එදා මම තාත්තට ගහන්ඩ තරං මෝඩ වුණේ ඊට කලින් දරුණු විදියට ඔබ්සෙෂන් එකක් හිතේ වැඩ කරපු නිසයි
මම බස් එකේ දුර ගමනක් ගිහින් ගෙදරට ඇවිත් හවස 3ට විතර බත් කකා හිටියෙ
මට තරහ ගිහින් බත් පිඟාන පොලේ ගහයි කියල හිතට බයක් ආව. මට ඒ වෙලාවෙ හිතුණ මම එහෙම කලොත් අම්මට දුක හිතෙයි කියල,
බත් පිගාන නං පොලේ ගැහුවෙ නෑ. ඒත් edge එකටම තරහ ගිය නිසාත් මහන්සිය නිසාත් මට හිතුණෙම තව පොඩ්ඩෙන් පිඟාන පොලේ ගහනව අම්මට දුක හිතෙනව කියන එක, ඒකම හිතෙන්ඩ ගත්ත
ඇත්තටම බත් පිගාන පොලේ ගහල කේන්තිය පිට කලානං ඔච්චර දෙයක් වෙන්නෙ නෑ
ගොඩක් ප්‍රශ්න මම දාගෙන තියෙන්නෙ පරණ දේවල් කල්පනා කරන්ඩ ගිහින්, මහන්සි වෙලාවට මට විකල්පයක් කල්පනා කරගන්ඩවත් බෑ. ඒ තරමට වෙහෙසක් හිතට දැනෙනව
බයික් එකේ යනකොටත් කල්පනා කරන්ඩ හිතෙනව පාරෙ වෙච්ච දේවල්, එහෙම හිත හිත ගිහින් පාර ගැන අවධානෙත් නැතුව යනව, අනික තමා පාරෙ වෙන දේවල් එක පාර ඔලුවට යන්නෙ නෑ මට, කොච්චර කල්පනා කෙරුවත්, උඹල ඔටෝ කරන දේවල් මම හිත හිත කරන්නෙ, වුවමනාවට වඩා හිතනව නෙමේ, එහෙම තමයි මට පුලුවන්