Online -> මාර්ගගත

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    Online -> මාර්ගගත කියලා දාපු එකානම් කවදවත් online ගැන දන්නැති පට්ට පිස්සු පිකදුවෙක්. මාර්ගගත කිව්වමෙ හරියට පාරට එනවා වගේ සින් එකක් තියෙන්නේ. මේ පකා online කියනඑක කඩලා හරවලා.

    මේ වගේ අපත වැඩ it වලදි ගොඩයි. ලමයින්ට සබ්ජෙක්ට් එපා කරනවා
     
    ඉස්සර tech පොත් වල universal joint එකට 'සර්වලෝක පූට්ටුව' කියලා තිබුණේ.

    දැන් 'දසත මූට්ටුව'.

    පරණ O/L ICT අච්චු පොතෙන් (2008-2010)...

    Web browser = වෙබ් අතිරික්ක්සුව
    Formatting = හැඩසව් කිරීම
    Aligning = එකෙල්ල කිරීම
    Universal Serial Bus = විශ්ව ශ්‍රේණිගත බසය
    Notebook = සිඟිති පරිගණකය
    Modem = මෝඩමය
    Hyperlink = අධිසබැඳුම
    Audio clip = ශ්‍රව්‍ය පසුර
    Joystick = විනෝද යටිය
    ...
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මේක ඇත්තටම අපි හිනා උනාට ලොකු ප්‍රස්නයක්. මට දවසක් IT සිංහල ඉස්කෝල පොතක් කියවන්න හම්බුනා. ලොවෙත් තේරුම් ගන්න බෑ මොනවද ලියල තියෙන්නේ කියලා. මේකට විසදුමක් තියෙන්න ඕන. මගේ අදහස බොහොම සරල ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් වචන මාලාවක් හදන්න ඕනේ. නැත්තම් සංස්කුත බාසාවෙන් අපේ පණ්ඩිතයෝ ඔව්ව පරිවර්තනය කලාම මොකටවත් තේරෙන්නේ නෑ. දැන් බලන්න ඉංගිරිසි බාසාවේ IT වචන ගොඩක් එව්වා සාමාන්‍ය භාවිතා කරන වචන වලින් තමයි ගොඩ නැගිලා තියෙන්නේ. අපෙත් මේ වගේ සරල කිරිල්ලක් කලොත් ගොඩක් වටිනවා
     
    මොකටද බං ඕක ආයිත් හරවන්⁣නෙ සිංහලට. මොංගල් හොදම එකෙක් ඕක කරන්නේ. ඔය වද පොන්නයා හෙට අනිද්දා මැරිලා යයි. නමුත් ඌ කරන විනාශය පොඩි නැ. කොහොමත් ෆිල්ඩ් එකේ වැඩ කරන එකා වැඩ කරන්නේ ඉංග්‍රිසි ටම්ස් වලින්. ආයි ඕකේ සිංහල වචනයක් ඉගෙන්න එක කිසිම තේරුමක් නැ. කිසිම තේරුමක් නැ. ඕකෙන් සිංහල බාෂාවට වන සෙතකුත් නැ. වද කැරි වේසාවු ටිකකගේ ගොන් බක පන්ඩිත වැඩක් නිසා රටක අනාගතයක් අපරාදෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    සිංහල වචනෙ ලඟින් අංකයක් දාල පේජ් එකේ යටින් අංකය සහ ඉංග්‍රීසි වචනෙ තිබ්බනම් හරිනෙ.

    කොහොමත් විභාගෙදි ඉංග්‍රීසි වචනෙටත් ලකුණු දෙනවනෙ
     
    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    169
    152
    43
    Television - රූපවාහිනිය
    Radio - ගුවන් විදුලිය
    Wire - රැහැන
    Telephone - දුරකතනය

    මේවත් ආපු මුල් කාලෙ අපහාසයට ලක්වුණා. විශේෂයෙන් ම ඉංග්‍රීසි දත් උගත්තු අතරෙ. දෙය භාවිතයයි කාලයයි එක්ක තමයි වැඩේ තීරණය වෙන්නෙ.

    මාර්ගගත වචනෙ බොහෝ දුරට ටික කාලෙකින් සාමාන්‍යකරණය වෙයි. හැබැයි විනෝද පටිය වගේ වචනයක් main stream එන්න තියන හැකියාව බොහොම අඩුයි. Unless as a meme of course 😜
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඔය වගේ නම් ඉතින් හැමතැනම.

    මෝටර් රථය - ඒකෙ ඇති මෝටරයක් නෑ. හුටා ස්ටාර්ටර් මෝටරය තියෙනවා නේද?

    යතුරු පැදිය - ඇයි අනික් ඒවා යතුරෙන් නෙමෙද?

    මාර්ගගත දාපු එකා නම් අමු හරකෙක්. වැඩක් නෑ බන් මෙව්වට කතා කරලා.

    Offline ekata mokadda kiyanne?
    මාර්ගයෙන් පිටත
    ------ Post added on May 25, 2021 at 7:35 AM

    ඔය ඔක්කොම තියලා රටේ උන්ට හරියට ඉංග්‍රීසි උගන්වන්න ඕනෙ මුල ඉඳලා.

    අවුරුදු 13ක් පිස්සු කෙලින්නෙ. ගුරුවරුන්ටවත් බෑ හරියට ඉංග්‍රීසි. ළමයින්ගේ වරදක් නෙමෙයි තියෙන්නෙ උගන්වන එවුන්ගේ වරදක්.
    ------ Post added on May 25, 2021 at 7:37 AM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,947
    21,970
    113
    ගම මහනුවරයි
    ඔය වගේ නම් ඉතින් හැමතැනම.

    මෝටර් රථය - ඒකෙ ඇති මෝටරයක් නෑ. හුටා ස්ටාර්ටර් මෝටරය තියෙනවා නේද?

    යතුරු පැදිය - ඇයි අනික් ඒවා යතුරෙන් නෙමෙද?

    මාර්ගගත දාපු එකා නම් අමු හරකෙක්. වැඩක් නෑ බන් මෙව්වට කතා කරලා.

    මාර්ගයෙන් පිටත
    ------ Post added on May 25, 2021 at 7:35 AM

    ඔය ඔක්කොම තියලා රටේ උන්ට හරියට ඉංග්‍රීසි උගන්වන්න ඕනෙ මුල ඉඳලා.

    අවුරුදු 13ක් පිස්සු කෙලින්නෙ. ගුරුවරුන්ටවත් බෑ හරියට ඉංග්‍රීසි. ළමයින්ගේ වරදක් නෙමෙයි තියෙන්නෙ උගන්වන එවුන්ගේ වරදක්.
    ------ Post added on May 25, 2021 at 7:37 AM

    Jiwitheta wenne na! English igenagaththama... Margagatha wenawa... Wena ratawal dakinawa.. wisthare kiyawanawa... Video balanawa... Minissu buddimath wenawa...

    Palakayo kamathi na ekata... Api unath 🙃