No one is 100% perfect

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113

    සිද්ධි තුනක් හා ප්‍රේමදාස...

    මේ අවුරුද්දේ අප්‍රේල් මාසයයි. මට රූපවාහිණි නාළිකාව හෝ,නිවේදකයා මතක නැත. ඒ ආත්තම්මාගේ නම ද මතක නැත. අවුරුදු කාලයට සුවිශේෂි වන දෑ ගැන එක් එක් දේ ගැන විශේෂාංග වැඩසටහනක පෙන්වමින් තිබිණි. ඊලඟ විශේෂාංගය අවුරුදුකාලෙට සුවිශේෂි "කජු" ගැන ය. ආත්තම්මා කෙනෙක් කජු පැදුරක දමා වේලමින් සිටින අතර නිවේදකයා ඇය අසල විය. එකින් එක ප්‍රශ්න ඇසේ. ආත්තම්මාද ඒවාට උත්තර දෙන්නීය. ආත්තම්මගෙ ගමේ නමත් "කජු ගම" නේ ද ? නිවේදකයා අසයි.
    "ඔව්. පුතේ." ආත්තම්මා උත්තර දෙන්නීය.
    "කොහොම ද ආත්තම්මේ ගමට නම හැදුණේ?"
    ආත්තම්මා එකවරම කලබල වූ බවක් පෙන්වූවාය. ආත්තම්මාගේ දෙඅත් නළලට විත් බැඳුණේය.
    " රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මතු බුදුවෙන්න ඕන. එතුමා තමයි අපිට ගෙවල් දීලා මේ ගම හදලා දුන්නේ"
    නිවේදකයාද අනපේක්ෂිතව සිදුවූ ආත්තම්මාගේ හැසිරීමෙන් මුවගට සිනාවක් නගා ගත්තේය.එතැන ආත්තම්මාගේ ප්‍රකාශයත් හැසිරීමත් නිර්ව්‍යාජව නැගුණකි.

    මේ අවුරුද්දේම මැයි පළවෙනිදා ය. පුවත්පත මතක නැත. පිටුවේ මුල්ලක පුංචි ඡායාරූපයක් සමග කුඩා ලිපියකි. ඡායාරූපයේ මැදිවිය ඉක්ම වූ පිරිමියෙක් සහ ඔහුගේ පවුලේ උදවිය පහන් පැලකට වැඳගෙන සිටී. පහන්පැලේ ඇත්තේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඡායාරූපයකි. "මට ගෙයක් නැතිව මේ ළමයි පොඩි කාලේ ගොඩාක් දුක් වින්ඳා. මට සල්ලි තිබුණෙත් නෑ. රස්සාවක් තිබුණෙත් නෑ. ඉඩමක් තිබුණෙත් නෑ. මං ප්‍රේමදාසට ජනාධිපතිතුමාට මගේ දුක කියලා ලියුමක් යැව්වා. එතුමා මට ගෙයක් හදලා දුන්නා. මං එතුමා නැතිවුණ මැයි පළමුවෙනිදාට හැම අවුරුද්දෙම පහනක් තියලා පිං දෙනවා."

    මේ සතියේ ඉරිදා දිවයින පත්තරයයි. විජේවීරගේ බිරිඳ හා පවුලේ උදවිය මේ මස 30 වැනිදායින් පසුව මහ මඟට යනුවෙන් ලිපියකි. විජේවීර හමුදා අත් අඩංගුවට හසුවන්නේ ඔහුගේ පවුලේ අයත් සමගය. විජේවීර ආණ්ඩුව විසින් ඝාතනය කලායින් පසුව විජේවීරගේ බිරිඳ හා දරුවන් නාවික හමුදා භාරයට ගන්නා අතර ඔවුන් මේ වන විට සිටිනේ වැලිසර නාවික හමුදා කඳවුරෙහි ඇති නිවසකය.නාවික හමුදාව විසින් ඔවුන්ට මේ මස 30 වැනිදායි පසුව ඉන් ඉවත් වන්න කියූ බව ලිපියේ සඳහන්ය. විජේවීර අල්ලා ගැනීමෙන් පසු ඔහුගේ පවුලේ උදවිය ඝාතනය වන්නට ඉඩ තිබුණේ ආණ්ඩුවේ පොලීසියෙන් හෝ හමුදාවෙන් නොව රටේ සාමාන්‍ය ජනතාව අතිනි. එය වළක්වා ඔවුන්ට ආරක්ෂාව ලබාදෙන්නේ එවකට ප්‍රේමදාස ආණ්ඩුවයි. ඉතිරිව සිටි නායකයෝද සිය පවුල් සමගම විදෙස් ගත වූවෝය. ජවිපෙ හිටපු නායක සෝමවංශ ද ඉන් එක් අයෙකි. තවමත් යුරෝපයේ සැප හැර පවුලේ අනෙක් අය නම් ලංකාවට පැමිණ නැත. මේ එක්ක ම කතා කල යුතු තවත් බැඳුණු සිද්ධියකි. ප්‍රභාකරන් ඝාතනය වූවායින් පසු අන්තර්ජාලය පුරා ලංකාවේ හමුදාවන්ට අපකීර්තියක් අත් කරදෙමින් පැතිර ගිය ඡායාරූප කිහිපයකි. මාරි බිස්කට් 1ක් කමින් සිටින ප්‍රභාකරන්ගේ බාලම පුතාය. සිටින්නේ හමුදා බංකරයක් තුල බව පෙනේ.ඒ එක ඡායාරූපයකි. ඊලඟ ඡායාරූප කිහිපයේ බිම හොවා තිබෙන ඒ දරුවාගේම ඡායාරූපයකි.පපුවේ වෙඩි සළකුණු කිහිපයකි.

    කොතනින් පටන් ගන්නදැයි හිතාගන්නට බැරිය. ඒ ප්‍රේමදාස ගැන කතා කරන්නට දේවල් බොහොමයක් මතකයට එන බැවිනි. මේ හදන්නේ ප්‍රේමදාසට සුදුහුණු ගාන්නට යැයි සිතෙන්නට පුළුවන. එසේ කිරීමට මට වුවමනාවක් නැත. මැරිච්ච මිනිහෙක්ගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩ නැගීමෙන් අත්වන සෙතක් නැත. යූන්පිය ප්‍රේමදාස අතහැර බොහෝ කල්ය. ඒ නිසා ප්‍රේමදාස ගැන කතා කලා යැයි යූන්පියට අත්වන සෙතක් ද නැත. ඒ නිසා මේ ගැන මැදිහත් සිතින් බලන මෙන් ඉල්ලමි.

    අනුරාධපුරයේ,පොළොන්නරුවේ නටබුන්ව ගිය බෞද්ධ සිද්ධස්ථාන වල වන්දනාවේ නොගිය අය නැත. පිළිම කෙලින් කර නටබුන් පිළිසකර කර සංරක්ෂණය කල තැන් වල ප්‍රේමදාසගේ නම දැක ඇතුවාටද සැකයක් නැත.

    ඈත ගම්වලට දොළවල් වලින් ගංඟවල් වලින් එගොඩ වන්නට පයින් යාමට හැකි ප්‍රමාණයේ කොන්ක්‍රිට් පාලම් දැක ඇත්තෙමි. ඒවාට කියන්නේ කොන්ක්‍රීට් පූට්ටු පාලම් කියලාය. ඒවා තැනුවේ ප්‍රේමදාසය.

    බුද්ධශාසන අමාත්‍යංශය,පාසල් ළමුන්ට දිවා ආහාරය,නිළ ඇඳුම්,කැපකරු දායක ක්‍රමය,කැපකරු මාපිය ක්‍රමය,ඇඟලුම් කම්හල් 300,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,සමථ මණ්ඩල ක්‍රමය... මග හැරුණු ඒවා තව ඇත.

    මා ඉන්නේ දකුණු පළාතේ එක් මායිමකය. අප ඉන්නා ඉසව්වේද උදාගමක් ඇත. ඒ ගමේ ඉන්නා සියල්ලෝම එක් පීඩිත කුළයකට අයත්වූවන්ය. ගොවිගම කුලයේ අපේ තාත්තා ඒ ගෙවල් වලින් වතුරවත් ඒ දවස් වල වතුර බිව්වේ නැත."කැලේ හිටියෙ ඕකුන්, පැලවල් හදාගෙන. ප්‍රේමදාස මහත්තයා තමයි ඕකුන්ට පාරවල් කපලා ලයිට් දීලා ගෙවල් හදලා දුන්නේ." එහෙම කියන්නේ මගේ තාත්තාය.

    ‪#‎හිපියා‬


     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    UNP ekata adinawa nevi.

    Premadasa karapu honda weda walata gahanda thawama kenek awe ne.

    balamu hitan wath karaida kiyala.