දැනුවත් වීම සඳහා නැතුව OP ට අපහාසයටත් වෙන දේකටත් නෙවෙයි. ඔය උඩ තියන එකක් වත් ඔපෙරා නෙවෙයි. සන්ගීතයේදී ඉරකින් කිසි දෙයක් බෙදලා වෙන් කරන්න බෑ.. ඒත් ඔය උඩ තියෙන්නෙ සාමාන්‍යෙන් ක්ලැසිකලි ට්‍රේන්ඩ් ගායකයො පිරිසක් ගායනා කරන ඇකපෙලා එකක්. ඔපෙරා කියන එක වෙනස්. ඒවා සින්ග් කරද්දී ඔයිට වඩා වයිබ්‍රේශන් එකයි රිසොනන්ස් එකයි ඕනෙ. හේතුව කියන්නම්. ඔය ස්ටයිල් එක හැදිලා තියෙන්නෙ ලොකූ නාට්‍යශාලා වල ඉදිරිපත් කරන්න. ඒ මයික් හොයා ගන්න ගොඩාක් කලින්. එතකොට ශාලාවේ එහා කෙලවරටම ඇහෙන්න ඕනෙ. ඒකට තමයි ඔය විදිහට හඬ හැදිලා තියෙන්නෙ. අනිත් එක ඔපෙරා ඉදිරිපත් කරද්දි අනිවාරයයෙන්ම බොහෝ දුරට වාදක මඩුල්ලක් ඉන්නවා ඒකෙ ප්‍රමුකත්වය ගන්නෙ ස්ට්‍රින්ග් ඉන්ස්ටෘමෙන්ට්ස් .. ඉතින් ඔය මොකවත් නැති නිසයි මම ඒවා ඔපෙරා ස්ටයිල් නෙවෙයි කියන්නෙ. මමත් 100% හරි නොවෙන්න පුලුහන්...මීට වඩා අදහස් තියනව නම් ඉදිරිපත් කරන්න