වත්මන් රජය පසුගිය කාලයේ HSBC බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගන්න ලදී. ඒ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇපයට තබමිනි.
මේ පිළිබඳව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශකොට තිබුනේ ජාතික ඉතිරිතිරීමේ බැංකුව හරහා HSBC බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීම හරහා ජාතික ඉතිරි කිරිමේ බැංකුවල තැන්පත් කරුවන් රජය විසින් දැඩි අවධානමකට හෙළා ඇති බවයි.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ වත්මන් රජයට කිසිදු ජාත්‍යන්තර ණය දෙන ආයතනයකින් හෝ බැංකුවකින් ණය ලබා නොදෙන නිසා මෙලෙස ස්ථාවර රාජ්‍ය බැංකු උකසට තබා ණය ලබාගන්නා බවයි.
මෙම ගනදෙනුව පිලිබඳ එක්ස් ගොසිප් කල සොයා බැලීමකදී හෙලිවුයේ එම ගනුදෙනුවට සහය දැක්වූ පාර්ශවයන්ට රජය කාලගුණ සැලකීමටද අමතක කර නොමැති බවයි.
ඒ අනුව එම ණය මුදලට ඇප වීම සඳහා එම බැංකුවේ කැමැත්ත දුන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනාට මයික්‍රෝ සමාගමේ නවීන මෝටර් රථ තෑගී වශයෙන් පිරිනමා ඇත.




