අද මගේ ඩ්රයිව් එක චෙක් කරද්දි හෙන මගේ හෙන nostalgic මෙමරියක් උඩට ආවා ෆොටෝ එකක් දැකලා , ස්කූල් දවස් වල කෙල්ලෙක් ගැන මෙමරියක් ඒක, ( මේ ෆොටෝ එක නම් ඒලෙවල් කාලේ ඉස්කෝලේ හවුස් මීට් දවසක ගත්ත එකක් ) 7 වසරෙ ඉදන් ඕලෙවල් වෙනකන් කෙල්ලෙක් පස්සෙන් ගියා මම ( රෝස පාට බෑග් එක දාගෙන ඉන්න කෙල්ල )

ඒ කෙල්ල කොහොම හරි මට අවුරුද්දක් පහල බැජ් එකේ, ඒකි කැමති උනේම නෑ මට

ඒකිගෙ යලුවො හැමෝම මාත් එක්ක හෙන ෆිට්, ඉතින් මමයි තව මගේ යාලුවො ටිකත් එක්ක හැමදම මේ කෙල්ල යන ක්ලාස් ලගට යනවා , ස්කූල් බස් එකේ නැගලා ගෙදර යනකන් බලන් ඉන්නවා , උදේට ස්කූල් එනකන් බලන් ඉන්නවා හෙන ආතල් ඉතින් මතක් වෙද්දි

ඒ කෙල්ලයි මායි මේ වෙනකන් වචන දහයක්වත් කතා කරලා නැතුව ඇති

ලගදි එයාගෙ fb account එක මට suggest වෙල රික්වෙස්ට් එකකුත් මම දැම්මා ,නෙදකින් ඒකි ඒක අරගෙන තිබුනෙත් නෑ

ඒ කාලේ හෙන ආතල් , කොහොම හරි මේ ෆොටෝ එක දැකලා අවුරුදු 10කට වඩා වැඩි ආතල් මෙමරියක් උඩ ආවා