Northrop Grumman B-21 Raider

Jun 2, 2016
154
119
0
Sri Lanka
Northrop Grumman B-21 Raider ඇමරිකාවේ අලුත්ම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය

38D077E900000578-3808225-image-a-10_1474911603934.jpg


ඇමරිකන් ගුවන් හමුදාවේ Long Range Strike Bomber (LRS-B) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල නවතම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයේ තොරතුරු නොබෝදා නිළවශයෙන් හෙලිවුනා.

B-21 රේඩර් (ආක්‍රමණිකයා) ලෙසින් නම් තබා ඇති මෙම යානය අතිවිශාල බෝම්බ ප්‍රමාණයක් ගෙනයා හැකි "Heavy Bomber" ගණයට අයත්. දැනට අමෙරිකාවට ඇති ප්‍රධාන "Heavy Bomber" ගණයේ බෝම්බ හෙලන යානය වන්නේ දැවැන්ත B-52 යානයයි.

2020 පමණ වනවිට විශ්‍රාම ගැන්වීමට නියමිත B-52 යානයට ආදේශකයක් ලෙස නිර්මාණය කර ඇති B-21 දැඩි ලෙස ආරක්ශිත සතුරු ගුවන්කලාපවලට ඇතුලුවී බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සමත් ස්ටෙල්ත් තාක්ශණයෙන් යුතුබව අමෙරිකන් ගුවන් හමුදාව පවසනවා.

එකක් ඩොලර් මිලියන 550 බැගින්, මෙවැනි යානා 100ක් ලබාගැනීමට අමෙරිකානු ගුවන් හමුදාව බලාපොරොත්තු වනවා. නියමුවන් සහිතව මෙන්ම නියමුවන් රහිතවද මෙහෙයුම් වල නිරතවිය හැකි B-21 යානය, අති නවීන තාක්ශණයෙන් අගතැන්පත් යානයක්.

අමෙරිකාවේ තවත් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයක් වන B-2 Spirit යානය නිර්මාණය කල නෝත්රොප් ගෘම්මාන් සමාගම, මෙම යානයේද නිර්මාපකයා වනවා.

දැනට ක්‍රියාන්විත සේවයේ යෙදවිය හැකි ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා ඇත්තේ අමෙරිකාවට පමණයි.

රුසියාව PAK-DA ව්‍යාපෘතිය යටතේ Tupolev PAK-DA නමින් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයක් නිර්මාණය කරමින් පවතිනවා. එහි ප්‍රගතිය පිලිබඳ නිළ වාර්තා නැතත් 2025 වනවිට එම යානය ක්‍රියාන්විත සේවයට එකතුකල හැකිබව රුසියානු ආරංචිමාර්ග පවසනවා. රුසියානු ගුවන්හමුදාවේ heavy bomber යානය වන Tupolev Tu-160 Blackjack යානයට ආදේශකයක් ලෙසයි PAK DA යානය නිර්මාණය වන්නේ

මේ අතර චීන ගුවන් හමුදාවද Xian H-20ලෙසින් නම් කොට ඇති stealth heavy bomber යානයක් නිර්මාණය කරමින් පවතිනවා. චීන ගුවන් හමුදාවේ Xian H-6 බෝම්බ හෙලන යානයට ආදේශකයක් ලෙසයි මෙය නිර්මාණය වන්නේ.


Source: vidya-gaweshana.blogspot.com

 
  • Like
Reactions: buddikagayan

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ඕවා වැඩක් නෑ රුසියන්කාරයෝ බඩේ ගිනියම හොඳ කරගෙන ආවම ඇමරිකාවට ඇපත් නෑ :yes::yes::yes: