NIDAHASE WEDIKAWA Kadakappal Kereema Gena Soyai

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    කුරුණෑගල "නිදහසේ වේදිකාව" කඩාකප්පල් කළ
    එජාප මන්ත්‍රීන් 5 කට එරෙහි පරීක්‍ෂණ


    පියසේන දිසානායක

    කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පසුගියදා පැවැති "නිදහසේ වේදිකාව" ජනහමුව කඩාකප්පල් කළ බව කියන එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පස්‌ දෙනකුට එරෙහිව එම පක්‍ෂය පරීක්‍ෂණ ආරම්භකොට ඇත.

    මෙම රැස්‌වීම කඩාකප්පල් කිරීම සඳහා සැලසුම් සකස්‌ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනකුට චෝදනා එල්ල වී තිබෙන බව එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවැසීය.

    සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කර තිබෙන අතර එම කමිටුව වෙත මේ වනවිට කුරුණෑගල එ. ජා. ප. දිස්‌ත්‍රික්‌ කළමනාකරු ජානක බෝගොල්ලාගම සහ වයඹ පළාත් සභාවේ විපක්‍ෂ නායක ශමල් සෙනරත් යන මහත්වරුන් පක්‍ෂයේ ඉල්ලීම මත වාර්තා දෙකක්‌ භාරදී ඇත.

    එම වාර්තා සහ වීඩියෝ පට ඔස්‌සේ පරීක්‍ෂණ ආරම්භකොට ඇති කමිටුව ඉදිරි සති දෙක ඇතුළත තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඉහත මන්ත්‍රීවරුන්ගෙන් යම් අයකු වැරැදිකරු බවට පත්වුවහොත් පක්‍ෂයේ විනය නීතිරීතිවලට අනුව ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.