Online Doller බද්දට මං විරුද්දයි.. එය වහා සංශෝධනය කල යුතුයි..- හදුන්නෙත්ති..
February 27, 2025 at 10:44 am | lanka C news
අන්තර්ජාලයෙන් සේවා සපයන්නන් සඳහා හඳුන්වා දී ඇති සියයට පහළොවෙන් අලුත් බද්ද සම්බන්ධයෙන් තමන් එකඟ නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් එම බද්ධ යළි සමාලෝචනය කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.
මේ නව බද්ද හරහා සිදුවන්නේ අන්තර්ජාලය හරහා ඩොලර් උපදවන පුද්ගලයන් මෙරටට ඩොලර් ගෙන ඒම අධෛර්යයට පත්වීම බවත් එය සිදු නොවිය යුතු බවත් හෙතෙම පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
