හින්දි, දෙමළ Film වල නම් මේ වගේ අමුතූ මැජික් කාරයෝ ඉන්නවා. ඒව දකින කොට අපිට නම් හිතෙන්නේ අනේ මේවා විශ්වාශ කරන මිනිස්සු තාමත් ඉන්නවානේ කියලා. ඒත් දැන් ලංකාවේත් ඕන තරම් ඒ දේවල් විශ්වාශ කරන මිනිස්සු ඉන්නව කියලයි මට නම් හිතෙන්නේ. මේ වගේ දේවල් වලින් මානසිකව සහනයක් ඇති වෙනව කියන දේ පිළිගන්න පුළුවන්. ගෝත්‍රිකයන්ගේ ඉදලම පැවතගෙන එන සමහර චාරිත්‍ර වාරිත්‍ර, ශාන්ති කර්ම වගේ දේවල් වලින් කෙරෙන්නෙත් මානසිකව යම්කිසි සහනයක් ලබා දෙන එක.
නමුත් වාණිජමය අරමුණු සාක්ෂාත් කරගන්න තව කෙනෙක්ව රවටන්න මේ වගේ දේවල් යොදාගන්න එක අද ඉතාමත් බහුලව පේන්න තියෙන දෙයක්. මම නම් දකින්නේ මේ වගේ දේවල් වල තියෙන බොරුව පෙන්න එක ඉතාමත් හොද දෙයක්. නෙත් එෆ්.එම් ගුවන් විදුලියට ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රණාමය හිමිවෙනව වගේම මිනිස්සුන්ව අන්දවන ස්වර්ණවාහිනිය ප්‍රතික්ෂේප කරන්නත් සිද්ධ වෙනවා.