මාත් ඇත්තටම ගොඩක් try කළා, ගිය අවුරුද්දේ ත් හොඳටම try කළා. ඒත් බැරි උන හරියට control කරගන්න. හැබැයි ගිය අවුරුද්දේ ටිකක් සාර්ථකයි. කොහොමත් මුළු අවුරුද්දේම count එක ගත්තම පට්ට අඩු ගානක් ගිය අවුරුදු 10 විතර බැලුවම. ගොඩක්ම මට උදව් වුණේ බෞද්ධ ධර්මයේ පැත්තේ දේවල්. උබ මොන ආගමේ ද දන්නැනේ. ඒ හින්දා normal කරපු දේවල් ටිකක් කියන්නම්.
හේතුවක් නැතිව පොන් එක ඔබන එක ලොකු බාධාවක් බන් nofap වලට. ගොඩක් වෙලාවට බන් අපි porn බලන්නෙ අපි horny හින්දා නෙවෙ. එක්කො කම්මැලිකමට, නැත්තන් අපි කර කර ඉන්න වැඩේ එපා වෙලා. ගොඩක් වෙලාවට අපි ඔහෙ phone එකේ computer එකේ වැඩ කරද්දි ඒ වැඩේ ටිකක් එපා වෙනව නම්, අපි පොඩ්ඩක් youtube, facebook, instragram වගෙ ඒවට යනවා. ඒත් ටික වෙලාවක් නිකන් ඕවගෙ scroll කර කර ඉද්දි දකින චූටි දෙයක් ඇති උබෙ ඔලුව porn පැත්තට ගෙනියන්න. හිත විශ්වාස කරන්න එපා බන්. උබට පෝන් එකට අත තියෙන හැම වෙලාවෙම උබෙන් අහල බලහන් මන් මෙ පොන් එක ගන්නෙ අත්‍යවශ්‍යම වැඩකට ද කියල, එහෙම වෙලාවට විතරක්ම phone එක use කරහන්. ආයෙ තව දෙයක් උබ social media වලින් ඈත් වෙයන්. අත්‍යවශ්‍යම වැඩක් නම් විතරක් social media පාවිව්චි කරහන්. , instragram, tiktok වගෙ ඒවා නම් ඉතින් phone එකෙන් අයින් කරහන්. වැඩ්කට ඇත්තෙම නෑනෙ. මොන දෙ වුනත් මතක තියා ගනින් ඔය computers, phones වගේ devices පාවිව්චි කරද්දි අපෙ ඔලුව දන්නෙම නැතිව එපා වුන වෙලාවට වෙනස් වෙනවා. උබෙ හිත කියන එක ක්ෂනිකව අර පැත්තට යන්න පුලුවන්. (හිත පාලනය කරන්න අමාරුයි නම උබ පොඩ්ඩක් චිත්තානුපස්සනාව වගෙ භාවනා ගැන හොයල බලහන්).
පුද්ගලිකව මම නම් ගොඩක් බන් අශුභ භාවනාව පුරුදු වුනා. ලොකුවටම කරන්නෙ නෑ. එත් මන් බන් porn බලන්න හිතෙන වෙලාවට අපේ හිත දකින්න අකමැති ශරීරයෙ පිළීකුල් දේවල් බලනවා (උදා. මළසිරුරු වගෙ) . මෙවත් එක්ක අපි අර ගැණූන්ගෙ දකින්න කැමති නිරුවතට වඩා ඒ ශරිර වල තියෙන්නෙ මහා ජරාවක් නේද කියල තෙරෙනවා. ඒකෙන් එ වෙලාවෙ ඒ හැගීම් යටපත් කරගන්න පුලුවන්. මුලදි ඒ පින්තූර, විඩියෝ බලලා පුරුදු වුනාම පස්සෙ ලෙසියෙන් හිතෙන් ඒවා මෙනෙහි කරගෙන අර porn බලන්න fap කරන්න තියෙන හිත නැති කරන්න පුලුවන්.
මන් උබට වැදගත්ම උපදෙසක් දෙන්නම්. ඇත්තටම ගොඩ කාලයක් අසභ්‍ය දර්ශන , ස්වයන් වින්දනයට පුරුදු වුන එකෙක් ට පට්ටම අමාරුයි ඕකෙන් ගොඩ එන්න. මුලදි දවස් දෙක තුනක් ඉන්න බෑ. හැබැයි බන් උබ මතක් තියාගන්න ඕන වැද්ගත්ම දේ තමයි උබ එකට දිගට කරගෙන ආපු එක මගදි කැඩෙන්න පුලුවන් මොකක් හරි හෙතුවක් නිසා. එහෙම උනා කියල උබෙ, දැන් වැල බැලුවනෙ එක සැරයක් කියල ආයෙත් තව තව බලන්න එහෙම හදන්න එපා. ඒ කියන්නෙ උබෙ nofap streak එක මගදි කැඩුනා කියල ආයෙ අනිත් දවසෙ ඉදන් අතෙ ගහන්න පටන් ගන්න එපා.