network ඉගෙන ගන්නෙ ආස අයට..

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    network ඉගෙන ගන්නෙ ආස අයට..

    SIZE="5"]අපට එදිනෙදා ජීවීතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ. සාමාන්‍ය එදිනෙදා ජීවීතයේ අප කරන විවිධ ක්‍රියාකාරකම් සලකා බලන්න. ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගැනීම , රූපවාහිනී නැරඹීම , ගුවන් විදුලියට සවන් දීම මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කර්තව්‍යයන් බවට පත් වී ඇත. මේ සෑම ක්‍රියාකාරකමකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව ඔබට වැටහුනාද ? එසේනම් ජාලයක් යනු කුමක්ද ? මේ ආකාරයට ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක. මෙසේ පරිගණක ජාල ගත කිරීමෙන් විවිධාකාර වූ වාසි රැසක් අත් වේ[/SIZE]

    පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කල හැකි වීම.
    ප්‍රින්ටර වැනි මිල අධික පරිගණක උපාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
    මිල අධික පරිගණක මෘදුකාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.


    Network Types
    පරිගණක , පරිගණක ජාලයකට සම්බන්ධ කෙරී ඇති පරිගණක ප්‍රමාණය අනුව , ඒවායේ විහිදීම අනුව , භාවිතාව අනුව පරිගණක ජාල වර්ග කිහිපයක් ඇත. ඒවා නම් ,
    PAN - Personal Area Networks
    LAN - Local Area Networks
    MAN - Metropolitan Area Networks
    WAN - Wide Area Networks
    VPN - Virtual Private Networks


    PAN

    21.png


    PAN එකක් යනු තනි පුද්ගලයෙක් සතු පරිගණකයක් හා වෙනත් උපකරණ සමග තොරතුරු හුවමාරුව සඳහා උපයෝගී කරගන්න ජාලයකි. පරිගණයක ඇති පmp3 ගොනුවක් Bluetooth තාක්ෂණය භාවිතයෙන් ජංගම දුරකතනයකට හෝ mp3 player එකකට ලබා ගැනීම මේ සඳහා උදාහරණයකි. PAN එකක් සඳහා රැහන් සහිත හා රැහැන් රහිත උපාංග දෙවර්ගයම භාවිතා කරනු ලැබේ.

    LAN

    lan.gif


    LAN එකක් යනු සීමිත ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල වේ. එනම් පාසල් , පරිගණක විද්‍යාගාර වල ඇති පරිගණක ජාල මේ සඳහා උදාහරණ වේ. මේවා තනි පුද්ගලයෙකුගේ (Network Administrator) පාලනය යටතේ ඇති පරිගණක ජාල වේ.

    WAN

    WAN එකක් යනු විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති පරිගණක ජාල වේ. මේවා නගරයක් පුරා හෝ රටක් පුරා හෝ මහද්වීපයක් පුරා පැතිරී තිබිය හැක. විවිධාකාර වූ දත්ත සම්ප්‍රේෂන මාධ්‍ය මේ සඳහා යොදා ගනී. අන්තර්ජාලය යනු මේ සඳහා හොඳම උදාහරනයයි.
    MAN
    විශාල නගරයක් හෝ ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල ඵAභ වලට අයත් වේ. අන්තර්ජාල සේවා සපයන්නන් මේ සඳහා උදාහරණ වේ.

    Network Types
    පරිගණක ජාලයකට සම්බන්ධ කර ඇති පරිගණක හෝ වෙනත් උපකරණ හඳුන්වන්නේ Node යන නාමයෙනි. මෙලෙස Node පරිගණක ජාලයට සම්බන්ධ කරන රටාව අනුව පරිගණක ජාල සැලසුම් රටා කිහිපයක් පවතී.
    Bus Topology
    Star Topology
    Tree Topology
    Ring Topology


    Bus Topology

    lin_bus.gif


    සියළුම Node වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යකට පරිගණක ජාලයේ Nodes එකතු කිරීමෙන් ලැඛෙන ජාල රටාවට topology එක යැයි කියනු ලැබේ. Node එකක් එකතු කිරීම හා ජාලයෙන් ඉවත් කිරීම පහසු වීම මෙම ක්‍රමයේ දක්නට ලැඛෙන ප්‍රධාන වාසියකි. සියළුම Nodes වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යය ක්‍රියාවිරහිත වූ විට මුළු පරිගනක ජාලයම අඩපණ වීම මෙහි ඇති අවාසියකි.

    Star Topology

    star.gif

    Star topology ක්‍රමයේදී සිදු කරන්නේ පරිගණක ජාලයේ ඇති සියළුම Nodesමධ්‍යගතව ඇති එක් Node එකකට සම්බන්ධ කිරීමයි. මේ ක්‍රමයේදීද පරිගණක ජාලයට Node එකතු කිරීම හා ඉවත් කිරීම පහසු වන අතර පරිගණක ජාලය ගොඩ නැගීම පහසු වේ. මධ්‍යගතව ඇති Node එකෙහි අඩපන වීම් නිසා මුළු පරිගණක ජාලයම අඩපණ වීම මෙහි දක්නට ලැඛෙන දුර්වල කමකි.

    Tree Topology

    tree.gif

    ඉහතදී අප සාකච්ඡා කල Bus හා Tree යන Topology දෙකෙහි එකතුවක් ලෙස Tree topology එක සැලකිය හැක.Star topology ක්‍රමයට සම්බන්ධ කර ඇති පරිගණක ජාලයන් කිහිපයක් Bus topology ක්‍රමයට සම්බන්ධ කිරීමක් මෙහිදී සිදුවේ. පරිගණක ජාලයක් අවශ්‍ය පරිදි විකාශනය කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන වාසියක් වේ.

    Ring Topology

    ring-topology.gif

    සෑම Node එකක්ම එයට වම්පසින් හා දකුණුපසින් ඇති යාබද Nodes සමග සම්බන්න්ධ කිරීමෙන් තනා ගන්න පරිගණක ජාල Ring topology එකට අයත් වේ. පරිගණක ජාලයේ යාබදව නොපවතින node දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේදී ඒවා ජාලයේ වෙනත් Nodes හරහා ගමන් කිරිම මෙහි දක්නට ලැඛෙන ප්‍රධාන අවාසි වේ.
    [/SIZE]

    ICT අත්වැල
     
    • Like
    Reactions: bulza and skymicro