මුං සෝල ප්‍රොජෙක්ට්ස් පුලුවන් තරම් Discourage කරල මිනිස්සුන්ට එපාම කරවල දාන්න හදන්නෙ. අර උන්ට තියෙන Legal background එක ඇතුලෙන් ලස්සනට ගේම් එක ප්ලේ කරනව. මේ වගේ හැමදේම Tough කරල, රේට්ස් අඩු කරල, ඔක්කොම හිර කරාම නිකංම මිනිස්සු සෝල නොගහ ඉන්නව. අර පල නොකිය පලා බෙදනව වගේ වැඩක් දැන් මේ කරන්නෙ. පැහැදිලිවම පේනව ඩීසල් බලාගාර වල කොමිස් එක වෙනුවෙන් කරන දෙයක් කියල. CEB එකේ උඩ පුටු වල කොහොමත් ඔය බලාගාර අයිති පල්හොරු ටිකක් හිටියෙ, කළින් ආණ්ඩුව උන් කියන ඒව අහන්නෙ නැතුව පැත්තකට කරල තියල තීරණ ගත්ත. දැන් වෙලා තියෙන්නෙ ඒ පල් හොරු කියන පදේට ගවර්මන්ට් එක නටනව. Renewable energy encourage කරනව කියාගෙන ආව ගවර්මන්ට් එක දන්නෙම නැතුව CEB එකේ ඉහල නිළධාරීන්ගෙ ලණු ගිලල ඒක මිනිස්සුන්ට එපාම කරවනව. ඊට පස්සෙ තෙල් කාක්කො ටිකට තමයි වාසිය යන්නෙ.
