මචන් අපේ ගොඩක් අය engineering අවේ කාගෙවත් කීමට නෙවයි.පොඩි කලේ ඉදලම ඒගැන අසාවෙන් ඉදල, electronic ,mechanical දේවල් පොඩිකාලේ ඉදන්ම කරලයි අද මෙතන එන්නේ විශේෂයෙන් ම මම.අනික A/L වලදී physics,chemistry ඉගෙන ගත්තේ හුදෙක් ඒවා විෂයන් හැටියට සලකල නෙවයි අපේ පරිසරය සිද්ධ වෙන දේවල් පැහැදිලි කරන ප්‍රධාන සාධක හැටියට.වෙන කිසිම field එකකින් පැහැදිලි කරන්න බැරි දේවල් science වලින් පැහැදිලි කරන්න පුලුවන් නිසා.කිසිම කෙනෙක්ට A/L වලින් හොදම result දන්නා බැහැ කටපාඩම් කරලා.එහෙම ආපු කිසිම කෙනෙක් පහත කරන්න බැහැ මෝඩයෝ කියල.අපිට ඒකාලේ උගන්නපු ගුරුවරු කියල තියනවා උබල ගණන් කටපාඩම් කොලොත් උපරිම ගන්න පුලුවන් වෙන්නේ C එකක් කියල.
උබේ මෙකතාවට මම එකග වෙන්නේ නැහැ.maths පේපර් එක ගත්තොත් එකේ ඔක්කොම වගේ තියෙන්නේ සාධනය කරන්න.එලා හිටලා සුළු කිරීම් තියනවා ඒවා අමාරු නැහැ.Physics පේපර් එකක් ගත්තොත්,පහු ගිය අවුරුදු 4 ක විතර පේපර්ස් බැලුවොත් තේරයි සුළු කිරීම් සැහෙන ලේසි කියල.උදාහරණයක් ගත්තොත් 12.56/3.14 = 4 වගේ ගුණාකාර සුළු කරන්න තියෙන්නේ.හැම ගානක්ම හිතින් හදන්න පුලුවන් calculators අවශ්‍ය නැහැ.උබ කියනවා වගේ තාර්කික ප්‍රශ්න දැන් A/L පේපර්ස් වල තියනවා අනික කැම්පස් එකේදී calculators use කරන්න දෙනවා.ලොවෙත් තාර්කික ප්‍රශ්නත් ලැබෙනවා.එත් මත් පිලිගන්නවා තවත් විභාග ක්‍රමය දියුණු වෙන්න ඕනේ.
අනිත් එක පුද්ගලික විශ්වවිද්‍යාල.ලංකාවේ කැම්පස් යන්නේ 23000 ගානක්.අපිට විතරක් නෙවි අනිත් උනුත් ඉගෙන ගන්න ඕනේ.එනිසා ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල හැදුවට කමක් නැහැ.හැබයි රජයේ විශ්වවිද්‍යාල ඔක්කොම අමතක කරලා ඒවාට ප්‍රතිපාදන වෙන්කරන්නේ නැතුව පුද්ගලික විශ්වවිද්‍යාල විතරක් හැදුවොත් ඒවාට අපි ඒවාට විරුද්ධයි මොකද ලංකාවේ ගොඩක් දුප්පත්ළමයි ඉන්නවා ගොඩක් දක්ෂ ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න ඕනේ.ලක්ෂ 90-100 ක් වියදම් කරන්න බැහැ ඒ අයට.අපි ඒ ළමයි ගැන හොදට දන්නවා අපි දැන් එ අයත් එක්ක ඉන්න නිසා.රජයේ විශ්වවිද්‍යාල වගේම පුද්ගලික විශ්වවිද්‍යාලත් දියුණු කරන්න ඕනේ.උබ කියනවා වගේ enginnering field එකේ බොරු කයිවරු ගහන උන්ට,ලොකු ලොකු උන්ගේ ළමයින්ට place එකක් නැහැ වැඩ දන්නවනම් අනාගතයක් තියනවා.එනිසා competition එකට අපි බය නැහැ.මොකද අපිට අපි ගැන හොද විශ්වාසයක් තියනවා.