Net Connection Drop වෙන එකට පැලැස්තරයක්

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Net Connection Drop වෙන එකට පැලැස්තරයක්


    Net connection එකකුත් තියෙනවා ඒත් ඕක සැරින් සැරේ drop වෙන එක තමයි ඉවසන්න බැරි. ඕක මං දන්න තරමින් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක්. විශේෂයෙන්ම wireless connections පාවිච්චි කරන අයට. හැමදාම රෑ හතේ විතර ඉඳන් දහය එකොළහ වෙනකල් කිසි වැඩක් කර ගන්න බෑ විනාඩි පහෙන් පහට මෙහෙම කියනවා:

    0.JPG



    මේක ඉතින් අපේ වැරැද්දකින් වෙන දෙයක් නෙවි නෙ. ඒක නිසා එහෙම වෙන එක වළක්කන්න අපට ටිකක් අමාරුයි. ඒත් පොඩි වෙනසක් කලොත් මේ කතාව පොඩ්ඩක් වෙනස් කරන්න පුලුවෙනි.
    මේ කරන වැඩෙන් වෙන්නෙ connection එක drop උන ගමන් re-dial වෙලා නැවත auto connect වෙන එක. මේක දන්න කට්ටිය ඇති, නොදන්න අයත් දැන ගත්තාවෙ, නේද?
    හරි, මුලින් ම task bar එකේ තියෙන network icon එක click කරන්න.

    0.1.jpg


    එතකොට මෙහෙම එකක් එයි:

    1.jpg


    ඒකෙ Connect එබුවහම මෙහෙම එකක් නෙ එන්නෙ:

    2.JPG


    ඕක Dial click කලාම net connect වෙනවනෙ. එහෙම නැතුව දැන් Properties බොත්තම ඔබන්න.
    එතකොට එන window එකේ Options කියන tab එක select කරන්න.

    3.jpg


    දැන් ඔය රතු පාටින් රවුම් කරලා තියෙන කොටු ඒ විදියට සකස් කරන්න.
    පලවෙනි රවුමේ තියෙන කොටුව ලකුණු කිරීම අනිවාර්ය නෑ. ඒකෙන් වෙන්නෙ drop උනාම ආයෙ redial වෙනවා අපිට පේන එක. එහෙම පේන්න වැඩේ උනොත් ඒක connect වෙනකල් අපිට වෙබ් පිටුවල දත්ත හුවමාරුවක් (posting, button click, refresh, download, etc.) නොකර ඉන්න පුලුවන්. එතකොට අර උඩ තියෙන පණිවිඩය දකින්න වෙන්නෙ නෑ. Connected කියලා වැටුනට පස්සෙ පුලුවන් සාමාන්ය විදියට වැඩේ කරගෙන යන්න.

    දෙවෙනි රවුමෙ හරියක් තිබුනොත් ඒක අයින් කරන්න. නැත්තම් redial වෙන හැම පාරම 4 වෙනියට තියෙන රූපෙ තියෙන Dial Window එක එයි. ඒක Dial කරනකන් connect වෙන්නෙ නැති නිසා අමුතු වෙනසක් දකින්න බැරි වෙයි.

    තුන් වෙනි රවුමට හරිය දැම්මම තමා connection එක drop උනාම redial වෙන්නෙ. ඉතින් මතක ඇතුව ඒකට හරිය දාන්න!

    දැන් ඉතින් OK කරන්න. ටික වෙලාවක් ඉඳලා බලන්න වැඩේ සිද්ද වෙනවද කියලා. (වැඩේ හරිද බලන්න නම් connection එක drop වෙන්නම ඕනෙ නෙ!)


    P.S. : Sinhala unicode nadda? දැන් කියවන්න කම්මැලිද??
    Get the PDF of this