coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Oh_My~කඩවුලේ

    අද මම කතා කරන්නේ චිත්‍රපටියක් ගැනයි.
    මේ අඩවියේ බොහෝ දෙනෙක් දෙමළ චිත්‍රපටි බලන්න වැඩි කැමැත්තක් දක්වන බවක් පෙන්න තියෙනවා.
    අනික මේ දවස් වල කවුරු කවුරුත් ගෙදරට වේලා ඉන්න වේලාවක් නේ.

    හරි මම කෙලින් ම කතාවේ තේමාවට යොමු වෙන්නම්.

    තමාගේ හොදම යෙහෙළියෙක් තමන්ගෙන් විවාහ යෝජනාවක් ඉල්ලුවා නම්, තමන් දරණ මතය මොකක් ද?
    හොදම ෆිට් එකේ ඉස්කෝලේ කාලේ පුරාවටම තමාත් එක්ක ෆිට් එකේ හිටිය යාලුවෙක්, එක පාරටම
    " මට ගෙදරින් යෝජනාවක් ඇවිත් තියෙනවා, ඒත් මට හිතෙනවා ඔයා මගේ ජිවිතයට එකතු වේලා ඉදිරියට ගෙන ගියා නම් හොදයි කියලා "
    එහෙම ඇහුවා නම් ඔයා දරණ මතය මොකක් ද?

    ඒ කෙල්ලගේ කියන්න තරම් වරදක් නැති එකේ, එකපාරටම ඒ ඉල්ලිමට එකග වෙනවා මිසක් වෙන මොනවා කරන්න ද?

    කොහොම හරි ඒ ඉල්ලිම අහක දමන්නේ නැතිව තමාගේ හොදම හිතවත් යෙහෙළිය තමාගේ ජිවිතය පුරාවටම තමාගේ සහාකාරිය කරගෙන ජිවත් වෙනවා.
    එහෙම ගෙනියන ජිවිතයේදී කාලයක් ගියාම, තමන් එදා ඒ හදිසියෙන් ගත්ත තිරණය වෙනස් කියලා තේරුම් අරන් දික්කසාදයක් දක්වා දුර දිග යනවා...

    ඒත් ඒ අතරේ ඒදා ඒ ගත්ත තිරණය වෙනස් කරලා නැවත ජිවිතය ගොඩ නගා ගන්න වරමක් ලැබුනා නම්, කොහොමද...
    ඔව්, මේ නලුවාට ඒ දේ වෙනස් කරලා ජිවිතය නැවත ගෙනියන්න වරමක් ලැබෙනවා.
    හරියට කියනවා නම් ජිවිතයේ රිවයින් කරලා නැවත ඒ ගත්ත තිරණය වෙනස් කරලා ජිවිතය ඉදිරියට යන්න වරමක් ලැබෙනවා.

    ඇත්ත ජිවිතයේදි එහෙම වරම් ලැබෙනවා නම් කොයි තරම් දෙයක් ද කියලා හැමෝටම හිතෙනවා වෙන්න ඇති නේද.
    අපේ ජිවිතයේදි වැරදි වුන තැන් නිවැරදි කරලා ගෙනියන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද.

    විනෝදාත්මක චිත්‍රපටියක් වුනත් මේ චිත්‍රපටියෙන් අපේ ජිවිතයට යම් අර්ථයක් ලබා ගන්න පුලුවන් කම තියෙනවා.





    ( පින්තුර මත ක්ලික් කිරිමෙන් චිත්‍රපටිය නැරබීමට වගේම බාගත කර ගත හැක )





    මේ චිත්‍රපටිය නරඹපු අපේ සහෝදර සහෝදරියන් ඇති,
    ඒ අයගෙනුත් මේ චිත්‍රපටිය ගැන දරණ අදහස දැන ගන්න කැමතියි...

    තවත් චිත්‍රපටියක් ගැන වෙන ත්‍රේඩ් එකකින් හමු වෙන්නම්...
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    lagadi balapu lassana film ekak
    mamath badala inne mage hodama yaluwek wela hitiya kene thama
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    lagadi balapu lassana film ekak
    mamath badala inne mage hodama yaluwek wela hitiya kene thama

    සීරාද... !! එහෙනම් චිත්‍රපටියට වඩා සැබවින්ම අත්හදා බලලා තියෙනවා නේ අත් දැකිම්...
    කැමති නම් ඒ අත්දැකිම ගැන විස්තර කරන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්තිමේට හිතන්නේ නැති විදියටයි ඉවර වෙන්නේ. කාලයකින් බලපු හොද කතාවක්.

    ඔව්, හාස්‍යජනක චිත්‍රපටියක් වුනත්. මේකෙන් අපේ ජිවිතයට වැදගත් පණිවිඩයක් එක් කරනවා.