Pacific Angel 2013 (ඇමෙරිකාව සහ ලන්කාව)

Aug 4, 2013
493
22
0
Pacific Angel 2013 (ඇමෙරිකාව සහ ලන්කාව)

කවුරු කුමන ආකාරයකට කත මැත දෙඩෙව්වත් අපේ ජනාදිපතිතුමා බටහිර සහ ඇමෙරිකාව එක්ක මිත්‍ර සම්බන්දකම් පලුදු කරගන්නෙ නැ.. මේ ඒකට උදාහරනයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදා‍‍වේ එකතුවෙන් “පැසිපික් ඒන්ජල් 2013”

Exercise_Pacific_Angel_begins_today_20130805_04p1.jpg

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදා‍වේ පැසිපික් ගුවන් හමුදාව හා ඒකාබද්ධව සිදුකරන “පැසිපික් ඒන්ජල් 2013” මෙවර ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් සිදුකිරිමට කටයුතු සුදානම් කර ඇත. කලාපයේ රටවල්වල ජන ජීවිත ගොඩනැංවීමේ අරමුණින් ගොඩනැගිලි අලුත්වැඩියා කිරිම හා වෛද්‍ය සායන ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ යාපනය ප්‍රදේශය තුල පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ඉංජිනේරු සහ වෛද්‍ය කණ්ඩායම් සහ ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදා‍වේ පැසිපික් ගුවන් හමුදා භට පිරිස් ඒකාබද්ධව 2013 අගෝස්තු මස 05 වන දින සිට 10 වන දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන අධීක්ෂණය කිරිම සඳහා විවිධ රටවල් නි‍යෝජනය කරමින් නිරීක්ෂණ කණ්ඩායම් පැමිණිමටද නියමිතය.
ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය නංවාලිමේ අරමුනින් ඔවුන්ගේ මුලික සෞඛ්‍ය ආරක්ෂණය, රෝග සඳහා ප්‍රතිකාර කිරිම සහ දන්ත සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඇල්වින් උතුර විද්‍යාලය, අච්චේලු ගම්මානය සහ ගුවන් හමුදා කටුනායක කදවුරේදි වැඩසටහන් පැවැත්වීමට කටයුතු සුදානම් කොට ඇත.
යාපනය ප්‍රදේශයේ පාසල් අලුත්වැඩියා කිරිම, ත්‍රිවිධ හමුදා ඉංජිනේරුවන් හා ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදා‍වේ පැසිපික් ගුවන් අණ භට පිරිස් ඒකාබද්දව සිදුකිරිමට නියමිතව ඇත. පුන්ලෙයික්කඩ්ඩුවාන් පෙරපාසල, කඩියපුලම් මිශ්‍ර පාසල සහ අච්චේලු සිව ප්‍රකාශ් විද්‍යාලය මේ යටතේ අලුත්වැඩියා කිරිමට නියමිතය.
මේ වැඩසටහන් හරහා හදිසි ආපදාමය අවස්ථාවකදි පැසිපික් ගුවන් හමුදා භටපිරිස් සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා හමුදාවන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පුහුණුවීම් සිදුකෙරේ.