මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්
මුස්ලිම් දේවස්ථාන සහ වෙළෙඳ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල එල්ල කෙරුණ වර්ගවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර ගන්නේ නැත්නම් දැඩි ක්‍රියා මාර්ගයකට යන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන සමස්ත මුස්ලිම් නියෝජිතයෝ අනතුරු ඇඟවීමක් කරති.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් මැති ඇමතිවරු තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර අබ්දුල් හලීම් ඇමතිවරයාගේ කාර්යාලයේ පැවැත්වුන සාකච්ඡාවක දී එකී වර්ගවාදී ප්‍රහාර නතර කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට තීන්දු කළ අතර ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය පියවර නොගන්නේ නම් තම පාර්ශ්වය ඉදිරි ක්‍රියාමාර්ග තීන්දු කරන බව එම ලිපිය මගින් දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් බීබීසිට කියා සිටියේය.
ආණ්ඩුව ඉහත කී ප්‍රහාර නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නේ නැත්නම් මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට ඉහත කී සාකච්ඡාවේ දී ඒකමතිකව තීන්දු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් කියා සිටියි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් ඉහත කී සාකච්ඡාවට සහභාගී වූ අතර ඔවුන් ඒකමතිකව ඉහත කී තීන්දුවට එළැඹි බවත් මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් සඳහන් කරයි.
http://www.bbc.com/sinhala/sri-lanka-39978582