උඹ තේරුම් ගත්තා මචං.. අන්න ඒකයි.. කවදාවත් යාළුවෙක් කියන දෙයක් වුණත් 100% විශ්වාස කරන්න එපා.. ඒකෙන් අන්තිමට වෙන්නෙ මොකක්ද දන්නවද.. උඹ අමාරුවෙ වැටෙන එක.. අන්න ඒක නිසා පරිස්සමින් වැඩ කරපන්.. උඹට දෙයක් වුණොත් ඔය යාළුවො මාළුවො මොකෙක්වත් නෑ.. අර ගෙදර ඉන්න අහිංසක අම්මයි තාත්තයි විතරයි උඹ වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න ඉන්නෙ.. මම ඔය යාළුවො ගැන, කෙල්ලො ගැන හොදටම දන්නවා බං.. ඔය හැම දෙයක්ම මට වෙලත් තියෙනවා.. ඒක නිසා මම කැමති නැහැ තව එකෙක් ඒ වැරැද්දෙ දැන දැන වැටෙනවා බලන්න.. උඹගෙ යාළුවට හිත හදාගන්න කාලය අවශ්‍යයි.. අපි හිතන තරම් ඉක්මනට අපේ හිතෙන් දෙයක් අයින් කරන්න අමාරුයි.. මුලින් මුලින් ඒ දේවල් අපේ හිතට වදයක් වෙනවා තමයි කාලයත් එක්ක ඇත්ත තේරුම් ගත්තාම ඌට හිත හදාගන්න අමාරු වෙන එකක් නෑ..
කෙල්ලට ඌව අමතක කරන්න පුළුවන් නම්.. ඇයි ඌට බැරි කෙල්ලව අමතක කරන්න..
මම ඔය දේවල් දන්නෙ මමත් ආදරෙන් පැරදිච්ච එකෙක් නිසා.. මමත් ඉස්සර අම්මා තාත්තා කියන දේවල් ඇහුවෙ නෑ.. ඒකි මගේ මුළු ලෝකයම වුණා.. කොල්ලෙක් ඒ කෙල්ලට වචනයක් හරි කිව්වොත් ඌට බිම දාගෙන ගැහුවා.. හැබැයි මට දවසක හැමදේම තේරුම් ගියා.. ඒත් මම පරක්කුයි.. ඒ ගැන මම තාම දුක් වෙනවා.. දැන් මම ඔය එක කෙල්ලක් ගැන හිතලා දුක් වෙන්නෙ නෑ.. මම මගේ ගැන විතරයි දැන් හිතන්නෙ.. මගේ අනාගතේ ගැන විතරයි.. හොඳ කෙල්ලෙක් ලැබුණොත් කසාඳ බඳිනවා.. නැත්නම් නිකන් ඉන්නවා.. මොකද කෙනෙක් කසාඳ බදින්නම ඕනෙයි කියලා නියමයක් නැහැනේ.. ඒත් ඇත්තම කිව්වොත් කෙල්ලෙක් නැතුව පිරිමියෙක්ගෙ ජීවිතේ සාර්ථක නැහැ මචං.. ජීවිතයක් සාර්ථක වෙන්න බිරිඳක් අවශ්‍යයි.. ඒත් අපේ ජීවිතයට හරියන කෙනෙක් ලැබෙන්නෙ නැත්නම් අපි මොනවා කරන්නද..? නොගැලපෙන විවාහ කරගෙන දුක් විදින්න බැහැ.. ජීවිතේ කඩා වට්ටගන්නත් බැහැ.. හොදම දේ ඉවසන එක.. අනිවා මම දන්නවා මං වෙනුවෙනුත් කෙනෙක් මේ ලෝකෙ ඉපදිලා ඉන්නවා කියලා.. උඹගෙ යාළුවගෙත් නියම හිමිකාරි එයා නෙමෙයි වෙන්න ඇති මචං.. හොඳ කෙනක් ඌටත් දවසක ලැබෙයි..
සමහරවිට එදාට අර කෙල්ල ගොඩක් දුක් වෙයි.. මොකද ඔය සල්ලි පස්සෙ යන එවුන්ට ගොඩක් වෙලාවට වරදිනවා.. සල්ලි කියන දේ හැමදාම ළඟ තියෙන්නෙ නැහැ.. එනවා යනවා.. ආදර එහෙම නෙමෙයි.. ඒ දේ තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක් හොයාගන්න ඕන.. එතකොට ඒ ජීවිතේ සාර්ථකයි..
උඹට මම ආයෙම කියන්න ඕන මචං.. මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙක් 100% විශ්වාස කරන්න එපා.. අම්මා තාත්තා ඇරෙන්න.. ඒකෙන් වරදින්නෙ උඹට, දුක් විඳන්නෙ උඹ..
ජීවිතේ ඕනෙ ප්‍රශ්නෙකට මූණ දෙන්න පන්නරය ලැබුනෙ ඔය බූට් එකෙන් නේද?මටත් එහෙමයි. තනියම ඉපදුන, තනියම මැරෙන අපි මොකටද වෙන කෙනෙක් ගැන හිතලා විඳවන්නෙ.
දැන්නං ඕනෙ පු*ක් කියලා ඕනෙ දෙයක් අත්හරින්න පුලුවන් මචං මට නම්.
බඳින්නම මිසක් ලවු කරන්න නම් කෙල්ලො ඕනෙ නෑ


