NICAM තාක්ෂණයට මොකද වුණේ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,435
    19,626
    113
    Colombo
    අපිත් ඒ කාලෙ ගත්තෙ ඕක තියන ටීවී එකක්. Sony,
    Bilingual කියල ලෝගෝ එකට යටින් දානවා බාශාව මාරු කරන්න පුලුවන් ප්‍රෝගෑම් යනකොට, රූපවාහිනියෙ විතරයිනේ NICAM ප්‍රෝගෑම් ගියේ
    තාම ඒ ටීවී එක හොඳටම පේනවා, නමුත් සවුන්ඩ් වැඩ කරන්නෙ සමහර වෙලාවට විතරයි, කලින් නම් මෙහෙම උනාම dry solder ටික පෑස්සුවම හරි, කෑල්ලක් පිච්චිලා නං ඒව හොයල රීප්ලේස් කරාම හරි යනවා
    දැං බැලුවට අවුල හොයා ගන්න බැරුව ටීවී හදන හෙනම ඩයල් එකක් කියන එකෙක්ට පෙන්නුවා, මිනිහා කිවුවෙ මේ අවුල ඔය NICAM සීන් එකට රිලේටඩ් මොඩියුල් එකක තියෙන්නෙ ඒක හදන්න බැහැ ඒ මොඩියුල් එකම රීප්ලේස් කරන්න වෙනවා කියලා, හෙවුවට හෙවුවට ඒ කෑල්ල හොයන්න නැහැ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ඒ කාලෙ නිතරම ඇඩ් දානවා ඕනෙම ප්‍රෝග්‍රෑම් එකක් ඕනෙම භාෂාවකින් බලන්න පුලුවන් අරවා මේවා කියලා. ඉතින් ගෙදර අයට සිංහලෙන් ඉංග්‍රීසි/දෙමල කතා බලන්න ඕනෙ කියල ගත්තා. ගත්තට පස්සෙයි දන්නෙ සමහර ප්‍රෝග්‍රෑම් විතරයි නයිකෑම් වලින් එන්නෙ. ඒකත් රූපවාහිනියෙ විතරයි. එහෙම ආවත් default language දාන්නේ සිංහල. නයිකෑම් නැති ටීවී එකකින් උනත් බලන්න පුලුවන්. අපරාදෙ ඒ කාලෙ හැටදාහක් විතර බොරුවට වියදම් කරා නයිකෑම් ටීවී එකක් ගන්න.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    ඒ කාලෙ . එහෙම ආවත් default language දාන්නේ සිංහල. නයිකෑම් නැති ටීවී එකකින් උනත් බලන්න පුලුවන්. අපරාදෙ ඒ කාලෙ හැටදාහක් විතර බොරුවට වියදම් කරා නයිකෑම් ටීවී එකක් ගන්න.
    😂 😂
    දැනුත් ඔහොම ඒවා වෙනවා ඇති බං
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,670
    3,403
    113
    Bandarawela
    අඩේ සිරාවට. ඒ කාලේ ඕක මැජික් වගේ. රුපවාහිනී news දෙමළෙනුත් කියනවා. ඒවා live නිසා කොහොම යනවද හිතාගන්න බෑ . තව අපේ TV එකේ light එකක් තිබුන කාමරේ එලිය අඩු වැඩි වෙද්දී tv එකේ brightness auto හැදෙන. (1997 වගේ මේ කියන්නේ.)
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    oka ape allapu gedara akkat genawa ekale, ape dad gihinmai set karala dunne, nicam tynawa kyla apith danakam kata aran balan hitiya, api hitan hitiye programs onama language ekakata auto translate wela ahenawa kiyala :lol: