Nuhure sadeeptha ft anushka lyrics

uklesh

Member
Feb 25, 2009
7
1
0
නුහුරේ

නුහුරේ විඳින්න ආදරේ......
මා හා ආයේ ඒ නම්......
මිහිරේ රඳෙන්න මා කෙරේ....
සමදා ලඟින් ඉන්නම්......

අනුරාග නෙතු සලා... ස්නේහේ සුසුම් හෙලා...
තරු අතරේ නැවතිලා... උන් ඒ මතක අද තනි වෙලා....

මදහසේ පැහැසරින්... බොඳ වූ නෙතු සඟවාලන්නම්...
අප මැවූ මට හිමි නොවූ පැතුම්
ඔබ යළි ගෙන ඒ නම්...

නුහුරේ විඳින්න ආදරේ......

අනුරාග නෙතු සලා... ස්නේහේ සුසුම් හෙලා...
තරු අතරේ නැවතිලා... උන් ඒ මතක අද තනි වෙලා....

සිසිලසේ දිලිසෙනා... තුහින ගෙන සැරසී එන්නම්
ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු
පහසම දෙනවා නම්

නුහුරේ විඳින්න ආදරේ......

පද රචනය - කුෂාන් මනීන්ද්‍ර
සංගීතය - සදීප්ත ගුණවර්දන
ගායනය - අනුෂ්කා පෙරේරා