මමත් මෙහෙ අවේ ස්ටුඩන්ට් හැටියට. දැන් අන්තිම මොඩියුල් එකේ ඉන්නේ. ඊටපස්සේ ඕපන් වර්ක් වීසා ඇප්ලයි කරන්න ඉන්නේ JOB එකක් හොයාගන්න. ඒ විසා එක ගන්නත් NZ $ 4200 බැංකුවේ පෙන්නන්න ඕනේ. මෙහෙ ස්ටුඩන්ට්ලට සතියට පැය 20ක් වැඩ කරන්න පුලුවන්. ගෙවන්නේ අවම පැයකට 15.25/-. එකෙනුත් ටැක්ස් කැපිලා එනකොට පැයට 13/- ගානක් තමයි හම්බුවෙන්නේ. තනියම ඉන්නවා නං ශේප් එකේ ඉන්න පුළුවන්. ලංකාවට සල්ලි එහෙම යවනවා බොරු. තමන් ඉන්න විදිය ශේප් එකේ හදාගතම එක්පෙන්සස් ශේප් කරගන්න පුළුවන්. කඩෙන් කන එක නවත්තලා මොනවා හරි ශේප් එකේ ගෙදරම හදා ගත්තම හරි. පාර්ට් ටයිම් ජොබ් හොයාගන්න ටිකක් අමාරුයි. තියනවා හැබැයි හොයන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. මෙහෙ මොකක් කරත් අවුලක් නෑ හිත තියනවා නං. මටත් පාට් ටයිම් එකක් හොයාගන්න මාස දෙකක් විතර ගියා මෙහෙ ආවට පස්සේ. රට හොඳයි හැබැයි වියදම් වැඩි. ගොඩක්ම ඕක්ලන්ඩ් වල. වෙලින්ටන්, ක්රයිස්ට්චර්ච් වගේ සිටි වල ලිවින් කොස්ට් අඩුයි හැබැයි ජොබ් ලේසි නෑ. එහෙ උනුත් ගොඩක් ඕක්ලන්ඩ් එනවා ජොබ් කරන්න. මෙහෙ උන්ටම හොයාගන්න අමාරු කොට අපිට ඊට වඩා අමාරුයි. තමන්ගේ වාසනාවත් බලපානවා. සමහරුන්ට ආව ගමන් ජොබ් හම්බුවෙනවා. ස්ටුඩන්ට් වීසා එකෙන් වයිෆ් ගෙන්නගෙන වයිෆ්ට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම මෙහෙ දෙන්නම වැඩ කරන්න ඕනේ නැත්තන් එක්කෙනෙකුගේ පඩියෙන් ඔක්කොම කරන්න බෑ.