OnePlus One A-Z

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කිහිප දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔන්න මම OnePlus One එක ගැන විස්තර ටිකක් අරගන ආවා.



    හුගක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි මේක Chinese ද කියන එක. උත්තරය ඔව්. කම්පැනි එක Chinese එකක්. හදන්නෙත් එහෙ. මේවා විතරක් නෙවෙයි ඔය ඇපල් ඩිවයිස් උනත් හදන්නේ චීනය වගේ රටවල. එකට හේතුව ඒවගේ රටවල ශ්‍රමය අඩුවට ගන්න පුළුවන් වෙන එක. OnePlus කම්පැනි එක පටන්ගත්තේ 2013 දි Pete Lau කියන කෙනා. මෙයා කලින් OPPO Electronics Corp එකේ vice president ලු. OPPO කියන්නේ Consumer electronics (MP3 players, portable media players, LCD-TVs, eBooks, DVD/Blu-ray Disc players සහ smartphones වගේ දේවල්) හදන කම්පැනි එකක්. මේකනම් පටන් අරන් තියෙන්නේ 2004 දී. කොහොමහරි OnePlus එකේ ගෝල් එක වෙලා තියෙන්නේ Pete Lau ගේ "Dream Phone" එක හදන එක. ඒවගේම යුසර් කෙනෙක් කවදාවත් lower-quality ඩිවයිස් එකකට සීමා වෙන එක නවත්තන එක. "never settle" කියලා දාන එකේ තෙරුම එකයි.

    200px-OPPO_Logo.svg.png

    OPPO Electronics Corp ලෝගෝ එක

    කොහොමහරි 2014 අප්‍රේල් 25 පලවෙනි OnePlus One එක රිලීස් උනාලු මාකට් එකට. OnePlus ලගේ ටාගට් එක උනේ අඩු මිලකට හොද ඩිවයිස් එකක් දෙන එක. එත් මෙයාලා මේක විකුනන්න ගත්තේ ටිකක් අමුතු විදිහකට, එක තමයි මේක ගන්න නම් කම්පැණියෙන් හරි මේකක් තියන කෙනක් ගෙන් හරි Invitation එකක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලම කම්පනියෙන් එක එක කන්ටෙස්ට් තියල invitation දුන්නලු. මේකේ හොදම සිද්දිය තමයි මෙයාලගේ පලවෙනි ප්‍රමෝෂන් එක. එකේ නම "Smash the Past", මේකෙදි එයාල 16GB OnePlus One 100 කට invitation දුන්නලු එකක් $1 ගානේ ගන්න. ඒවගේම ගත්තු එක්කෙනෙකුට වෙන අයට යවන්න invitation 3 ගානේ දුන්නලු. මේක ගන්නනම් එයාලට කරන්න තිබ්බේ කලින් තමන් පාවිච්චි කරන ෆෝන් එක කුඩුකරන YouTube video එකක් දාන එක. තව එක තිබ්බලු "Ladies First" කියලා. මේකෙදි කාන්තා පාර්ශවයට තමන්ගේ ඇගේ OnePlus ලෝගෝ එක ඇඳගන ඔප්ටෝ එකක් අරන් පොස්ට් කරන්න ඕනි සිද්දීයක්ලු. මේකෙදි OnePlus One එකකුයි OnePlus T-shirt එකකුයි ගන්න invitation දුන්නලු. මෙකෙදිනම් ජල්තර සීන් වගයක් වෙලා තියනවා දන්නා හැටියට. කොහොමහැටි 2014 දෙසැම්බර් වලදී Amazon එක හරහා ඉන්දියාවටත් OnePlus One ගෙන්නගන්න පුළුවන් උනා. පස්සේ මෙයාල අගහරුවදට invitation සයිට් එකෙන් ගන්න දුන්නා. ඊට පස්සේ 2015 අප්‍රේල් 20 ඉඳන් OnePlus One එකට අවුරුද්දක් වීම නිමිත්තෙන් invitation නැතුව ඕනේ කෙනෙක්ට ගන්න දුන්නා.

    ඔන්න ඕක තමයි විස්තරේ. දැන් බලමු ෆොන් එක කොහොමද කියලා. මම වයිෆ් ට OnePlus One එකක් ගත්තේ මාර්තු මාසේ මැද. මෙන්න බඩු;

    11043051_10205772379686244_4282199165484411604_n.jpg


    10653876_10205772380286259_8385809653897338652_n.jpg


    10615993_10205772380686269_6621263863916898987_n.jpg


    මේක මගෙත් "Dream Phone"එක වෙලා තිබ්බේ. කොහොමහරි MyStore එකේ මේක තිබ්බම මට ගන්නම හිතුනා. ඉතින් ගත්තා. එදානම් ඒ වෙලාවේම ගන්න බඩු තිබුනා. මෙන්න මෙහෙමයි එලියට ගත්තේ



    මේකේ offecial ROM එක එන්නේ CYANOGEN. Chinese market එකට Color OS එකත් ආවලු. දැන් OnePlus ලා හදන යන අලුත්ම ROM එක Oxygen. මේක දැන් OnePlus සයිට් එකෙන් අරන් ඕනේ කෙනෙක්ට දාගන්න පුළුවන්. එත් මම නම් පුද්ගලිකව CYANOGEN එකට කැමතියි. කොහොම උනත් ඔයාලට OnePlus One එකේ මෙන්න මේ ROM පාවිච්චි කරන්න පුළුවන්.



    මෙන්නේ මේකේ ස්පෙක්ස්..

    Screenshot_116.png


    කැමරාව ඉතාම හොද තත්වේ තියනවා. ඉස්සරහ එක උනත් 5MP හින්ද ගොඩක් පැහැදිලි ෆොටෝ ගන්න පුළුවන්.



    Canon 5D Mark III vs OnePlus One



    බැටරිය නම් අනිවා දවස් 1.5 ගෙවාගන්න ඇති. මොකද මගේ වයිෆ් චාජ් කරන්නේ දවස් 3-4 කට සැරයක්. ගන්නවානම් 16GB එක ගන්න එපා 64GB එකම ගන්න මොකද 4K වීඩියෝ තියන හින්ද 16 මදි. JBL එකකුත් එනවා ඒත් එක එන්නේ මම දන්නා තරමින් 16GB. 64GB එක අරන් හෙඩ්සෙට් එක වෙනම ගන්න එක තමයි හොදම වැඩේ. හැබැයි JBL හෙඩ්සෙට් එක හුගක් වෙලාවට out of stock.

    OnePlus-JBL-E1.jpg


    හැබැයි ගන්න පුළුවන් නම් සිරා.. මමත් ගත්තේ දවස් දෙක තුනක් බලලා. පය කීපයකින් බඩු ඉවරයි. මෙන්න මේක තමයි JBL E1+ Earphone එකේ ඇඩ් එක.



    හොදයි, දැන් බලමු කොහොමද මේකක් ගන්නේ කියලා;

    ලංකාවේ අපිට ගන්න තියන එක විදිහක් තමයි මෙහෙ ගෙන්නන කඩ. එයාල කරන්නේ ship කරන රටවලට ඕඩර් එක දාල මෙහාට එන කෙනෙක් අතේ හරි වෙන Shipping method එකකින් හරි ගෙන්නන එක. කොහොම උනත් මෙයාලගෙන් ගන්න ගියාම සයිට් එකට වඩා 10-15 ක් වගේ ගණන් වැඩියි. මොකද මම වයිෆ්ට ගන්නකොට 66ක් උනා. MyStore එකෙන් සම්පත් කාඩ් එකට 10% ඩිස්කවුන්ට් දුන්න හින්දා 61 ගානකට ගත්තා. පස්සේ දවස් 2-3ක් 20% ඩිස්කවුන්ට් දීල තිබ්බා. ikman එකේ බැලුවොත් තව හොයාගන්න පුළුවන්. ඊට අමතරව ලංකාවට එන අයත් ඕව ගෙනත් විකුනනවා. හැබැයි එහෙම ගන්නවට වඩා වොරන්ටියක් තියන කඩේකින් ගන්න එක ඇඟට ගුණයි. Sealed box නම් අවුලක් නෑ.

    කොහොමහරි මම එකක් අරන් දුන්න හින්දා වයිෆ්ට ඕනේ උනා මටත් එකක් අරන් දෙන්න. මට හදිස්සියක් නැතිහින්ද මම කොහොමද වැඩේ බලන්නත් එක්ක සයිට් එකෙන් එකක් ඕඩර් කළා. මෙන්න මේවයි එකට තියෙන්න ඕනේ දේවල්;
    1. Shipping කරන රටක කව්රුහරි ඉන්න ඕනේ. සති 2කින් වගේ එන කෙනෙක් නම් හොදයි. සතියට කලින් එන අය සෙට් කරගන්න එපා.
    2. ක්‍රෙඩිට් කාඩ් එකක්. 50 ක් වත් ඕනේ 64GB එකක් ගන්න මොකද Shipping වලටත් $18 ක් වගේ යනවා. මම JBL E1+ එකත් එක්ක 54 කට වගේ ගත්තා.
    3. US PayPal Account එකක් ඕනේ අපේ යාළුවා ඉන්නේ US වලනම්. මොකද ලංකාවේ ඒවායින් වෙන රටවලට Ship කරන්නේ නැත. අවුලක් නැත. අපිට හදාගත හැක. හදල කාඩ් එක ලින්ක් කල විගස ගෙවීම්ද කල හැක.
    4. තව oneplus.net එකේ Account එකක් හදාගන්න ඕනේ.

    ඔන්න ඔය ටික තියනවනම් ගොඩ. කරන්න තියෙන්නේ සයිට් එකට ලොග් වෙලා තමන්ගේ විස්තර ටික දීල Account එක හරියට හදාගන්න එක. Address දෙනකොට billing address එකයි shipping address එකයි දෙකම අදාල රටේ ඉන්න කෙනාගේ ඒවා දෙන්න. මෙහෙ ඒවා දෙන්න යන්න එපා. අනික හරියට බලලා ZIP code එක එහෙම දෙන්න. මතක ඇතුව එයාගේ වැඩකරන phone නුම්බෙර් එකක් දෙන්න ඔයකගේ විස්තර fill කරනකොට. වැඩ ටික හරිනම් ඔයාලට ඕනේ දේවල් ටික hopping cart එකට add කරගන්න. සේරම හරිනම් checkout කරන්න එතකොට මෙන්න මෙහෙම ඔයාලට ඕඩර් එක පෙන්නයි.

    11209541_10206252316244358_5562831163286538075_n.jpg


    ඕක next කරලා ඔයාලට පුළුවන් ebay වල වගේ PayPal log වෙලා පේමන්ට් එක කරන්න. මතක ඇතුව paypal වල on-fly currency converter එක off කරන්න. එකටත් paypal එකෙන් ගානක් කපාගන්නවා.ගෙවීම් කරලා ඉවර උනාම ඔයාලට මෙන්න මෙහෙම ඔයාලගේ ඕඩර් එක පෙන්නයි.

    11078273_10206271990016190_2462154627141495600_n.jpg


    වෙන හැම අප්ඩේට් එකක්ම එයාල ඔයාගේ email Account එකට එවනවා. ඒවගේම tracking නුම්බෙර් එකක් හම්බ වෙනවා. පහල තියෙන්නේ මගේ ඕඩර් එකේ tracking එක. US වලනම් බඩු ඉක්මනට එනවා.

    11012083_10206288651712722_7086164004069678447_n.jpg


    වෙලාව 11.55යි. හිතනවා වැදගත් වෙන්න ඇති කියලා. මේකේ විස්තර විකිපීඩියා එකෙන්, OnePlus සයිට් එකෙන් හා මගේ දැනුමෙන් ගන්නා ලදී. අනවසරයෙන් කොපි කිරිම තහනම්. එහෙනම් මම කැපුනා. ටටා.. බායි..


     
    නියමයි මචං, අර අනිත් ඔෆීෂියල් රෝම්ස් ගැන දැනගත්තේ අදයි. එකේ සිනජන් එකට තමයි මගෙත් වැඩි මනාපේ. මයිස්ටෝ එකෙන් සිනජන් එකක් ගන්න පුළුවන් නම් හොදයි. මමත් මේ මාසේ අන්තිම මේකක් ගන්න හැදුවේ.
    වටින පොස්ට් එකක් මචං. ජයෙන් ජය.



    රේප් දෙන්න බැරි ලු :no: