමනේ ආරම්භයත් ,2015 දි වෙස්ටා වෙත පැමිනීමත් ,අනතුරුව වෙස්ටා වටා ගමන් කිරීමත් මෙම ඇනිමේෂන් වීඩියොව මගින් දැක ගත හැකිය.

     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අඟහරු හා බ්‍රහස්පති අතර ඇති ග්‍රහක වලල්ල දෙසට ගමන්ගත් Dawn අභ්‍යවකාශ යානය පසුගිය සෙනසුරාදා(16) එහි වූ වෙස්ටා ග්‍රහකය වටා කක්ෂගත වු බවට NASA ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබේ

    SkyLk(.)com
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    වෙස්ටාගේ අලුත්ම පින්තූර

    වෙස්ටාගේ අලුත්ම පින්තූර

    315x308-http---www.jpl.nasa.gov-spaceimages-v2-getMediumImage.php-id-PIA14314


    Dawn අභ්‍යවකාශ යානය වෙස්ටා වටා කක්ෂගත වීමෙන් පසු එවන ලද ප්‍රථම ඡායාරූප කට්ටලය පසුගියදා එවනු ලැබීය.මෙම ඡායාරූප මගින් වෙස්ටා ග්‍රහකය ඉතාමත් විස්තරාත්මකව හැදෑරීමේ අවකාශය විද්‍යාඥයන්ට උදා වී තිබේ.



    Dawn යානය වෙස්ටා ග්‍රහකයට 16 000 කි.මී දුරින් කක්ෂගත වූ අතර ඉංජිනේරුවන් තක්සේරු කරන්නේ එය ජූලි 15 වන සිකුරාදා පස්වරු 10 ට PDT(ජූලි 16 වන සිකුරාදා පෙරවරු 1 ට EDT) සිදු වූ බවයි.

    වෙස්ටා,530 කිමී විශ්කම්භයකින් යුත් ග්‍රහක වලල්ලේ දෙවන විශාලතම ග්‍රහවස්තුවයි(විශාලතම ග්‍රහකයයි.මීට පෙර සෙරස් විශාලතම ග්‍රහකය ලෙස සැලකුවද එය දැන් වාමන ග්‍රහලොවක් ලෙස සලකයි.)පෘතුවියේ සහ අභ්‍යවකාශයේ ස්ථානගත දුරේක්ෂ ආධාරයෙන් සියවස් දෙකක් තිස්සේ වෙස්ටා ඡායාරූපගත කලද මෙතරම් පැහැදිලිව ග්‍රහකය ඡායාරූපගත කල පලමු අවස්ථාව මෙයයි.

    270x270-http---www.jpl.nasa.gov-spaceimages-v2-getMediumImage.php-id-PIA14313


    මෙම මෙහෙයුම පිළිබඳ එම මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂකයෙකු වන ලොස් ඇන්ජලිස් හී කැලිෆෝනියා සරසවියේ ක්‍රිස්ටොපල් රසල් මහතා මෙසේ අදහස් දැක්වීය. "අපි, සෞරග්‍රහ මණ්ඩලයේ දැනට විද්‍යාමානව පවතින පැරණිතම ආදිකල්පික භූමිය වන වෙස්ටා මතුපිට අධ්‍යනය කරමින් පවතිනවා. අභ්‍යවකාශයේ මෙම ප්‍රදේශය බොහෝ කාලයක් තිස්සේ නොසලකා හැර පැවතුනා නමුත් දැන් යානය මගින් එවන ලද නවතම ඡායාරූප වලින් සහ එවීමට නියමිත දත්ත වලින් වෙස්ටා මතුපිට දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවය යට සැඟවුනු එහි අතීතය අනාවරනයකර ගැනීමට හැකි වනු ඇති."

    වෙස්ටා සහ එහි යැවුනු පෘතුවි සගයා මේ වන විට පෘතුවියේ සිට මිලියන 188 කි.මී ඈතින් සිටින අතර Dawn මෙහෙයුම් කණ්ඩායම එළඹෙන අගෝස්තු වලදි වෙස්ටා පිළිබඳ යානයෙන් ලැබෙන විද්‍යාත්මක දත්ත රැස් කිරීමට සූදානමින් සිටී.


    265x263-http---www.jpl.nasa.gov-spaceimages-v2-getMediumImage.php-id-PIA14315


    ආසන්න වශයෙන් වසර 4 (බිලියන 2.8 කි.මී දුරක් ගමන් කර ) ක ගමන් කාලයකින් පසු Dawn යානය විසින් අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යවකාශ යානයක් අත් කරගන්නා ඉහලම ප්‍රචාලක ත්වරණය අත්කරගැනීමට නියමිතයි.මෙහිදී යානයේ අයන එන්ජිමේ අධාරයෙන් යානය තත්පරයට කිලෝමීටර 6.7 කටත් වඩා ඉහල ප්‍රවේගයක් ගනු ඇතැයි පර්යේශකයන් විශ්වාස කරයි.එන්ජිම අයන මුදාහැරීමෙන් ලබාදෙන තෙරපුම් බලය, යානය දැනට පවතින කිසිම තාක්ෂණ ක්‍රමවේදයකින් ලබාගත නොහැකි ප්‍රවේගයක් ලබා ගනු ඇත.

    Dawn යානය මෙලෙස වසරක කාලයක් වෙස්ටා වටා කක්ෂගතව පැවතීමෙන් අනතුරුව එහි දෙවන ගමනාන්තය වන සෙරස් වාමන ග්‍රහලෝකය කරා ගමන් කර 2015 පෙබරවාරි මස එහි ලඟා වීමට නියමිතයි.​




    Written by Kaushal Senanayaka
    Article copied from:wwwskylkcom