New Cabinet

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    8152c9a99374ffe03756825c03b90209_L.jpg



    ක්‍රීඩා ඇමති කමට නම් 3ක් !



    ක්‍රීඩා අමාත්‍ය ධූරය සඳහා නම් තුනක් යෝජනා වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

    ඒ යහපාලන ආණ්ඩුවේ සංචාරක, වන ජීවී හා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි නවීන් දිසානායක. බදුල්ලෙන් වැඩිම මනාපගත් හරීන් ප්‍රනාන්දු හා එස්.බී. නාවින්න යන අයයි.

    කෙසේවුවද ක්‍රීඩා විචාරකයන් පෙන්වාදෙන්නේ ඉතිහාසයේ සිට ක්‍රීඩා අමාත්‍ය ධූරයන්ට පත්කරනු ලැබුවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් නොදන්නා අය බවයි.

    ඒ අතරින්ද, ක්‍රීඩාවට යමක් කළ අමාත්‍යවරයා ලෙස සැලැකිය හැක්කේ එස්.බී. දිසානායක මහතා බවත්, ඔහුද වැඩි උනන්දුවක් දැක්වූයේ මලල ක්‍රීඩා සම්බන්ධයෙන් පමණක් වීම නිසා එස්.බී. ද ක්‍රීඩාව සම්බන්ධයෙන් සාර්ථකම ඇමතිවරයකු නොවාන බව ඔවුන්ගේ හැඟීමයි.

    කෙසේවුවද ක්‍රීඩා අමාත්‍යකමට මන්ත්‍රීවරු වැඩි දෙනෙකු පොර කන්නේ එය මාධ්‍ය අවධානය වැඩි වශයෙන් දිනාගන්නා විශයක් නිසා බවද පැවසේ.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    ජාතික ආණ්ඩුවේ මුදල් ඇමති හර්ෂ

    එජාප – ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාට ලබා දීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

    සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප අමාත්‍ය ධූර සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදීමෙම තීරණය ගෙන ඇති බව පැවසේ. පසුගිය ආණ්ඩුවේදීද හර්ෂ ද සිල්වා මහතා මුදල් අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් සිටී නමුත් රවී කරුණානායක මහතා එජාපයේ උප නායකයා වීමත් දිස්ත්‍රික්කයේ ජනප්‍රියම චරිතය වීමත් හේතුවෙන් ඔහුට මුදල් අමාත්‍ය ධූරය ලබාදීමට කටයුතු කෙරිනි.

    ආර්ථික විද්‍යාව පිළිබඳ ඇති හසල දැනුම සහ වෘත්තීය නිපුනත්වය හේතුවෙන් හර්ෂ ද සිල්වා මහතාට මෙම අමාත්‍ය ධූරය ලබාදීමේ තීරණයට හේතුවී ඇති බවත් වාර්ථා වේ.


    source - http://theceylon.net/ජාතික-ආණ්ඩුවේ-මුදල්-ඇමති/