ජනවාරි 1 වෙනිදා යම් දෙයක් වුනා...ඒ ගැන දැන් කිසිම කෙනෙක් කතා කරන්නෙ නෑ...එදා NDT සහෝදරයො 63ක් ඔය කියන A හොස්ටල් එකේම E-Fac level 4,level 2 සහ level 1 සහෝදරයො 1000ක් විතර වට කරල පහර දෙන්න වුනා...ඒ අවස්ථාවෙදි NDT පළමු වසර සිසුන් විශ්ව විද්‍යාලය තුල නැති බවත් දෙවන වසර සිසුන්ට ජනවාරි 2වෙනි දින පටන් ගන්න නිසා එතෙක් බොහෝ පිරිසක් කැම්පස් එකට පැමිණ සිටි නැති බවත් හොඳාකාරවම දන්නව...එහෙම අවස්ථාවකදි එලෙස වටකර පහරදීම අමානුෂික නැද්ද..
මම ගොඩක් E-Fac සහෝදරයන්ගෙ Statuses සහ Comments කියවල බලල තේරුම් ගත්ත දේ නම් එදා උඹල අපට මානුෂීය ලෙස පහර දුන්න පමණි..නමුත් පෙරේදා රෑ(16) අපි උඹලට අමානුෂීය ලෙස පහර දුන්න යන්නයි...පහරදෙන එකේ කොහෙද මනුෂිකත්වයක් තිබෙන්නෙ...කවුරු පහර දුන්නත් ඒ ක්‍රියාව අමානුෂිකයි මචන්...අපිටත් දුකයි උඹලගෙ කොල්ලෙක් ICU එකේ කියල කිවුවම...උඹලට මේව කිඹුල් කඳුලු විදිහට පෙනේවි..එත් ඒ පුවත් ආරංචි වුන හැම එකෙක්ම මට කතාකරල කිවුවෙ "මචං ඉංජෙක් ICU එකේලු බං...පව් වැඩෙ බං...අපිත් පුළුවන් දෙයක් කරමු" කියලයි...ඒක ඉතින් අපේ අමානුෂීය ගතිය වෙන්න ඇති...
මගෙත් ඉන්නව මගේ බොක්කවල් E-Fac එකේ...කොළඹ වුනුත් ඉන්නව...ගැට්ටෙ වුනුත් ඉන්නවා...අපි අතරෙ මොන ප්‍රශ්න තිබ්බත් කැම්පස් එකේදි අහක බලන් ගිහින් නෑ දැක්කම...දැක්කම පහ දාල කාතා කරල 'හරි මචං ජය වේවා' කියල යන්නෙ...මේව ඉතින් කියවන්න හිතපුව නෙමෙ...එත් සමහර සහෝදරයො කරල තියන ප්‍රකාශ දැක්කම මේව කියන්න හිතෙනව...එදා මොන දේ වුනත් 1 වෙනිද උඹල අන්තිම බලු වැඩත් කලා...කොල්ලො කොල්ලො ගහ ගන්නව..ඒක සාමන්යයි...එත් බොල ගැහුව විතරක් නෙමේ...අපේ වුන්ගේ නිර්මාණශීලිත්වයට පයින් ගැහුව...අපේ ආත්ම ගරුත්වයට පයින් ගැහුව...ඒ දේවල් ගැන දැන් NDT වුන්ට බයින එකෙක්වත් එදා කතා කලේ නෑ...2 වෙනිද එලිවෙන කොට කැම්පස් එක පුරා චාටර් විදිහට පෝස්ටර් ගහපුව ගැන දැන් කවුරුත් කතා කරන්නේ නෑ...කොල්ලෙක් තමන්ගෙ මහන්සියෙන් ගත්ත බයික් එකක් කුඩු කරපු එක ගැන දැන් කවුරුත් කතා කරන්නෙ නෑ...අපේ වුන්ගෙ නිර්මාණ එළිදක්වන්න හදල තිබ්බ ප්‍රභාතය කඩල කුඩු කරපු එක ගැන කතා කරන්නෙ නෑ..(ප්‍රභාතය අළුත්වැඩියා කරපු උන් අතර මමත් එකෙක්...ඒක ගැන නම් පට්ට දුකයි උඹල කරපු වැඩේට ), අවුරුදු ගානක් පරණ චිත්‍ර ඉරල විසි කරපු එක ගැන දැන් කිසි කතාවක් නෑ...
මචං ඔය වගේ දේවල් ගැන එදා කවුරුවත් කතා කලාද...අද කතා කරනවද...අද උඹල මේ ප්‍රශ්නෙට විසඳුම විදිහට පෙන්නන්න හදන්නෙ NDTඑක ඔතනින් අයින් කරන එක...උඹල පොඩ්ඩක්
http://www.mrt.ac.lk/itum/About_Us.html එකට ගිහින් බලපන් ඔතන මුලින්ම ආවෙ කවුද කියල...ඒක කමක් නෑ...එතකොට බං ගිය දෙසැම්බර් වල උඹල IT වුන් එක්ක ගහ ගත්ත...එතකොට බං ඒකට විසදුම IT-Fac එක කැම්පස් එකෙන් අයින් කරන එකද..
මේකට මචන් ඔය කියන එකක්වත් නෙමෙ මචන් විසදුම...උඹලගෙත් වැරදි තියනව..අපෙත් වැරදි තියනව..සමහර ප්‍රශ්න නම් එක එක් පාර්ශව විසින් අප අතර ඇති කරපුව...මෙතන පටන්වත් බොලයි අපියි එකට එකතුවෙල හරි පාරේ කාගෙවත් ආත්මගරුත්වෙට හානි නොවෙන විදිහට ඉස්සරහට කටයුතු කරන්න පුළුවන්නම් ඒක තමා මචන් තියන විසදුම...උඹල අපිට ලයින් දෙනව...අපිත් බොලට ලයින් දෙනව...ඒත් එක තැනක් එනව ඔය ලයින් එක, එක පාර්ශවයක ඉවසීමෙ සීමාව පන්නන...අන්න ඉතින් ගහ ගන්නව...ඕක තමා මචන් ඇත්තට වෙන දේ...බොලත් ඉන්නෙ දෙකට බෙදිල..අපෙත් තියනව දෙකට බෙදිල්ලක්...නමුත් පොදු ප්‍රශ්නයක් ආපු වෙලාවෙදි බොලගෙ කොළඹද ගැට්ටද කියල නෙමෙ දෙපාර්ශවයම කම්පා වුනා...අපිට ප්‍රශ්නෙ ආපු වෙලෙ අපෙත් දෙපාර්ශවෙම කම්පා වුනා..ඒ වගේ අපි-බොලට එකතු වෙන්න පුළුවන්නම් ඔය ප්‍රශ්නෙ නවතිනව...උඹල අපිට ගහපු වෙලෙ උඹලගෙ වුන් දාල තිබ්බ සමහර status වල සහෝදරත්වය තිබ්බ...ඒව අපිට අමතක නෑ...උඹල ඒ වෙලෙ කණගාටුව පල කරපුව අපිට අමතක නෑ..එ වගේම තමා මේ වෙලෙත්...ප්‍රශ්නයක් වුනා...එකෙන් නොවිය යුතු දෙයක් වුනා...දැන් ඒකට දෙපැත්තට බෙදිල කෑ ගහ ගන්න එක නෙමෙ කරන්න ඔනෙ මචං...පුළුවන්නම් අපි දෙගොල්ලොම එකතුවෙලා අර ICU එකේ ඉන්න සහෝදරයට පිහිටක් වෙන්න බලමු...
සමහරවිට බොල මේ වෙලේ අපේ උපකාර ඕන නෑ කියල ඉන්නව ඇති...එත් බං අවංකවම අපි ඕන support එකක් දෙන්න ලෑස්තියි...සිදුවුනේ නොවිය යුතු දෙයක්...හැකිතාක් සහෝදරත්වයෙන් කටයුතු කරන්න උත්සහ කරමු...නැතහොත් තවත් ප්‍රශ්න පමණි...අපි-බොල එකට ස්කෝලෙ එක බත් පත බෙදාගෙන කාපු වුන්...මොකක් හරි හේතුවකට උඹල E fac ආවා අපි NDT ආවා...ආපහු industry එකට යන්නෙත් එකට වැඩ කරන්න බලාගෙන...මොකටද මේ එක කැම්පස් එකේ දෙකට බෙදිල ගහගන්නෙ...දන්නව මේ වෙලෙ බොල අපි එක්ක පට්ට මලෙන් ඉන්නෙ කියල...2 වෙනිද අපි හිටියෙත් එහෙම...දැන් මේව බොලට බයිල වගේ පෙනුනට...පස්සෙ වෙලාවක පොඩ්ඩක් හිතල බලහන් කේන්ති නිවුනම...ICU එකේ ඉන්න රොෂාන් සහෝදරයට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව..!!!