මම සජිත්වාදියෙකුවත් ගෝඨාවාදියෙකුවත් නොවෙමි.ඒ බව මුලින්ම මම අවධාරණය කළ යුතුය. ඒ බව මගේ වෝලයේ ඉහළ පහළ යන ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැක. මා එය විශේෂයෙන් සඳහන් කරන්නේ මෙහි සිටින මහත්වරු මගේ ජාතකය සෙවීමට ඉඩ ඇති බැවිනි.
මා මෙම සටහන ලියන්නේ ලංකාවේ සිටින සමහර පිරිමින් ගැන පට්ට අපුලකිනි. සජිත් කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමක් පිළිබඳව යම් ප්‍රකාශයක් කළ ඇත.මෙය චන්ද ගුණ්ඩුවක්ද නැති නම් හරිහැටි නොදැන කරන දෙයක් දැයි කියා මම දන්නේ නැත.එහෙත් මා පෞද්ගලිකව සළකන්නේ මෙය ඉතා සාධනීය පියවරක් බවත් සියලු ජනපති අපේක්ෂකයන් අවධානය යොමු කල යුතු තැනක් බවත්ය. නමුත් මේ වන විට එයට විවිධාකාර තුට්ටු දෙකේ පෝස්ට් සෑදි ඇති අතර සමහර පිරිමි කාන්තා චන්ද ලෙස කැප්සන් දමමින් උඩ පැන ගෙන මේවා ශෙයාර් කරනු පෙනේ.
Period Poverty එසේත් නැති නම් ඔසප් දුගී බව ලංකාවේ පිරිමින්ට මැජික් වුවද ලෝකයේ ඉතා ගැඹුරින් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි. UNICEF සංවිධානයේ දත්ත වාර්තා වලට අනුව ලෝකයේ ප්‍රාමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලැබෙන්නේ 27% ට පමණි. දළ වශයෙන් ගත හොත් ආසියාතික රට වල සනීපාරක්ෂක නිෂ්පාදන භාවිතා කළ හැකි කාන්තාවන් ප්‍රමාණය මුලු කාන්තා ජනගහනයෙන් 20% කටත් අඩුය.මා අසා ඇති ආකාරයට යුරෝපා පාසල් වල සනීපාරක්ෂක තුවා නොමිලේ සපයා දෙයි. යුරෝපා රට වල පවා මෙම ගැටලුව ගැටලුවක් ලෙස සලකා පිළියම් සොයන විට ලංකාවේ ගෝත්‍රික පිරිමින්ට කාන්තාවන්ගේ ජීව විද්‍යාව හෙන ආතල්ය.
අවසාන වශයෙන් කිව යුතු වන්නේ ඔබ සජිත්ට අපහාස කරනවා නම් එය ඔබේ කාර්‍යයකි.මට අදාළ නැත.එහෙත් ඔබ අපහාස කරන්නේ ඔබේ මවට, සොයුරියට බිරිඳට හෝ දියණියට නම් දෙවරක් සිතා බලන්න.කඩේ යෑම ගෞරවනීය ලෙස කල යුතුය. නැත්තන් කෙළ වෙන්නේ ඔබ කඩේ යන අපේක්ෂකයාටමය.