Operation Meegalewa - මීගලෑව මෙහෙයුම

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
Operation Meegalewa - මීගලෑව මෙහෙයුම

මොකෙක් කලත් මොන දෙයක් උදෙසා කලත් මේ වැඩේ නින්දිත අමනුෂ්‍ය වැඩක්. MH170 අතුරුදහන් වුන වෙලාවේ මෙහේ ඉදන් ඒක හොයන්න සපෝර්ට් කලා වගේ මේ පොඩි එකාව හොයන්නත් සපෝර්ට් එකක් දෙමු. දන්න මොනයම්ම හෝ තොරතුරක් තියෙනවා නම් 0774784635 , 0773361390 අංක වලට හරි 119 ට හරි දැනුම් දෙන්න. විශේෂයෙන් මේ ප්‍රදේශයේ ඉන්න අය මේකට සපෝර්ට් කරන්න.

sanj-m.gif

posters.gif

ඉකුත් 28 වැනිදා රාත්‍රි 7.30 ට පමණ මීගලෑව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී මවුපියන්ට පහරදී කපා කොටා තුවාල කර නාඳුනන සන්නද්ධ පිරිසක්‌ විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ධනිඳු ලංකානාත් ඒකනායක දරුවා පිළිබඳ කිසිදු තොරතුරක්‌ මේ වන තුරුත් ලැබී නොමැත.

දරුවා පැහැර ගැනීමේ සිද්ධිය හෝ එම දරුවා සඟවාගෙන සිටින ස්‌ථානයක්‌ පිළිබඳව තොරතුරු වෙතොත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අලහකෝන් මහතාගේ 0774784635 දුරකථන අංකයට හෝ සහකාර පොලිස්‌ අධිකාරි සමන් දිසානායක මහතාගේ 0773361390 දුරකථනය වෙත ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ පැහැරගැනීම මෙච්චර ප්‍රසිද්ධ කරපු නිසා දැන් දරුවා අරන් ගිය අය ආපහු දරුවව භාර දෙයිද කියලා සැකයි.මීඩියා වලින් මෙච්චර ලොකු පබ්ලිසිටි එකක් නොදුන්නනන් අඩුම තරමේ මේ අපරාධකාරයෝ කෝල් එකක්වත් දීලා තමන්ට ඕනේ දේ කියන්න ඉඩ තිබුනා.තමන්ගේ චැනල් එකේ නිවුස් ප්‍රමෝට් කරගන්න තමා මේ ජඩ මාධ්‍යවේදියෝ දඟලන්නේ.අනිත් මිනිස්සුන්ට හෙණගැහුවත් කමක් නෑ...අසරණ දරුපැටියව බුදුසසුන රකින දෙවිවරු රකිත්වා!
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ පැහැරගැනීම මෙච්චර ප්‍රසිද්ධ කරපු නිසා දැන් දරුවා අරන් ගිය අය ආපහු දරුවව භාර දෙයිද කියලා සැකයි.මීඩියා වලින් මෙච්චර ලොකු පබ්ලිසිටි එකක් නොදුන්නනන් අඩුම තරමේ මේ අපරාධකාරයෝ කෝල් එකක්වත් දීලා තමන්ට ඕනේ දේ කියන්න ඉඩ තිබුනා.තමන්ගේ චැනල් එකේ නිවුස් ප්‍රමෝට් කරගන්න තමා මේ ජඩ මාධ්‍යවේදියෝ දඟලන්නේ.අනිත් මිනිස්සුන්ට හෙණගැහුවත් කමක් නෑ...අසරණ දරුපැටියව බුදුසසුන රකින දෙවිවරු රකිත්වා!

    මේ වගේ දරුණු අපරාදයක් කරලා තියෙද්දී සද්ද නැතුව ඉන්නද කියන්නේ? මේක ගැන රටේ අවදානය වැඩි වෙන්න වැඩි වෙන්න දරුවට අනතුරක් කරන්න තියෙන හැකියාව අඩුයි. මොකද මුලු ලංකාවම දන්නවා සීන් එක. අනික එහෙම කරලා බේරෙන්න වෙන්නේ නෑ කියල දන්නවා ලොවෙත්.