Oscilloscope ගැන දන්නවද?

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    392659271_290.jpg

    මචන්ලා මේකෙ තියන 15, 24 ground දෙක මොකද්ද බන්
    මේකෙන් මනිනකොට probe එකේ තියන ground එකද සෘන පැත්තට තියන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    15 මචන් වෙනම ග්‍රවුන්ඩ් එකක්. ඒ කිව්වෙ ප්‍රෝබ් එකේ ග්‍රවුන්ඩ් එක ගහන්නෙ නැතුව ඕකෙන් ක්ලිප් එකක් ගහලා ග්‍රවුන්ඩ් ලෙවල් එක හදාගන්න පුලුවන්.

    24 මචන් එක්ස්ටර්නල් ට්‍රිගර් එක. ඒක පාවිච්චි වෙන්නෙ වෙන සිග්නල් එකකින් ඔසිලස්කෝප් එක ට්‍රිගර් කරන්න. ඒකෙ BNC කනෙක්ටර් එකේ පිට් කෑල්ල ග්‍රවුන්ඩ් කියල ගහල තියෙන්නේ ඔය අනිත් ප්‍රෝබ් වල ගහල තියන විදියට..:yes::yes:
     
    • Like
    Reactions: imscncl

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    15 මචන් වෙනම ග්‍රවුන්ඩ් එකක්. ඒ කිව්වෙ ප්‍රෝබ් එකේ ග්‍රවුන්ඩ් එක ගහන්නෙ නැතුව ඕකෙන් ක්ලිප් එකක් ගහලා ග්‍රවුන්ඩ් ලෙවල් එක හදාගන්න පුලුවන්.

    24 මචන් එක්ස්ටර්නල් ට්‍රිගර් එක. ඒක පාවිච්චි වෙන්නෙ වෙන සිග්නල් එකකින් ඔසිලස්කෝප් එක ට්‍රිගර් කරන්න. ඒකෙ BNC කනෙක්ටර් එකේ පිට් කෑල්ල ග්‍රවුන්ඩ් කියල ගහල තියෙන්නේ ඔය අනිත් ප්‍රෝබ් වල ගහල තියන විදියට..:yes::yes:

    :yes::yes:
     
    ඒ කියන්නෙ මච්න් ප්‍රොබ් එකේ ග්‍රවුන්ඩ් එකක්, 15 දෙකම එකම කියන එක නේද?

    මචන් ට්‍රිගර් එකෙන් වෙන්නෙ ප්ලෙ වෙනවා වගේ තියන තරංගයක් නතර කරන එක නේද?
    එකට සිග්නල් එකක් දෙන්නෙ ඇයි

    තව චුට්ටක් පැහැදිලි කරන්න පුලුවන්ද යාලු

    බොහොම ස්තූතියි යාලු :D:D

    rep
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle

    trigger signal eken thamayi osci eka sampling patan ganne.

    umba trigger level ekak (voltage) set kalaata passe, trigger input ekata labena signal eke voltage eka set karapu threshold eka panna gaman osci eka eke on karala thiyana channel tika sample karanna patan gannawa. ehema sample karana eka thamayi apita display wenne.

    so what ever apita penne trigger signal eka, trigger level eka cross kalata passe signal wala appearance eka.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    15 මචන් වෙනම ග්‍රවුන්ඩ් එකක්. ඒ කිව්වෙ ප්‍රෝබ් එකේ ග්‍රවුන්ඩ් එක ගහන්නෙ නැතුව ඕකෙන් ක්ලිප් එකක් ගහලා ග්‍රවුන්ඩ් ලෙවල් එක හදාගන්න පුලුවන්.

    24 මචන් එක්ස්ටර්නල් ට්‍රිගර් එක. ඒක පාවිච්චි වෙන්නෙ වෙන සිග්නල් එකකින් ඔසිලස්කෝප් එක ට්‍රිගර් කරන්න. ඒකෙ BNC කනෙක්ටර් එකේ පිට් කෑල්ල ග්‍රවුන්ඩ් කියල ගහල තියෙන්නේ ඔය අනිත් ප්‍රෝබ් වල ගහල තියන විදියට..:yes::yes:

    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නෙ මච්න් ප්‍රොබ් එකේ ග්‍රවුන්ඩ් එකක්, 15 දෙකම එකම කියන එක නේද?

    මචන් ට්‍රිගර් එකෙන් වෙන්නෙ ප්ලෙ වෙනවා වගේ තියන තරංගයක් නතර කරන එක නේද?
    එකට සිග්නල් එකක් දෙන්නෙ ඇයි

    තව චුට්ටක් පැහැදිලි කරන්න පුලුවන්ද යාලු

    බොහොම ස්තූතියි යාලු :D:D

    rep

    ඔව් මචෝ ඔය ග්‍රවුන්ඩ් සේරම එකට කනෙක්ට් වෙලා තියෙන්නේ.. :yes:

    ට්‍රිගර් වෙන එක ප්ලේ වෙන තරංගයක් නවත්වනව නෙමේ.. :no:පේන්නේ එහෙම තමා..:yes:

    ගොඩක් වෙලාවට උගන්නන අය කියන්නේ නෑ ඔය ගැන. හෝල්ඩ් ඕෆ් එකගැන.

    ට්‍රිගර් එක සරලව කිව්වොත් මෙහෙම දෙයක්.

    ඔසිලස්කෝප් එකේ තියනවා ට්‍රිගර් ලෙවල් එකක් කියල එකක්. ඒ කියන්නේ අපි දෙන ඉන්පුට් එක මේ ට්‍රිගර් ලෙවල් එකට වඩා වැඩිවුනොත් තමා ඔසිලස්කෝප් එක තිරේ පෙන්නන්න ගන්නේ..

    හිතන්න අපි ඔසිලස්කෝප් එකට දෙනවා කියල 5V peak to peak square wave එකක්.

    52f3c108ce395fd3368b4568.png

    අපි ට්‍රිගර් ලෙවල් එක බැරිවෙලාවත් සෙට් කරල තිබ්බොත් 6V වලට විතර ඔසිලස්කෝප් එකේ මොකුත් පෙන්නන්නෙ නැතුව යනවා එක්කෝ දුවන්න ගන්නවා තියන ට්‍රිගර් මෝඩ් එක අනුව. අපි කරකවල ට්‍රිගර් ලෙවල් එක 5ට අඩු අගයකට ගත්තොත් අපේ වේව් එක හරියට පෙන්නන්න ගන්නවා..

    සරලවම බැලුවොත් නිකම් මේ ගානට වැඩිවුනොත් පෙන්නපන් කියල කිව්ව වගේ.:yes:

    වැඩේ තියෙන්නේ ගොඩක් ඇනලොග් ඔසිලස්කෝප් වල ට්‍රිගර් ලෙවල් එක වැලුව් එකක් විදියට පෙන්නන්නේ නෑ.. අන්දයා වගේ කරකවන්න තියෙන්නේ ටිකක්. :Pඩිජිටල් ඒවගෙනම් ගානට ට්‍රිගර් වැලිව් එක පෙන්නන්නවා..

    ඔය දුවන්න ගන්නේ ට්‍රිගර් නොවුනම. එතකොට ඔසිලස්කෝප් එක ඔහේ දුවනවා පෙන්නන්න පටන් ගන්න හරි තැනක් අල්ලගන්නේ නැහුව. ඌට එන සිග්නල් එක පිලිවෙලකට නැතුව ඔහේ පෙන්නනවා. ඕකට හේතුව තව ගැඹුරට තියන්ව දන්න තරමින් ඔසිලස්කෝප් ඩිසයින් එකත් එක්ක.

    ඕකේ ප්‍රයෝජන ගොඩක් තියනවා. අපිට බලන වේව් එක එක මොහොතකදි විතරක් බලන්න පටන් ගන්න ඕනේ කියල හිතන්න. එතකොට අපිට පුලුවන් එක්ස්ටර්නල් ට්‍රිගර් එකට 5v දෙන්න. දුන්න ගමන් ඔසිලස්කෝප් එක පෙන්නන ගන්නවා. අයින් කලොත් අත අරිනව.ඒවගේ තැන් ගොඩක් තියන්වා පොඩි පොඩි වැඩ වලදි ඕන නොවුනට.

    මේක බැලුවොත් තේරෙයි.