බිල්ඩින් ටිකක් නෙවෙයි උසස් අධයාපන ආයතනයක් කියන්නේ. යමක් විශ්වවිද්‍යාලයක් වෙන්න කාලයක් යනවා. ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික උපාධි පිරිනමන ආයතන ගත්තාම, සමස්ථ පද්ධතියේම විශ්වවිද්‍යාල කියන තත්ත්වයේ ස්ටැන්ඩඩ් තියෙන්නෙත් රජයෙත් කිහිපයක විතරයි. ( රජයෙත් විශ්වවිද්‍යාල කියන ඔක්කොම මේ තත්ත්වයේ නැ.) කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාල කියාගන්න ඒවා කිසිවක් ඒ තත්ත්වයේ නැ. ඒවා ඉන්ස්ටිටියුට් පමණයි.
අලුතෙන් පටන් ගත්ත රජයේ මෙඩිකල් ෆැකල්ටි වලත් පරණ රජයේ ඒවා තරම් තාමත් හොද ටම හැදිලා නැ. සෙමින් හැදෙමින් යන්නේ. ඕවා දැමිම පිටුපස තියෙන්නෙත් පොලිටිකල්ඇජෙන්ඩා විම තමයි ඒකට හේතුව.
අලුත් එකක් දැම්මත් ඒ ස්ටැන්ඩඩ් අවුලක් නම් තියනවා. මේ රටට පෞද්ගලික ෆැකල්ට් අවශ්ය උනත් ඒවා බරගන්න තරම් තාම මනස හැදිලා නැ. මිනිස්සු හරි කැමති බැන බැන ඉන්න. ලේසියෙන්ම හොද නැ කියලා පාරට බස්සලා විරෝධයක් හදන්න පුලුවන්. ඔය ඉන්ස්ටිටියුට් වලත් වැරදි වැඩ ඒවාට හේතු ඉතින්. අපි දැක්කානේ මිට කලින්වෙච්ච හැටි. අන්තිමේදි සමස්ථ ඉන්ස්ටිටියුට් එකටම හොර කඩේ ලේබලේ වදින නිසා අනිත් ඩිපාට්මන්ට් වලටත් ප්‍රශ්න. එහෙමයි කියලා අනාගතේට සියල්ල ප්‍රතික්ශෙේප කරන්න බැ. සැකයෙන් නොබලත් බැ.
හැබැයි එක්ක කියන්න පුලුවන්. මේවෙලාවේ පොලිටිකල් ටමොයිල් එකක් තියන නිශ්චිත මොහොතක දේශපාලන අරමුණක් සදහා ළමයි ටිකක් බිල්ලට දිලා, උනගේ ජිවිතෙන් වසර ගානක් විනාස කරලා, අන්තිමේදි රටේ බදු මුදලින් ඕක කවර් කරලා දායි.
ඕකයි වෙන්නේ.
රටේ සාමාන්‍යදොස්තරලාගේ කිසිම මදියක් නැ. දෙන නිෂ්චිත මොහොතක දහස් ගානක් සිස්ටම් එකට දාගන්න පුලුවන් තරම් දැවැන්ත උපාධිදාරි සංචිතයක් අපිට තියනවා.
අපිට නැත්තේ අපේ ගිල්ඩ් එක, විශේෂඥ වෛදවරු. ඔකට පිලියම් දෙන්න බැ පෞද්ගලික කැම්පස් වලින්. අපි උත්තර හොයන්නෙ අදාල ප්‍රශ්නයට නෙවෙයි.