online education - උදවු

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මම හිතන්නෙ මේවෙද්දි ළමයින්ට ඉගන ගන්න වෙලා තියෙන්නෙ
    * Online ක්‍රමයට ඊට අමතරව...
    * Eye චැනල් එකේ
    * Dialog ටීවී නැනස(චැනල් එක ෆ්‍රී) ඒවගෙත් වැඩසටහන් යනවා.




    edu.PNG



    මේ ගැන වැඩිය කවුරුත් කතාකරන්න උනන්දුවෙනව පේන්නේ නැ මේකෙවත් එෆ් බී එකේවත්.ගොඩක් අය තමුන්ගේ දරුවට ඒ අවශ්‍යතාතා (කනෙක්ශන් එක, උපකරනා ටික සම්පූර්ණ නිසා ඉන් එහාට මේගැන කතා කරන්නේ නැතුව ඇති. ප්‍රශ්න තියන අයට කතාකරන්න විදියක් නැතිනිසා ඒක හයිලයිට් වෙන්නේ නැතුව ඇති මම හිතන්නේ

    ලෝකේ කොටස් දෙකක් ඉන්නවනෙ, තේරෙන භාශාවෙන් කිව්වොත් තමුන් ගැන හිතන අය , අනුන් ගැනත් හිතන අය.
    අන්න ඒ දෙවනි කොටසේ ඉන්න...
    * උදවු කරන්න කැමති ,
    * උදවු කරපු අයට,
    * උදවු කරන්න විදි දැනගන්න කැමති අයට ,
    * අඩුමගානේ එහෙම හිතෙන අයට මේකට ආරාධනා කරනවා.තමුන්ගෙ අත්දැකීම් අදහස් යෝජනා බෙදාගන්න කියලා.
    * බැරිද සිග්නැල් නැති අයට, ඔෆ්ලයින්වත් බලලා ඉගනගන්න යූටියුබ් තියන යම් විශයකට ආදාල හොද පාඩම් ටිකක් ඩවුන්ලෝඩ් කරලා බෙදාදෙන්න?
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,369
    2,936
    113
    මාතර
    හොඳ අදහසක් මචන්.
    ඇත්තටම තියෙන ප්‍රශ්න ලිස්ට් එකක් හදාගෙන ඒකෙන් තෝරගත්තනම් හරි මොනවද කරන්න පුළුවන් සහ කරන්න සුදුසු
    කියල. experience තියෙන උන් කියමු බලන්න, මොනවද ප්‍රශ්න කියල.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි උන්ගේ අද්‍යාපනේ වෙනුවෙන් ඕන දෙයක්. උඹලගේ සිලබස් මොනවද දන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඕනනං මෙහේ කොරන්ටීන් කාලේ එවපු ලින්ක්ස් එවන්නං.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    හොඳ අදහසක් මචන්.
    ඇත්තටම තියෙන ප්‍රශ්න ලිස්ට් එකක් හදාගෙන ඒකෙන් තෝරගත්තනම් හරි මොනවද කරන්න පුළුවන් සහ කරන්න සුදුසු
    කියල. experience තියෙන උන් කියමු බලන්න, මොනවද ප්‍රශ්න කියල.
    මොකෙක්වත් මොනවත්, මෙතනවත්, වෙන තැනකවත් කිසිමදෙයක් කියන්නෑනේ බන්.
    මම කියන්නේ තමතමුන්ගේ ගෙවල් ලග , ගමේ උපකාරයක් උවමනා එවුන් එකෙක්ට හො දෙයක් කරපල්ලා කියන එක.
    අපේ දිහා දැන් මාස කීපෙක ඉදලා පොඩි එකෙක් එනවා අපේ කිට්ටු අසල්වාසියෙක්ගේ
    එක ෆෝන් එකයි තියෙන්නෙ ගෙදර ළමයි දෙන්නටම වැඩ කරන්න.
    අනිත් එක්කෙනාට ඔලෙවල් මේපාර, ඒනිසා ෆෝන් එක ශෙයා කරගන්න බෑ දෙන්නට ගොඩක් වෙලාවට.

    දෙමවුපියෝ නොදැනුවත්කම නිසා එයාල හිතන් ඉන්නෙ හෝම් බටන් එක එබුවාම ඔක්කොම හරි කියලා.
    දවසක් හිතවත් කෙනෙක් පොඩි එකා එක්ක ආවා 7ට විතර මල්ලී පොඩි එකාට පේපර් එකක් කරන්න කියලා 8ට, ෆෝන් එකේ නෙට් යන්න බෑ කියලා. බැලින්නම් ෆෝන් එක ෆුල්, උන්ට එවපු පේපර්ස්, උන්ගහපු විඩියෝ වලින්.
    ඕවා ටිකක් මකලා ,ගියා ක්‍රෝම් බ්‍රවුසරේට . ගියාතමයි ටැබ් 10ක් විතර ඕපන් කරලා.
    අය්යා ඇද්‍යාපනිකදේ බලලා එහෙමම තියලා.
    පොඩි එකාට ෆෝන් එක දීලලුතියෙන්නෙ මේටිකේ.

    40 සහ ඊට එහා අය සමහරු වැඩිය ෆෝන් සීන් දන්නේ නෑ
    උබල දන්න, උන්ටවත් අවස්ථාව අනුව දැනුවත් කරපල්ල , නැත්තන් පොඩි උන්ට ප්‍රශ්න ඕවනිසා. :)
     
    • Like
    Reactions: Ryan08

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Open University eke wage kala nam hari
    Mama godak places wala igenagatta... Eth Open Uni eke wage books walin self study karana eka tharam set une na mokakwath

    Mama nam kianne textbook modify karala dunnanam me mulu wadeyma goda
     
    • Like
    Reactions: shamil45

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පහල ලින්ක් එකේ තියෙන පොත් පුළුවන් විදියට ළමයින්ට කියල දෙන්න. මේවා කියලා දුන්නොත් ලමයි ඉන්නේ පිටරට ස්ටෑන්ඩර්ඩ් එකට වඩා ඉස්සරහින් කියලා බය නැතිව කියන්න පුළුවන්. මගේ දුව හැම පාරකම පන්තියේ රෝල් මොඩ්ල්. ගොඩක් වෙලාවට ඉගෙනගන්නේ ඔය පොත් වලින්.

    පුළුවන් හැම විදියකින්ම උගන්නන්න. එච්ච්චරයි මිනිහෙක්ගේ අතේ තියෙන්න ඕන හොඳට ජීවත්වෙලා පරම්පරාවක් ගොඩදාන්න. වචනෙකින්වත් ඉගෙනගන්න කෙනෙක්ට වැරැද්දක් කරන්න එපා. එලොවටත් පළදෙනවා 😘


    https://elakiri.com/threads/ළමයි-ඉන්න-කුකුළන්ට.1981273/
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් හිතන්නේ Open Education System එකක් හැදුවා නම් හරි. එකේ වෙන්න ඕනේ මෙන්න මේ වගේ වැඩක්.
    අඩු පාඩු හදාගෙන යන්න තියෙන්නේ

    1. මුලින්ම අපිට පුළුවන් වෙන්න ඕනේ Grade/Level එකක් දාන්න.
    EX: Grade 1, Grade 8 , A/L , BSC

    2. දැන් පුළුවන් වෙන්න ඕනේ මේ දාපු Grade/Level එකට අදාළ සම්පුර්ණ සිලබස් එක දාන්න. එක ට්‍රී විව් එකක් වගේ අවා නම් ලේසි. මේක බලන්න, වෙනස් කරන්න වෙනම permission ලෙවෙල් ටිකක් තියෙන්න ඕනේ. මොකද මේක තමා මේකේ කී එක.

    3. දැන් උද දාපු එක නොඩ් එකක් එක path එකක්. ඒ පාත් එක
    beginner , Medium, Advance වගේ ලෙවල් වලට කඩන්න ඕනේ. කඩලා ඒ එක ලෙව්වල් එකකට Video , Audio, Notes ,Course References වගේ ඒවා ඇඩ් කරන්න හදන්න ඕනේ. මේවා රටේ ඉන්න ඕනෙම ගුරුවරයෙක්ට/ ආචාර්ය මහාචාර්ය ඔක්කොටොම දාන්න පුළුවන්.

    4. දැන් මේ ස්ටෙප් 4 එකේ දාපු ඒවා නියාමනය කරන්න වෙනම කමිටුවක් දාන්න ඕනේ. ඒ වගේම බලන student ලාගේ reviews point විදිහට ගන්න ඕනේ. එකේ ටොප් එන ඒවා තමා එක එක නොඩ් එකක උඩටම එන්නේ. ඒ වගේ filter සෙට් එකකුත් දානවා.

    5. දැන් student ට grade එක දාල register වෙන්න දෙනවා. dashboard එකක් දෙනවා එයාට අදාළ තියන සිලබස් එක ලෝඩ් කරලා දෙනවා. එයාට පුළුවන එක අස්සේ ගිහින් ඉගෙන ගන්න. අපිට පුළුවන් එක එක නොඩ් එකේ කොච්චර තව තියෙනවද study කරන්න කියල % එකක් පෙන්නන.

    6. ඒ එක්කම questioners / mock Exams/ Real-world Usage වගේ දේවල් evaluate කරන්න. මේකෙන් වෙන්නේ ගමේ ඉන්න එකාට සහ නගරේ ඉන්න එකාට එකම අද්යාපනේ ලැබෙන එක. (එකම හේතුවක් වෙනව් මේක කිසිම දවසක හැදෙන්නේ නැති වෙන්න ). දරුවා මුල ඉදන් තනිකර real world එකේ තියන්න ඕනේ. එකෙන් තමා රොබෝ වරු නොවී creative thinking's තියන සෙට් එකක් හැදෙන්නේ

    උබලගේ තියන අදහසුත් කියපල්ලා. සමහර විට මොකෙක් හරි දැකල ටිකක් හරි සහනයක් තියන දෙයක් එයි.
     
    • Like
    Reactions: shamil45