NEW: විල්පත්තුවේ අක්කර සියයක් ඩෝසර් කරයි…

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    NEW: විල්පත්තුවේ අක්කර සියයක් ඩෝසර් කරයි…

    විල්පත්තුවේ අක්කර සියයක් ඩෝසර් කරයි…


    February 25, 2020 at 3:00 pm | lanka C news



    විල්පත්තුවේ අක්කර සියයක් ඩෝසර් කරයි…
    විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර හානියක් සිදු කෙරෙන බව අනාවරණය වේ.

    පෞද්ගලික සමාගමක පූර්ණ අනුග්‍රහය යටතේ මෙම කටයුත්ත සිදු කෙරෙන බවද අනාවරණය වී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය, යාය 18 ප්‍රදේශය මුල් කරගනිමින් දිවයින පුරාම අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.

    මෙම පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවද අනාවරණය වෙයි.

    මෙම මහා පරිමාණ කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා අදාළ පෞද්ගලික සමාගම විසින් පරිසර ඇගයීම් වාර්තාවක් ද සකස් කර නැතැයි පැවසේ.

    මේ පිළිබඳ රාජාංගණය ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන්ගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

    ‘‘මේ භූමි ප්‍රදේශයේ තිබෙන්නේ බලපත්‍ර ඉඩම්. මෙම ඉඩම්වල පසුගිය කාලයේදී ගොවීන් හේන් ගොවිතැන් කරනවා. අදාළ සමාගමේ උදව් ඇතිව ගොවීන් කෝමාරිකා වගා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගොවීන් මගෙන් ඉල්ලීමක් කළා. මම ඊට අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කළා. විල්පත්තුව ජාතික වනෝද්‍යානය සීමාවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මේ ඉඩම් පිහිටා තිබෙන්නේ අදාළ සමාගම විසින් ගොවීන්ට දන්වා තිබෙනවා මෙම වගා ව්‍යාපෘතියත් සමග ජල ටැංකි, මාර්ග පද්ධති සහ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් සකස් කර දෙන බව. යාය 18 ප්‍රදේශයේ අක්කර 100 කට වැඩි භූමි ප්‍රදේශයක කෝමාරිකා වගාව සිදු කිරීමට භූමිය සකස් කෙරෙනවා.

    අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී ජනක විතානගේ පවසන්නේ මෙවැනි අදහසකි.

    දැනට එළිපෙහෙළි කර තිබෙන අක්කර සියයක් කියන්නේ විශාල භූමි ප්‍රදේශයක්. විල්පතතුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) මෙවැනි පාරිසරික තත්ත්වයන්ට බලපාන යම් ව්‍යාපෘතියක් සිදු කරනවා නම් පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතුයි. විල්පත්තුව සුද්ද කරනවා වගේ වැඩක් මේක. මේ කටයුතු කෙරෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන නෙවෙයි. මේක කරන්නේ කාගේ වුවමනාවටද, කාගේ බලයටද කියන ප්‍රශ්නය තියෙනවා. රාජාංගණයට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක අවශ්‍යතාව මොකක්ද? ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි, කෝමාරිකා වගාවයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? මේ ව්‍යාපෘතියේ යටි අරමුණක් තිබෙනවා. උඩින් පෙන්වන ව්‍යාපෘතිය නෙවෙයි පසුව සිදු කරන්නේ. අවසානයේ සිදුවන්නේ විල්පත්තුව ප්‍රේරණ කලාපයේ ඉඩම් ටිකක් නැති වීමයි. මේ කටයුතුවලදී රාජ්‍ය අංශයේ නිසි අවසරයක් නැතිව දේශපාලන හයියකින් මේ වැඩේ කරන්නේ.

    මේ පිළිබඳ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් සිදු කළ විමසීමකදී කියා සිටියේ අදාළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය පිළිබඳ වහාම සොයා බැලීමට කටයුතු කරන බවය.

    – aruna



    මොකද බන් මේ කරන්නේ? :eek::eek::eek:
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    මේවා දේශප්‍රේමී එලි කිරීම් එක හින්ද අවුලක් නැ:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    බයියෝ: කෝමාරිකාවල ඇති දිව්‍යමය ගුණ







    9swtkvJ.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නිතියක් නැති රටෙ වෙන මොනවා වෙන්න ද. එන්න අපි පිල් බෙදිලා රැවටෙමු
     
    • Like
    Reactions: Bart_Allen

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Vilpattuwa loku wediy ban.podi kellak ithuru karala anith tike farming karanna one
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    13.gif


    දෙයි හාන්දුරුවනේ..... මක්කෙයි මේ කරන්නෙ...
    සජිත් ස' අගමැති කොරන්නම වෙනවා. මේ උගුලෙන් රට ගලවාගන්න...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇත්තටම රටේ පාලකයෝ ඉන්නවද? මේවට එකෙක් සද්ද නෑ. අර කඩොලාන සීන් එක මතකනේ. දේශපාලන කරන තුප්පහි තමයි මේ රට කන්නේ.

    :angry::angry::angry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    ඇත්තටම රටේ පාලකයෝ ඉන්නවද? මේවට එකෙක් සද්ද නෑ. අර කඩොලාන සීන් එක මතකනේ. දේශපාලන කරන තුප්පහි තමයි මේ රට කන්නේ.

    :angry::angry::angry:

    Ithin bn owa tiyagena monawa karannada.earth ekata future ekak ne.tiyena tika kagena yamak tiyenne.
     

    Similar threads