මීට අවුරුදු 10 විතර ඉස්සර සේතු සමුද්‍රම් කියල ප්‍රොජෙක්ට් එකක් ඉන්දියාව පටන් ගත්තා. අපේ රටේ යුද්ධේ ඉවර උන ගමන් ඒකට කෙලවුනා.
නිකොබාර් දුපත්වල පටන් ගන්න හදන වරාය අපිට විතරක් නෙවෙයි සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවලටත් එක සේ බලපෑමක් ඇති කරනවා. සිංගප්පුරුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් භාණ්ඩ ප්‍රති අපනයනය. ඒ නිසා මේ රටවල් බකං නිලා ඉන්න එකක් නෑ.
මේ වරාය හදන එකට කරන්න තියෙන හොඳම ප්රතිකර්මය හම්බන්තොට වරායට වැඩිපුර නැව් ගෙන්න ගන්න එක. ඒත් එහි පරිපාලනය චීනෙට දීපු නිසා කරන්න දෙයක් නෑ.
මට හිතෙන දේ නම්, ඉන්දියාව අපිට අරින්න හදනවනම්, කවදාවත් ඒ දේ කරගන්න ලැබෙන්නේ නෑ. අපි මොනවා නොකරත් ඉබේම කඩාකප්පල් වෙනවා.
එක්කෝ ආණ්ඩුව පෙරලිලා ප්‍රොජෙක්ට් එක අවලංගු වේවි. එහෙම නැතිනම් ස්වාභාවික ව්‍යසනයක් නිසා අතහරින්න සිදු වේවි.
කොළඹ වරායට එනවනම් පැය කිහිපයක අමතර ගමනක් තියනවා. ඒ වගේම වරායේ ඇති අවම පහසුකම් නිසා අවුට් හාබර් බලන් ඉන්න වෙනවා. ඉඩකඩ ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ නිසා හොඳම දේ හම්බන්තොට දියුණු කිරීමයි. පටන් ගත්ත දවස්වල සිට එක දිගට වැඩ කරානම්, මේ වෙනකොට අපි හම්බන්තොටින් ලාබ ලබන්න පටන් අරගෙන.